යුධ හමුදාව ඉදිරියේ සොලිඩ් ලැජ්ජාවට පත්වෙයි

844
DCL super 8 week 6 Army SC v Solid SC

ඩයලොග් ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ සුපිරි අට දෙනාගේ වටයේ ගෝල 07-00ක් ලෙස යුධ සෙබළුන් ජයග්‍රහණය ලබා ගනිමින් 6 වැනි තරග සතිය අදින් (17) ආරම්භ විය. ඒ සුපුරුදු ක්‍රීඩා පිටිය වූ කැලණිය පාපන්දු සංකීර්ණයේ දීයි.

නාගුර් මීරා කොළඹට ජය ගෙනෙයි

ඩයලොග් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලියේ පස්වැනි සතියේ අවසන් තරගය අද (14) පැවැත්වුණේ කොළඹ පාපන්දු සමාජයට එරෙහිව නාවික හමුදා ක්‍රීඩා සමාජය අතරයි.

පසුගිය සතිය ද නිව් යංග්ස් හමුවේ ගෝල 05-00ක් ලෙස ජයග්‍රාහීව අවසන් කල යුධ හමුදාව ජයග්‍රාහී මනසකින් තරගයට පිවිසෙද්දි සොල්ඩ් කණ්ඩායම බ්ලූ ස්ටාර් හමුවේ ගෝල 02-00ක් ලෙස පරාජය ලබමින් මෙම තරගයට පිවිසෙන ලදී.

පළමු අර්ධය තුලදීම ගෝල 5ක් තමන් සතු කරගන්නට සමත් වූ යුධ හමුදාව ජයග්‍රාහී මනසකින් යුතුව විවේකාගාරය බලා පිටත් වූයේ ප්‍රතිවාදීන්ට කිසිදු ලකුණක පහස විදීමට ඉඩ නොතබමිනි.

සොලිඩ් කණ්ඩායමේ දුර්වල ආරක්ෂක ක්‍රම හමුවේ තරගයේ පළමු මිනිත්තු 30 වන විට ගෝල 3ක් වාර්තා කරන්නට ජයග්‍රාහකයෝ සමත් වූහ.

කෙසේ නමුත් තරගයේ අමිත් කුමාර හට ලකුණු ලබා ගැනීමට තිබු අනගි අවස්ථාවකට හරස් වූයේ ඔවුන්ගේම දුර්වලතාවයන්ය.

පළමු අර්ධයේ දී ගෝල 03ක් වාර්තා කල මොහොමඩ් ඉසඩීන් වැඩි ගෞරවයක් ලබා ගත් අතර ලකුණු පුවරුවට අනෙක් ලකුණු 2 එකතු කලේ මධුෂාන් ද සිල්වා සහ තිවංක චන්ද්‍රසේකර විසිනුයි.

ප්‍රථම අර්ධය: සොලිඩ් ක්‍රීඩා සමාජය 00 – 05 යුධ හමුදා ක්‍රීඩා සමාජය

මධුෂාන‍් ද සිල්වාගේ දෙවැනි ගෝලයක් සමඟින් දෙවැනි අර්ධයට පන්නරය ලබා ගත් යුධ හමුදාවෝ ප්‍රථම අර්ධය මෙන්ම දෙවැනි අර්ධය ද උද්යෝගයෙන් යුතුව සහ ප්‍රවේගකාරීව ක්‍රීඩා කිරීමට සමත් වූහ.

කෙසේ නමුත් තරගයේ දෙවැනි අර්ධයේ දී ගෝල ලබා ගන්නටත්, ප්‍රතීවාදීන් නවතා ලන්නටත් යෙදූ සෑම ප්‍රයත්නයක්ම ආසර්ථක වීම මඟින් සොලිඩ්ගේ දුර්වල ස්ථාන මනාව විදහා දැක්වේ.

ආදේශක ක්‍රීඩකයෙකු ලෙස පිටියට පැමිණි තරින්දු ධනුශ්ක විසින් වාර්තා කරන ලද ගෝලයත් සමඟින් තරගය නිමාවට පත්වූයේ සොලිඩ් කණ්ඩායමට පරාජය උරුම කරදෙමිනි.

සොලිඩ් ක්‍රීඩා සමාජයට අසුබදායක ලෙස නිමා වුනු මෙම තරගය පාපන්දු වාර්තා පොත් හි විශේෂියෙන් සඳහන් වන තරගයක් බව නම් නොඅනුමානයි.

අවසන් ලකුණු තත්වය: සොලිඩ් ක්‍රීඩා සමාජය 00 – 07 යුධ හමුදා ක්‍රීඩා සමාජය

ThePapare.com තරගයේ වීරයා: මධුෂාන් ද සිල්වා (යුධ හමුදා ක්‍රීඩා සමාජය)

ගෝල වාර්තා කල ක්‍රීඩකයින්

මධුෂාන් ද සිල්වා 13’, 47’, තිවංක චන්ද්‍රසේකර 25’, මොහොමඩ් ඉසඩීන් 28’, 41’, 44’, තරින්දු ධනුශ්ක 89’

 තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට