“ජෝෂුවා vs රුයිස්” සඳහා කාල වකවානු තීරණය කෙරේ

101
©fightsports.tv

පසුගිය ජුනි මාසයේ දී ලෝක හෙවිවෙයිට් බොක්සිං කිරුළ පැළඳි ඇන්ඩි රුයිස් සහ කිරුළ අහිමි වූ ඇන්තනී ජෝෂුවා අතර දෙවන තරගය සඳහා කාල වකවානු තීරණය වී තිබෙනවා.

බෝංචි ඇට සහ බත් කා, ශූරයාව බිම දැමූ ඇන්ඩි රුයිස්

හෙවිවෙයිට් බොක්සිං ඉතිහාසය අනපේක්ෂිත…….

එය ඇමරිකාවේ නිව්යෝක් නුවර පැවැත්වෙන්නේ නම් නොවැම්බර් මාසයේ දීත්, බ්‍රිතාන්‍යයේ කාඩිෆ් හි පැවැත්වෙන්නේ නම් දෙසැම්බර් මාසයේ දීත් පැවැත්විය හැකි බවයි වාර්තා වන්නේ. තමන්ට ඕනෑම රටක දී ඊට සහභාගී විය හැකි බව IBF, WBA, WBO  නව ලෝක ශූර ඇන්ඩි රුයිස් පවසා තිබුණා. එබැවින් තරගය නිව්යෝක්හි පැවැත්වෙන්නේ නම් නොවැම්බර් 29 වැනිදාත්, කාඩිෆ්හි පැවැත්වෙන්නේ නම් දෙසැම්බර් 14 වැනිදාත් පැවැත්වෙනවා ඇති.

නම් සඳහන් නොවන තවත් රටවල් දෙකක් ද මේ තරගය සඳහා අයැදුම් කොට ඇති බැව් වාර්තා වනවා. එහෙත් තරගය මුදලින් පිරුණු තරගයක් වීම සහ විශාල ප්‍රේක්ෂක ප්‍රමාණයකට නැරඹීමේ අවස්ථාව ලැබිය යුතු තරගයක් නිසා එය නිව්යෝක්හි මැඩිසන් චතුරස්‍ර වේදිකාවේ හෝ කාඩිෆ් හි පැවැත්වෙනවා.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<