නාගුර් මීරා කොළඹට ජය ගෙනෙයි

1712
DCL 5th Week Navy v Colombo fc

ඩයලොග් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලියේ පස්වැනි සතියේ අවසන් තරගය අද (14) පැවැත්වුණේ කොළඹ පාපන්දු සමාජයට එරෙහිව නාවික හමුදා ක්‍රීඩා සමාජය අතරයි. එහි දී ගෝල 3-1ක් ලෙස ජය ලබා ගත්තේ කොළඹ පාපන්දු සමාජයයි.

දෙවන අර්ධයේ දී නිව් යංග්ස් වැනසූ යුධ හමුදා ප්‍රහාරය

අද (13) කැලණිය ක්‍රීඩාංගණයේ දී පැවති ඩයලොග් ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ සුපිරි අටදෙනාගේ වටයේ තරගයක දී ගෝල 5-0ක් වශයෙන්…

ප්‍රථම අර්ධයේදීම ගෝල දෙකක් වාර්තා කරමින් ඔවුන්ට ජය ගෙන ආවේ ඉදිරිපෙළ ක්‍රීඩක නාගුර් මීරා ය.

ඉක්මන් කෝණ අවස්ථා දෙකක් සමඟින් තරගය ආරම්භ කරන්නට නාවික හමුදා ක්‍රීඩකයින් සමත් වූ අතර කොළඹ පාපන්දු ක්‍රීඩකයින් තරගයට අවතීර්ණ වූයේ තමාට සුපුරුදු පන්දු හුවමාරු දක්ෂතා ප්‍රදර්ශනය කරමිනි.

තරගයේ 20 වැනි මිනිත්තුවේදී මීරා වෙත ලැබුණු අගනා පන්දු යොමුවක් ගෝලයක් බවට පරිවර්තනය කරගන්නට නාගුර් මීරා සමත් වූයේ කොළඹ ක්‍රීඩකයන් ඉදිරියට ගෙන යමිනි.

ඉන් මිනිත්තු 3ක් ඉක්ම යන තැන දී යළි ක්‍රියාත්මක වූ ඩේවිඩ් ඔසාජි, ප්‍රතිවාදී ගෝල රකින්නා වූ උදයංග රෙජිනෝල්ඩ්ගේ දෑත් අතරින් පන්දුව ගෝලය තුළට යවමින් පරතරය දෙගුණ කරගත්තේය.

කොළඹ පාපන්දු සමාජීය ගෝල රකින්නා වූ මොහොමඩ් ඉම්රාන් හට ඉකුත් තරගයේ දී රතු කාඩ්පතක් හිමිව තිබීම හේතුවෙන් මේ තරගයේ දී ඔවුන්ගේ ගෝල රැකීමේ කාර්යයට යොදවා තිබුණේ මොහොමඩ් අස්ලාන් ය. 34 වැනි මිනිත්තුවේ දී ඔහුට අභියෝග කරන්නට නාවික ක්‍රීඩකයන් සමත් වූ නමුත් එය අසාර්ථක විය.

නාවිකයන් පන්දු හුවමාරු සිදුකරමින් තරගයට අවතීර්ණ වෙත්ම, කොළඹ කණ්ඩායමේ නාගුර් මීරා සිය දෙවන ගෝලයත් වාර්තා කළේ අෆීස් ඔලායෙමි ලබා දුන් මනා පන්දු යොමුවේ පිහිටෙනි.

පළමු අර්ධය: කොළඹ පාපන්දු සමාජය 3-0 නාවික හමුදා ක්‍රීඩා සමාජය.

දෙවන අර්ධය ඇරඹුණේ කැලණිය ක්‍රීඩාංගණයට කඩා හැලුණු වර්ෂාව මධ්‍යයේය. 58 වැනි මිනිත්තුවේ දී නාගුර් මීරාගෙන් එල්ල වූ ප්‍රහාරයක් නාවික ගෝලයේ හරස් දණ්ඩේ පතිත වී පිටතට විසිවිය.

නමුත් කිසිවෙකු නොසිතු මොහොතක නාවික හමුදාවේ චතුරංග සංජීව එල්ල කළ ප්‍රහාරයක් කොළඹ ගෝලය තුළට ඇදී ගියේය.

පසුව නාවික හමුදා ආක්‍රමණය දැඩි වූ අතර කනගරාජා සුදර්ශන් එල්ල කළ පහරක් ද කොළඹ ගෝල රකින්නා විසින් නවතා ගනු ලැබීය. 85වැනි මිනිත්තුවේ දී සිය ගෝල ත්‍රිත්වය සම්පුර්ණ කර ගැනීමේ අදිටනින් ඉදිරියට ගිය මීරාව නවතා ගනු ලැබුවේ නාවික කණ්ඩායමේ ප්‍රසන්න සංජීව විසිනි.

උණුසුම් තරගයක් ලෙසින් තරගය අවසන් වුවත් ප්‍රථම අර්ධයේදීම ඉදිරිය ලබා ගත් කොළඹ පාපන්දු සමාජයට ජය හිමිවිය.

සම්පුර්ණ කාලය: කොළඹ පාපන්දු සමාජය 3-1 නාවික හමුදා ක්‍රීඩා සමාජය.

ගෝල වාර්තා කළ ක්‍රීඩකයන්.

  • කොළඹ පාපන්දු සමාජය – නාගුර් මීරා 20′ 41′, ඩේවිඩ් ඔසාජි 23′.
  • නාවික හමුදාව – චතුරංග සංජීව 61′.

කහ කාඩ්පත් – ධම්මික රත්නායක (නාවික හමුදාව)

තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට