හැරී කේන් ජාමේ බේරා ගද්දී ස්ටර්ලින්ග්ගෙන් ගෝල ත්‍රිත්වයක්

460
football

හැරී කේන් ජාමේ බේරා ගද්දී ස්ටර්ලින්ග්ගෙන් ගෝල ත්‍රිත්වයක් 

2019/20 එංගලන්ත ප්‍රිමියර් ලීග් තරගවාරය ආරම්භ කරමින් අද (10) මැන්චෙස්ටර් සිටි හා ලිවර්පූල් කණ්ඩායම් පහසු ජයග්‍රහණ වාර්තා කරන්නට සමත් වුනා. ටෝටන්හැම් හොට්ස්පර් කණ්ඩායමත් තියුණු තරගයකට පසුව ඇෂ්ටන් විලා කණ්ඩායම පරාජය කළේ හැරී කේන්ගේ ගෝල ද්විත්වයේ පිහිටෙන්.

සුපිරි ක්‍රීඩක ලයනල් මෙසීට පාපන්දු පිටිය තහනම්!

නිමා වූ කෝපා ඇමරිකා පාපන්දු තරගාවලියේ දී දකුණු ඇමරිකානු පාපන්දු…..

ටෝටන්හැම් අවසන් මොහොතේ දිනයි

2019/20 එංගලන්ත ප්‍රිමියර් ලීග් තරගාවලියේ සිය පළමු තරගය ක්‍රීඩා කළ ටෝටන්හැම් හොට්ස්පර් කණ්ඩායම නවක ඇෂ්ටන් විලා කණ්ඩායම පරාජය කළේ ගෝල 3–1ක් ලෙසයි. ඒ හැරී කෙන් අවසන් මිනිත්තු පහේ දී වාර්තා කළ ගෝල දෙකේ පිහිටෙන්.

ටෝටන්හැම් කණ්ඩායම ආරම්භයේ දී ම බිය වද්දන්නට ඇෂ්ටන් විලා කණ්ඩායම සමත් වූයේ 9 වැනි මිනිත්තුවේ දී සුපිරි ගෝලයක් වාර්තා කරමින්. Tyrone Mingsගේ දිගු පන්දු යොමු කිරීමක් John McGinn අලංකාර ලෙස Hugo Lloris පසු කරමින් දැල වෙත යොමු කළේ තරගයේ පළමු ගෝලය වාර්තා කරමින්.  

පළමු අර්ධය නිමා වීමට පෙර ටෝටන්හැම් කණ්ඩායම ලැබුණු එකම අවස්ථාවත් හැරී කේන්ගේ අතින් ගෝල රාමුවට ඉහළින් පාව ගියේ අවාසනාවන්ත ලෙසයි.

තරග අවසන් වීමට මිනිත්තු 17ක් තිබිය දී එතෙක් එල්ල වූ ඇෂ්ටන් විලා පීඩනයෙන් මිදීමට Lucas Moura සමත් වූ අතර ඔහු එල්ල කළ පන්දුව Tanguy Ndombele යාර 20ක සිට අලංකාර ප්‍රහාරයකින් ගෝල රාමුවේ පහළ කෙළවරින් දැල් ගත කළේ තරගයේ ගෝල සම කරමින්. 

ඇෂ්ටන් විලා ගෝල රකින්නා තරගය පුරා සුපිරි ලෙස ක්‍රීඩා කළ අතර Heaton ටෝටන්හැම් කණ්ඩයමේ ක්‍රිස්ටියන් එරික්සන්ගේ සුපිරි නිදහස් පහරක් ගෝල රාමුවෙන් ඉවතට යොමු කරන්නට සමත් විය.

කෙසේ වෙතත් Heatonගේ එක් අත්වැරැද්දකින් 86 වැනි මිනිත්තුවේ දී පන්දුව හැරී කේන්ගේ මාර්ගයට පැමිණි අතර කේන් ගෝලයට ඉතා ආසන්නයේ සිට පහසුවෙන් පන්දුව දැල තුළට යොමු කරන්නන්ට සමත් විය.   

අවසන් මිනිත්තුවේ දී ද ක්‍රියාත්මක වූ හැරී කේන් ගෝල රාමුවේ පහළින් පන්දුව දැල් ගත කළේ මැද පෙළේ අනර්ඝ පන්දු යොමු කිරීම් කිහිපයකට පසුව කණ්ඩායමේ ජය තහවුරු කරමින්. 

අවසන් ලකුණු තත්වය: ටෝටන්හැම් 3 – 1 ඇෂ්ටන් විලා

ගෝල ලබා ගත් ක්‍රීඩකයෝ

  • ටෝටන්හැම් – Tanguy Ndombele 73′, Harry Kane 86′, 90′
  • ඇෂ්ටන් විලා – John McGinn 9′

ස්ටර්ලින්ග්ගෙන් ගෝල ත්‍රිත්වයක්

2019/20 තරගවාරය ආරම්භ කරමින් මැන්චෙස්ටර් සිටි කණ්ඩායම සිය පළමු තරගයේ දී වෙස්ට් හැම් කණ්ඩායම ගෝල 5-0ක් ලෙස පරාජය කරන්නට සමත් විය. ඒ රහීම් ස්ටර්ලින්ග් ගේ ගෝල ත්‍රිත්වයත් සමඟයි.

තරගයේ පළමු ගෝලය වාර්තා කිරීමට සමත් වූයේ සුපිරි බ්‍රසීල ක්‍රීඩක ගේබ්‍රියෙල් ජේසුස්. ඩේවිඩ් සිල්වාගේ පන්දු යොමු කිරීමක් කයිල් වෝකර් දක්ෂ ලෙස ජේසුස් දෙසට යොමු කළ අතර ඔහු පළමු ගෝලය සම්පූර්ණ කිරීමට සමත් විය.

Kevin De Bruyne සිටි කණ්ඩායම වෙනුවෙන් ක්‍රමයෙන් තරගයේ පාලනය තමන්ගේ අතට ගත අතර පළමු අර්ධයෙන් පසු 6 වන මිනිත්තුවේ දී ඔහුගේ සහයෙන් ස්ටර්ලින්ග් ලකුණු පුවරුව ගෝල 2-0ක් බවට පත් කරන ලදි.

ගේබ්‍රියෙල් ජේසුස් තමන් මැන්චෙස්ටර් සිටි කණ්ඩායම වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කළා යැයි සිතුවත් විනිසුරු VAR තාක්ෂණය යොදා ගෙන එම ගෝලය නිර්මාණය කිරීමේ දී ස්ටර්ලින්ග් Off Side ස්ථානයක සිටියේ යැයි පවසමින් ගෝලය නිෂ්ප්‍රභ කළේය. මේ මෙවර තරග වාරයේ VAR ඔස්සේ කණපිට හැරුණු පළමු විනිසුරු තීරණයයි.

Pep Guardiolaගේ මැන්චෙස්ටර් සිටි කණ්ඩායම දිගින් දිගටම ආක්‍රමණයේ යෙදුණු අතර තරගයේ මිනිත්තු 15ක් පමණක් ඉතිරිව තිබිය දී Fabianskiගේ හිසට ඉහළින් පන්දුව පා කළ ස්ටර්ලින්ග් සිටි කණ්ඩාමේ තෙවැනි ගෝලයත් වාර්තා කළා.

අතිරේක ක්‍රීඩකයෙකු ලෙස පිටියට පිවිසුණු සර්ජියෝ අගුවෙරෝ දඬුවම් පහරක් මඟින් සිව්වැනි සිටි ගෝලය රැස් කරන්නට සමත් වුනා. ඊට මොහොතකට පෙර ඔහු ලබා ගත් නිදහස් පහරක් ප්‍රතිවාදී ක්‍රීඩකයින්ගේ අනිසි ක්‍රියාවක් නිසා යළිත් ඔවුන්ට ලබා දීමට විනිසුරු තීරණය කිරීම විශේෂත්වයක්.

තරගයේ අවසන් ගෝලයත් වාර්තා කරන්නට ස්ටර්ලින්ග් සමත් වූ අතර මෙවරත් ඔහු Fabianskiව නොමග යැව්වේ අලංකාර ලෙසයි. මේ 2010 වසරේ චෙල්සි කණ්ඩායම වෙනුවෙන් Didier Drogba, ප්‍රිමියර් ලීග් ආරම්භක සති අන්තයේ දී ගෝල ත්‍රිත්වයක් වාර්තා කිරීමෙන් පසුව ආරම්භක සති අන්තයක දී වාර්තා වූ පළමු ගෝල ත්‍රිත්වයයි.

අවසන් ලකුණු තත්වය: මැන්චෙස්ටර් සිටි 5 – 0 වෙස්ට්හැම්

ගෝල වාර්තා කළ ක්‍රීඩකයෝ

  • මැන්චෙස්ටර් සිටි – Gabriel Jesus 25′, Raheem Sterling 51′, 75′, 90 +1′, Sergio Agüero 86′ (pen)

සලාහ් ප්‍රමුඛ ලිවර්පූල් කොඩුකාරයින් මට්ටු කරයි

2019/20 තරගවාරය සඳහා එංගලන්ත ප්‍රිමියර් ලීග් තරගාවලිය අද (10) ආරම්භ වූ අතර කෝඩුකාර Norwich City කණ්ඩායම පරාජය කරමින් ප්‍රබල ලිවර්පූල් කණ්ඩායම ගෝල 4-1ක සුපිරි ජයක් වාර්තා කරන්නට සමත් විය.

පසුගිය වසරේ ප්‍රිමියර් ලීග් ලකුණු සටහනේ දෙවන ස්ථානයට පත් වුණු ලිවර්පූල් කණ්ඩායම මෙවර තරගවාරයේ පළමු තරගයෙන් සුපිරි ජයක් වාර්තා කළේ පෙර මොහොමඩ් සලාහ්ගේ හා Virgil van Dijk ගේ සුපිරි ගෝලවල දායකත්වයෙන්.

7 වැනි මිනිත්තුවේ දී Grant Hanley අතින් සිදු වූ අත්වැරදීමක් ලිවර්පූල් වෙත ගෝලයක් නොමිලේ ලැබුණු අතර Mohamed Salah Virgil van Dijk පළමු අර්ධයට පෙර නැවත ගෝල වාර්තා කළේ Norwich කණ්ඩායමට පහර පිට පහර එල්ල කරමින්.

42 වැනි මිනිත්තුවේ දී Divock Origi සිව්වැනි ගෝලයත් ලිවර්පූල් ලකුණු සටහනට එකතු කරන්නට සමත් වූ අතර ඒ ලිවර්පූල් කණ්ඩායම වෙනුවෙන් ඔහුගේ 100 වැනි තරගය වීම විශේෂත්වයක්. කෙසේ වෙතත් දෙවන අර්ධයේ දී Jurgen Kloppගේ ලිවර්පූල් කණ්ඩායම කිසිදු ගෝලයක් වාර්තා කිරීමට අසමත් වූ අතර Teemu Pukki, Anfield කණ්ඩායම වෙනුවෙන් හුදකලා ගෝලයක් වාර්තා කරන්නට සමත් විය.

කෙසේ වෙතත් මෙම තරගයේ දී ලිවර්පූල් කණ්ඩායමට දරුණු පහරක් එල්ල වුනේ ඔවුන්ගේ සුපිරි ගෝල රකින්නා ඇලිසන් බෙකර් ආබාධයකට ලක්ව තරගයෙන් ඉවත් වීමත් සමඟයි. පළමු අර්ධයේ දී ආබාධයට ලක් වූ ඔහු වෙනුවට සිය මංගල තරගය ක්‍රීඩා කළ Adrian කණ්ඩායමට ඇතුළු කිරීමට ලිවර්පූල් කණ්ඩායමට සිදු වුනා.

Origi පිටියේ වම් පස සිට එල්ල කළ හරස් පන්දු යොමු කිරීමක් Norwich කණ්ඩායමේ නායක Hanleyගේ පාදයේ වැදී දැල තුළට ගියේ ලිවර්පූල් කණ්ඩායමට වාසනාවන්ත ආරම්භයක් ලබා දෙමින්.

Marco Stiepermann හට ලැබුණු දෙවන ආසන්න අවස්ථාවත් ඔහු අපතේ යැවූ අතර ලිවර්පූල් කණ්ඩායම සිය ගෝල සැණකෙළිය ආරම්භ කළේ රොබර්ටෝ ෆර්මිනියෝගේ අලංකාර පන්දු යොමු කිරීමක් මොහොමඩ් සලාහ් විසින් අලංකාර ලෙස Tim Krul පසු කරමින් ගෝලය වෙත යොමු කළ නිසයි.

Norwich කණ්ඩායම දිගින් දිගටම ප්‍රබල ආක්‍රමණයක් එල්ල කරන්නට Van Dijk සමත් වූ අතර ඔහුගේ උත්සහයන් සාර්ථක කරමින් 28 වන මිනිත්තුවේ දී සලාහ්ගේ හරස් පන්දු යොමු කිරීමක් ඔහුගේ හිසෙන් දැල් ගත වූයේ Norwich ආරක්ෂකයින්ට සිතා ගැනීමටත් ඉඩක් නොතබමින්. ඇලිසන් කණ්ඩායමේ නොමැති වුනත් ලිවර්පූල් ආරක්ෂක වළල්ල ඔවුන්ගේ ගෝලය ඉතා හොඳින් ආරක්ෂා කළ අතර පළමු අර්ධය නිමා වීමට පෙර Origi දක්ෂ ලෙස තවත් ගෝලයක් වාර්තා කළේ Alexander-Arnold ගේ අලංකාර පන්දු යොමු කිරීමක් උපයෝගී කර ගනිමින්.

දෙවන අර්ධයේ දී Norwich කණ්ඩායම යම් උද්‍යෝගයකින් ක්‍රීඩා කරන්නට සමත් වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස Emiliano Buendiaගේ පන්දු පිරිනැමීමකින් Pukki සුපිරි ගෝලයක් වාර්තා කළේ සිය කණ්ඩයමේ ගෞරවය ආරක්ෂා කර ගනිමින්.

Alexander-Arnold’sගේ නිදහස් පහරක් අලංකාර ලෙස වළක්වන්නට 85 වැනි මිනිත්තුවේ දී Krul සමත් වූ අතර අවසන් තත්පරයේ දී ලිවර්පූල් කණ්ඩායමට දැවැන්ත ජයක් හිමි කර දෙමින් Onel Hernandezගේ ප්‍රහාරයක් Adrian වළක්වන්නට සමත් විය.

අවසන් ලකුණු තත්වය: ලිවර්පූල් 4 – 1 නොර්විච් සිටි

ගෝල ලබා ගත් ක්‍රීඩකයෝ

  • ලිවර්පූල් – Grant Hanley 7′ (og), Mohamed Salah 19′, Virgil van Dijk 28′, Divock Origi 42′
  • නොර්විච් සිටි – Teemu Pukki 64′

බයර්න් මියුනික් ගෝල 23-00ක් ලෙස ප්‍රතිවාදීන් හඬවයි!

ජර්මානු බුන්ඩස්ලීගා ශූරයින් වන ප්‍රබල බයර්න් මියුනික් කණ්ඩායම නවක කණ්ඩායමක් වන FC Rottach-Egern කණ්ඩායම සමඟ පැවති පුහුණු තරගයක දී දැවැන්ත ගෝල 23-00ක ලකුණු පුවරුවක් නිර්මාණය කළේ සිය ප්‍රතිවාදීන්ට දරුණු අභියෝගයක් එල්ල කරමින්.

ජර්මානු ශූරයින් සෑම මිනිත්තු 4කටම වරක් ගෝලයක් බැගින් වාර්තා කර තිබුණු අතර එය පාපන්දු ලොවේ නව වාර්තාවක් බවට ද පත්ව තිබුණා. ප්‍රංශ ලෝක ශූර Corentin Tolisso ගෝල හතරක් වාර්තා කළ අතර සුපිරි ප්‍රහාරක රොබට් ලෙවන්ඩොස්කි ගෝල ත්‍රිත්වයක් ද වාර්තා කළා.

පුහුණු තරගයක් වුවත් බයර්න් මියුනික් කණ්ඩායමේ පුහුණුකරු නිකෝ කොවැක් කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයින් සියල්ලටම තරගය ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබා දී තිබුණේ ලබන සතියේ ආරම්භ වන 2019/20 ජර්මානු බුන්ඩස්ලීගා පාපන්දු තරගාවලියට පෙර පුහුණුවීම් ලබා දීමේ අරමුණින්.

මෙවර තරග වාරය සඳහා බයර්න් මියුනික් කණ්ඩායම ඇත්ලෙටිකෝ මැඩ්රිඩ් කණ්ඩායමෙන් සුපිරි ප්‍රංශ ක්‍රීඩක ලුකාස් හර්නැන්ඩේස් මිල දී ගත් අතර ඔහු මේ තරගයේ දී බයර්න් වෙනුවෙන් සිය පළමු තරගයට සහභාගී වුනා.

ලුකාස් හර්නැන්ඩේස්, රොබර්ට් ලෙවන්ඩොස්කි, මැනුවෙල් නොයර්, ටෝලිස්සෝ වැනි ප්‍රබල ක්‍රීඩකයින් සියල්ල තරගය ආරම්භ කළේ මේ තරගය ඔවුන් පුහුණු තරගයක් ලෙස නොගන්නා බව පෙන්වමින්.

යොවුන් ක්‍රීඩක Sanches පළමු ගෝලය වාර්තා කිරීමෙන් පසුව මිනිත්තු හයක් යන තුරු ඔවුන්ට යළිත් ගෝලයක් වාර්තා කිරීමට හැකියාවක් ලැබුණේ නැහැ.

අනතුරුව බයර්න් සුළි සුළඟ ආරම්භ වූ අතර පළමු අර්ධය අවසන් වන විට බයර්න් කණ්ඩායම ගෝල 11–00ක් ලෙස ඉදිරියෙන් සිටීමට සමත් විය.

Thomas Muller හා Joshua Kimmich දිගින් දිගටම ආධුනික FC Rottach-Egern කණ්ඩායම ප්‍රබල පීඩනයක් යෙදුවේ ඔවුන්ගේ අවසන් බලාපොරොත්තුවත් උදුරා ගනිමින්.

ක්‍රීඩකයින් තිදෙනෙක් ගෝල ත්‍රිත්ව වාර්තා කළ අතර තරගය පුරා එකිනෙකට වෙනස් ක්‍රීඩකයින් 10ක් ගෝල වාර්තා කිරීම විශේෂත්වයක්.

ප්‍රබල ක්‍රීඩකයින් රැසක් හා බෙන්ජමින් පවාර්ඩ්, හර්නැන්ඩේස් වැනි නවක ක්‍රීඩකයින්ගෙන් ද මෙවර බයර්න් මියුනික් කණ්ඩායම සවිමත් ව ඇති අතර ඔවුන් පසුගිය සතියේ පවතී AUDI කුසලාන පුහුණු තරගවල දී රියාල් මැඩ්රිඩ්, AC මිලාන් වැනි ප්‍රබල කණ්ඩායම් රැසක් ද පරාජය කරන්නට සමත් වුණා.

කෙසේ වෙතත් ඔවුන් බොරූසියා ඩොර්ට්මුන්ඩ් කණ්ඩායම සමඟ පවතී DFL- සුපර්කප් අවසන් මහා තරගය ගෝල 2-0ක් ලෙස අවාසනාවන්ත ලෙස පරාජය වුනා.

දඬුවම් පහර මැන්චෙස්ටර් සිටි පිළට ජය ගෙනෙයි

ඊයේ (05) පැවති Community Shield තරගාවලියේ අවසන් තරගය ජයග්‍රහණය…..

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<