අවසන් කිරුල යුධ හමුදාවට

907
FA cup 2016 Army SC v Renown SC

කාගිල්ස් ෆුඩ් සිටි සංවිධානය කරනු ලබන කාගිල්ස් එෆ්. ඒ. පාපන්දු කුසලාන තරගාවලියේ අවසන් මහා තරඟය යුධ හමුදා කණ්ඩායම හා රිනවුන් කණ්ඩායම අතර කොළඹ සුගතදාස ක්‍රීඩා පිටියේදී ඊයේ (11) සවස විදුලි ආලෝක මැද පැවැත්විණි. මෙම තරඟය ගෝල 3-1 ක් ලෙස ජයග්‍රහණය කිරීමට යුධ හමුදා කණ්ඩායම සමත් විය.

පසුගිය ලිපි: රිනවුන් හා යුධ හමුදාව අවසන් සටනට

තරගය ආරම්භක මොහොතේ පටන්ම සැලැසුම් සහගත ලෙස රිනවුන් කණ්ඩායම ක්‍රීඩා කරන බව පෙන්නුම් කල අතර රිනවුන් කණ්ඩායමේ මොහොමඩ් රිෆ්නාස් බව තහවුරු කරමින් දක්ෂ ගෝලයක් 15වන මිනිත්තුවේදී ලබාගැනීමට සමත් විය. කෙසේ වෙතත් පළමු අර්ධයේ අතිරේක මිනිත්තුවේදී ක්‍රියාත්මක වූ යුධ හමුදා කණ්ඩායම් ක්‍රීඩක ධනුෂ්ක විජේසිරි තම කණ්ඩායමේ පීඩනය මගහරිමින් ගෝලයක් ලබාගැනීමත් සමඟම රිනවුන් කණ්ඩායමේ ක්‍රීඩක ෆැන්සිස් අග්බෙට් හා විනිසුරුතුමා අතර ඇතිවූ බහින්බස් වීමක් නිසා විනිසුරුතුමා විසින් ඔහුට කහ කාඩ්පතක් හා රතු කාඩ්පතක් පෙන්නුම් කරන ලදි.

තරගයේ පළමු අර්ධය ගෝල 1-1 ක් ලෙස දෙපිලම සම තත්ත්වයක පසුවිය

දෙවන අර්ධයේ ක්‍රීඩකයින් 10 දෙනෙකු සමඟ පිටියට පිවිසි රිනවුන් කණ්ඩායමට එරෙහිව,  දෙවන අර්ධයේ ආක්‍රමණශීලීව ක්‍රීඩා කල යුධ හමුදා කණ්ඩායම 60 වන මිනිත්තුවේදී ගෝලයක් ලබාගැනීමට සමත් විය. මොහොමඩ් ඉසඩීන් විසිනි. ඒවිට ගෝල 2-1 ක් ලෙස යුධ හමුදා කණ්ඩායම පෙරමුණේ පසුවිය. අනතුරුව යළිත් ක්‍රියාත්මක වූ මොහොමඩ් ඉසඩීන් තරඟය නිමාවට ආසන්නව තිබියදී 94 වන මිනිත්තුවේදී තවත් ගෝලයක් ලබාගෙන යුධ හමුදා කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කරන ලදි. මොහොමඩ් ඉසඩීන් තරගාවලියේ වැඩිම ගෝල ලාභියා වන අතර ඔහු ගෝල 12 ක් ලබාගැනීමට සමත් වී ඇත. අනුව,

තරඟය නිමා වූයේ ගෝල 3-1 ක් ලෙස යුධ හමුදා කණ්ඩායම ජයග්‍රහණය කරමිනි.

යුධ හමුදා කණ්ඩායම පසුගිය වසර 3 තුළ ලබාගත් දෙවන එෆ්. ඒ. කුසලානය මෙයයි. ඔවුන් මීට පෙර 2014 වර්ෂයේදී ද ශූරතාවය ලබා ගැනීමට සමත් විය. පසුගිය වර්ෂයේදී අවසන් පූර්ව වටයට පැමිණි ඔවුන්, මෙවර අවසන් පූර්ව වටයේ ගියවර ශුරයින් වූ කොළඹ කණ්ඩායම ගෝල 1-0 ක් ලෙස පරාජය කල අතර රිනවුන් කණ්ඩායම දඩුවම් පහර 4-2 ක් ලෙස සෝන්ඩර්ස් කණ්ඩායම පරදවා අවසන් මහා තරඟයට පිවිසෙන ලදි.

ThePapare.com තරගයේ වීරයා මොහොමඩ් ඉසඩීන්

තවත් පුවත් සිංහලෙන් කියවන්න – පිවිසෙන්න