ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවකට ඉන්දියාවෙන් ආරාධනාවක්

264

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම් නායිකාව වන චමරි අතපත්තු ඉන්දියාවේ පැවැත්වෙන කාන්තා අභියෝගතා කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය නියෝජනය කිරීමට අවස්ථාව හිමිව ඇත. මෙම තරගාවලිය මැයි මස 6 වැනිදා සිට 11 වැනිදා දක්වා ජායිපූර් හිදී පැවැත්වීමට නියමිතයි.

ලොව පුරා කාන්තා ක්‍රිකට් නංවාලිය යුතුයි – එලයිසා හීලි

ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ කඩුලු රකින පිතිකාරිනියක් ……..

වෙලෝසිටි, සුපර්නෝවා හා ට්‍රේයිබ්ලෙසර්ස් යන කණ්ඩායම් තුනේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම කාන්තා ක්‍රිකට් තරගාවලිය කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය වෙනස් කරන තරගාවලියක් වනු ඇති බවට ඉන්දීය ක්‍රිකට් බලධාරීන් විශ්වාසය පළ කරයි.

කාන්තා ක්‍රිකට් වර්ධනය කිරීම වෙනුවෙන් ඉන්දීය ක්‍රිකට් පරිපාලනය පියවර කිහිපයක්ම ගෙන ඇති අතර එහි තවත් එක් පියවරක් ලෙස සැලකෙන “කාන්තා අභියෝගතා කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය” ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කාන්තා තරගාවලියේ ලෙස ද ඔවුන් සලකයි.

ඉන්දිය ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ සිටින ප්‍රබල ක්‍රීඩිකාවන් වන මිතාලියා රාජ්, හර්මන්ප්‍රීට් කවුර් හා ස්ම්රිති මන්දාන පිළිවෙළින් වෙලෝසිටි, සුපර්නෝවා හා ට්‍රේයිබ්ලෙසර්ස්  යන කණ්ඩායම් තුනේ නායිකාවන් ලෙස කටයුතු කරන අතර ශ්‍රී ලංකා ප්‍රහාරාත්මක පිතිකාරිණියක් මෙන්ම දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩිකාවක් වන චමරි සුපර්නෝවා කණ්ඩායම වෙනුවෙන් තරග වැදීමට නියමිතයි.

රවුන්ඩ් රොබින් (Round-robin) ආකාරයට පැවැත්වෙන තරගාවලියේ මූලික වටය අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන් සිටින පළමු කණ්ඩායම් දෙක මැයි මස 11 වැනිදා පැවැත්වෙන අවසන් මහා තරගයේ දී එකිනෙකා මුණගැසෙනු ඇත.

RCB කණ්ඩායමේ සුපිරි ක්‍රීඩකයෙකු IPL වලින් ඉවතට

2019 IPL තරගාවලියේ රෝයල් චැලේන්ජ් බැංගලෝර් කණ්ඩායම නියෝජනය ……

ශ්‍රී ලංකාවේ චමරි අතපත්තුට අමතරව එංගලන්තය, නවසීලන්තය, බටහිර ඉන්දීය කොදෙව් හා බංග්ලාදේශය නියෝජනය කරන ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩිකාවන් කිහිප දෙනෙක් ද මේ කණ්ඩායම් 3 තුල සිටීම තරගාවලියේ තරගකාරීත්වයට හා ලොව පුරා සිටින ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගැනීමට විශාල පිටිවහලක් වනු නිසැකය.

පසුගිය සැප්තැම්බර් මස දී සංචාරක ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ දී චමරි ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනුවෙන් සිය තුන් ඉරියව් දක්ෂතා ප්‍රදර්ශනය කරන්නට සමත් විය.

තරග 3කින් සමන්විත වූ එක්දින තරගාවලියේ දී ලකුණු 205ක් ලබා ගත් ඇය තරග 5කින් සමන්විත වූ විස්සයි – විස්ස ක්‍රිකට් තරගාවලියේ දී ලකුණු 107ක් වාර්තා කරගත්තේය. එම දස්කම් නිසා ලෝක ක්‍රිකට් කාන්තා පිතිකාරිණියන් අතර පළමු දස දෙනා අතරට පැමිණීමට පවා චමරිට හැකි විය.

කාන්තා අභියෝගතා කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දෙවන අදියර මෙය වන අතර මෙහි පළමු අදියර පසුගිය වසරේ දී කණ්ඩායම් දෙකක සහභාගිත්වයෙන් ප්‍රදර්ශනාත්මක තරගයක් ලෙස පැවැත්විය. එම තරගය සඳහා ද ඕස්ට්‍රේලියාව, එංගලන්තය හා නවසීලන්තය නියෝජනය කරමින් ක්‍රීඩිකාවන් කිහිප දෙනෙක්ම පැමිණ සිටිනු දක්නට ලැබුණි.

ලෝක කිරුළේ සිංහයෝ කොයිබට ද?

එළඹෙන ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගී වන ප්‍රමුඛ පෙළේ කණ්ඩායම් …….

තරග කරනු ලබන සංචිත:

සුපර්නෝවා: හර්මන්ප්‍රීට් කවුර් (නායිකාව), අනුජා පටෙල්, අනුරාධතී රෙඩ්ඩී, චමරි අතපත්තු (ශ්‍රී ලංකාව), ජෙමීමා රොද්‍රිගස්, ලීචා ටූහූ (නවසීලන්තය), මන්ෂි ජෝෂි, නතාලියා ස්කයිවර් (එංගලන්තය), පුන්මා යදෙව්, ප්‍රියා පුන්‍යා, රාධා යදෙව්, සොෆියා ඩෙවයිනි (නවසීලන්තය), ටානියා භාටියා, පුහුණුකරු – ඩබ්. වී. රාමන්  

ට්‍රේයිබ්ලෙසර්ස්: ස්ම්රිති මන්දාන (නායිකාව), භාති ෆුමාලි, දයාලන් හේමලතා, දීප්ති ශර්මා, හාරිලින් ඩියෝල්, ජාසියා අක්තාර්, ජූලියාන් ගෝස්වාමි, ආර්. කල්පනා, රාජේශ්වරී ගයාක්වාද්, ශකීරා සෙල්මන් (බටහිර ඉන්දීය කොදෙව්), සොෆියා ඉක්විස්ටෝන් (එංගලන්තය), ස්ටැෆනි ටේලර් (බටහිර ඉන්දීය කොදෙව්), සුසී බේට්ස් (නවසීලන්තය) , පුහුණුකරු – බිජූ ජෝර්ජ්

වෙලෝසිටි: මිතාලියා රාජ් (නායිකාව), අමෙලිය කේර් (නවසීලන්තය), ඩැනියෙල් වයිට් (එංගලන්තය), දේවිකා වයිඩියා, එක්ටා බිශ්ට්, හේලි මැතිව්ස් (බටහිර ඉන්දීය කොදෙව්), ජහානා අලාම් (බංග්ලාදේශය), කොමාල් ශන්සාඩ්, ෂෆාලි වෙර්මා, ශිඛා  පාන්ඩ්‍යා, සුෂ්මා වෙර්මා, සුෂ්රි ඩිබ්යාදර්ශනී, වෙදා ක්‍රිෂ්නමුර්ති, පුහුණුකරු – මම්ටා මේබන්

තරග කාලසටහන

  • මැයි 6  – සුපර්නෝවා හා ට්‍රේයිබ්ලෙසර්ස්
  • මැයි 8  – ට්‍රේයිබ්ලෙසර්ස් හා වෙලෝසිටි
  • මැයි 9  – සුපර්නෝවා හා වෙලෝසිටි
  • මැයි 11 – අවසන් මහා තරගය

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<