පාදය නැවතත් මැතිව්ස්ට හරහට හිටී

345
AFP PHOTO

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දියානු සංචාරය යටතේ ඊයේ (11) ‘Indore’ නුවර දී පැවති දෙවන පන්දුවාර 20 තරගයේ දී ඇන්ජෙලෝ මැතිව්ස් සිය තෙවන පන්දුවාරය යොමු කරමින් සිටින අතරතුර දී පළමු කාණ්ඩයේ පාදයේ ආබාධයකට මුහුණ දීම නිසා ඔහුට පිටියෙන් ඉවත්ව යාමට සිදු විය.  

අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම පිළිතුරු ඉනිම ක්‍රීඩා කරද්දී ද ඔහු පන්දුවට පහර දීමට පැමිණියේ නැත. කෙසේ නමුත් තරගය අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 88ක දැවැන්ත පරාජයකට මුහුණ දීමට සිදු විය.

දේශාන්ගෙන් 105ක්; ජනිත් ලියනගේත් ශතකයක් අභිය‍ස!

දේශීය ක්‍රිකට් තරගාවලි අතුරින් ප්‍රමුඛ තැනක් ගන්නා අන්තර් සමාජ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ A ශ්‍රේණියේ තරග 5ක් අද (22) ආරම්භ විය.

“මැතිව්ස් තරගාවලියේ අවසන් තරගයට ක්‍රීඩා කරන් නැහැ. භෞතචිකිත්සක නිර්මාලන් ධානබලසිංහම් කියපු විදිහට ඔහුට සති 2ක වගේ කාලයක් යනකං ක්‍රීඩා කරන්න බැරිවෙයි.”

ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු අසංක ගුරුසිංහ මහතා ‘Cricbuzz’ වෙබ් අඩවිය සමඟ අදහස් දක්වමින් පවසා ඇත.

මැතිව්ස් දිගු කාලයක පටන් පාදයේ විවිධ ස්ථානවල ආබාධවලට මුහුණ දෙමින් සිටින අතර පසුගිය ජනවාරි මාසයේ දී පැවති දකුණු අප්‍රිකානු සංචාරය අතරතුර දී ද ආබාධයකට ලක්වීම නිසා ඔහුට නැවතත් ශ්‍රී ලංකාව බලා පැමිණීමට සිදු විය. පසුව ඔහු මාස 5ක කාලයක් සඳහා ක්‍රීඩාවෙන් ඉවත්ව සිටි අතර අනතුරුව නැවතත් ඔහු කණ්ඩායමට පැමිණියේ එංගලන්තයේ දී පැවති ශූරයින්ගේ කුසලාන තරගාවලියේ දී ය. එහි දී ද ඔහු ක්‍රීඩා කරනු ලැබුවේ පිතිකරුවෙක් ලෙස පමණි.

අනතුරුව පසුගිය සැප්තැම්බර් මාසයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානයට එරෙහිව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී සහභාගී වූ තරගාවලියට පුහුණුවීම් කටයුතු සිදු කරන අතරතුර ද මැතිව්ස් කෙණ්ඩ ප්‍රදේශයේ ආබාධයකට ලක්වීම නිසා සති 8ක කාලයක් සඳහා නැවතත් ඔහුට ක්‍රීඩාවෙන් ඉවත්ව සිටීමට සිදු විය. පසුව මේ වන විට පැවැත්වෙන ඉන්දියානු තරගාවලිය සඳහා ඔහුව නැවතත් ඇතුළත් කරන ලදි.

මෙම ඉන්දියානු තරගාවලිය තුළ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පිතිකරණ අංශයෙන් ඉහළම දක්ෂතා දැක්වූ ක්‍රීඩකයා මැතිව්ස් වන අතර ඔහු නවදිල්ලි නුවර දී පැවති තෙවන ටෙස්ට් තරගයේ දී මෙන්ම මොහාලි හිදී පැවති දෙවන එක්දින තරගයේ දී ද ශතක වාර්තා කර ගැනීමට සමත් විය.

   තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න