ලෝක කුසලානය සැහැල්ලුවට ගත් කොදෙව්වෝ වැඩ වරද්දා ගනිති

ක්‍රිකට් ක්‍රීඩාවේ නොපිට පෙරලුණු සටකපටකම් (දෙවන කොටස)

102
Getty Images

1996 ලෝක කුසලානයේ අවසන් පූර්ව තරගයට කොදෙව් කණ්ඩායම පැමිණීම එක්තරා ආකාරයක අහම්බයක් කියන්නත් පුළුවන්. කොදෙව්වන් එවර ලෝක කුසලාන තරගාවලියේ දී කෝඩුකාර කෙන්යානුවන් ඉදිරියේ පවා ඉතාම නින්දිත අන්දමින් පරාජයට පත්වුණා.

එකා එකා පිටිය මැදට අරන් ඇවිත් මරන්නේ – ක්‍රිකට් පිටියේ සටකපටකම්

පැට්‍රික් පැටර්සන් කියන්නේ බටහිර ඉන්දීය කොදෙව්….

ලෝක කුසලාන තරගාවලිය පුරාවටම සිය අණසක පතුරවාගෙන සිටි දකුණු අප්‍රිකානු කණ්ඩායම අර්ධ අවසන් පූර්ව තරගයේ දී පරාජයට පත් කරමිනුයි කොදෙව්වන් අවසන් පූර්ව තරගයට පැමිණියේ. 

ප්‍රබල දකුණු අප්‍රිකානුවන්ට එරෙහිව බ්‍රයන් ලාරා දියත් කළ අති විශිෂ්ට ඉනිම මෙහි දී අමතක කරන්න බැහැ.

එදා චන්දිගාර් නුවර ආරම්භ වූ ඕස්ට්‍රේලියානු- බටහිර ඉන්දීය කොදෙව් ලෝක කුසලාන අවසන් පූර්ව තරගයට කොදෙව්වන්ට ඔවුන් ලබා ගත් ආරම්භයට වඩා සාර්ථක ආරම්භයක් ලබා ගන්නට හැකි දැයි සැබැවින්ම සැකයක් තිබෙනවා.

ස්ටීව් වෝ ඕස්ට්‍රේලියානු ඉනිමේ හතරවැනි කඩුල්ල ලෙසින් දැවී යන විට ලකුණු පුවරුවේ සටහන් වුනේ ලකුණු 15ක් පමණයි. ඒ වන විට ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ප්‍රබලතම පිතිකරුවන් සියලුම දෙනා ක්‍රීඩාගාරයේ.

කඩා වැටුණු ඕස්ට්‍රේලියානු ඉනිම සවිබල ගැන්වීමේ වගකීම පැවරුණේ ස්ටුවර්ට් ලෝට සහ කවදත් විශ්වාසවන්ත එක්දින පිතිකරුවෙකු වූ මයිකල් බෙවන්ගේ කරමතට. ලෝ සහ බෙවන් රැස් කරගත් අර්ධ ශතක හේතුවෙන් සටනක් දිය හැකි ගෞරවනීය ලකුණු ප්‍රමාණයක් ලකුණු පුවරුවට එක් කරන්නට ඕස්ට්‍රේලියානුවන්ට එදා හැකියාවක් ලැබුණා.

තමන්ට නියමිත පන්දුවාර පනහ අවසානයේ කඩුලු අටක් දැවී ලකුණු 207ක් රැස් කරගන්නට ඕස්ට්‍රේලියානුවන්  සමත් වුනා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි බටහිර ඉන්දීය කොදෙව්වන් ඉතාම සාර්ථක ආකාරයෙන් සිය අභියෝගයට මුහුණ දෙන ස්වරූපයක් පෙනෙන්නට තිබුණේ.

වරෙක කොදෙව්වන්ට ජයග්‍රහණය සඳහා අවශ්‍ය වුණේ පන්දු 54කින් ලකුණු 43ක් ඒ වෙනුවෙන් ඔවුන් අතේ කඩුලු අටක්ම ඉතිරිවී තිබුණා.

නමුත් සියල්ල වෙනස් වීමට එතරම් කාලයක් ගියේ නැහැ. නම් දැරූ පිතිකරුවෙකු වූ ශිව්නාරීන් චන්ද්‍රපෝල් තුන්වන කඩුල්ල ලෙසින් දැවීයන විට කොදෙව්වන් අපූරු උපක්‍රමයක් තෝරාගත්තා.

තමන්ගේ කණ්ඩායමේ සිටි පසුපෙළ පිතිකරුවන් කිහිප දෙනෙකු නම් දැරූ පිතිකරුවන්ට ඉහළින් එවන්නට ඔවුන් තීරණය කර තිබුණා.

එලෙස පැමිණි රොජර් හාපර්ට මෙන්ම ඔටිස් ගිබ්සන්ට ද සාර්ථකවීමට ඕස්ට්‍රේලියානුවන් ඉඩ ලබා දුන්නේ නැහැ.

තරගාවලිය පුරාවටම දැඩි අසාර්ථකත්වයක් පෙන්වූ නම් දැරූ පිතිකරුවෙකු වූ කීත් ඇතර්ටන්ට එදත් අවාසනාවන්ත දවසක්.

එලෙස කොදෙව් කණ්ඩායමේ කඩුලු එකිනෙක බිඳ වැටෙන විට අනෙක් අන්තයේ නායක රිචී රිචර්ඩ්සන් හුදකලා සටනක් දියත් කරමින් සිටියා.

අවසානයේ බටහිර ඉන්දීය කොදෙව්වන්ට අත්වුණේ ලකුණු පහක සියුම් පරාජයක්.

තමන් භාවිතා කළ උපක්‍රම වැරදී ගිය බව කොදෙව්වන්ට තේරුම් යන විට ඕස්ට්‍රේලියානුවන් ශ්‍රී ලංකාව සමඟ ලෝක කුසලාන අවසන් මහා තරගයට යන්නට සූදානම් වෙමින් සිටියා. ඉන්පසු කිසිම දිනක බටහිර ඉන්දීය කොදෙව්වන්ට ලෝක කුසලානවල ඉහළ ආසන දිනා ගන්නට හැකියාවක් ලැබුණේ නැහැ.

කට වරද්දාගත් ග්‍රේග් තෝමස්

විවියන් රිචර්ඩ්ස් කියන්නේ කාලයක් ලෝකයේ පන්දු යවන්නන් බියෙන් සලිත කළ පිතිකරුවෙක්. හෙල්මටයක් රහිතව චුයින්ගම් එකක් එහෙම හප හප බොහොම සැහැල්ලුවෙන් පන්දු යවන්නන්ට මුහුණ දුන්නත් ඔවුන්ට  කිසිම අනුකම්පාවක් නොදක්වන පිතිකරුවෙක් ලෙස රිචර්ඩ්ස් ප්‍රචලිත.

එංගලන්ත ප්‍රාන්ත තරගාවලියක දී සමර්සෙට් කණ්ඩායමත් ග්ලැමෝගන් කණ්ඩායමත් අතර පැවැත්වුන තරගයේ දී අපුරු සිදුවීමක් වුනා. පන්දුවට පහර දෙමින් හිටියේ රිචර්ඩ්ස්. ඔහු ගැන ඒ වෙන කොට ගොඩක් දෙනා දැන  ගෙන හිටියේ නෑ. ක්‍රිකට් ක්‍රීඩාවට ආපු අලුතම වගේ නිසා. පන්දු යවමින් සිටියේ ග්ලැමෝගන් පිලේ ග්‍රේග් තෝමස්. තෝමස්, රිචර්ඩ්ස්ට යවපු පළමු පන්දුවම රිචඩ්ස් පරාජය කරමින් කඩුලු රකින්නා අතට ඇදී යවනවා. රිචර්ඩ්ස් ළඟට එන තෝමස් මෙහෙම කියනවා. 

“ඒක රතු පාටයි තමුසෙට පේනවා අඩු ද?”

 රිචර්ඩ්ස් චුයින්ගම් එක හප හප සුපුරුදු සිනහවෙන්ම ඉවත බල ගන්නවා. ඊළඟ පන්දුව එලෙසම නැවත වතාවක් රිචර්ඩ්ස් ගේ පිත්ත පරයා කඩුලු රකින්නා අතට ඇදී යද්දී තෝමස්ගේ ප්‍රතිචාරය වෙන්නේ මෙහෙම එකක්.

“ඒක  රවුම්,අවුන්ස පහක් විතර බරයි. තමුසේට තාම  ඒක පෙනුණේ නැද්ද?”

නමුත් රිචඩ්ස්ගේ ප්‍රතිචාරය පෙර පරිදිම ඉතාම සැහැල්ලු එකක්. 

ග්‍රේග් තෝමස් එවන ඊළඟ පන්දුව රිචර්ඩ්ස්ගේ සුපුරුදු වේගවත්  පහරත් සමඟ නවතින්නේ ක්‍රීඩාංණයෙන් ඉවතටම ගොසින්. තෝමස් ළඟට යන රිචර්ඩ්ස් හිනාවෙලා මෙහෙම කියනවා 

“ග්‍රේග්, ඔහේ දන්නවනේ ඒක මොන විදිය ද කියල පාටත් එක්කම දැන් ගිහින් ඒක ඇහිදන් එනවා”.

null

මීට සමාන සිද්ධියක් ශ්‍රී ලංකාවෙන් ද වාර්තා වුනා. මහදේවන් සතාසිවම් කියන්නේ බොහෝ දෙනෙක් කියන විදියට ශ්‍රී ලංකාවෙන් බිහි වූ හොඳම පිතිකරුවා.

සතාසිවම්ගේ ඇත්තටම කිව්වොත් චරිතයක්. බොහොම කෙළිලොල් චරිතයක් බව කියවෙන සතාසිවම් පිටියට මැදට ආවාම නම් කිසිවෙකුට මෙල්ල කරන්නට බැරි පිතිකරුවෙක්.

මේ සිදුවීම වෙද්දී සතාසිවම්ට තරමක් වයසයි කියලයි කියවෙන්නේ. මේ කියන තරගයේ සතාසිවම් පිතිහරඹයට පැමිණෙන විට පන්දු යවමින් සිටියේ තරුණ පන්දු යවන්නෙක්. 

මේ තරුණ පන්දු යවන්නා උපක්‍රමයක් ලෙසින් සතාසිවම් ඉලක්ක කරගෙන කෙටි පන්දු කිහිපයක් යවන්න තීරණය කරනවා. 

ක්‍රිකට් ක්‍රීඩාවේ තුන්ලොවට අධිපති දෙවිඳු සෝබර්ස්!

ඔහුට ක්‍රිකට් පිටියේ කරන්නට නොහැකි දෙයක් තිබුණේම නැත. රෑ එළිවෙන තුරු අඩිපුඩි ගසා කිසිවක් නොවූ…

කොයිතරම් ප්‍රබල ක්‍රීඩකයෙක් වුනත් වයසත් එක්ක ප්‍රතික්‍රියා කරන වේගය අඩු වෙනවනේ. ඉතින් මේ පන්දු ඉදිරියේ සතාසිවම් තරමක අපහසුතාවයකට පත්වුණාලු. 

මේ නිසාම සතාසිවම් පන්දු යැවූ තරුණ ක්‍රීඩකයාට කිට්ටු කරල මෙහෙම කියනවා.

“පුතා මට හරි වයසයි. ඒ නිසා මට ඔය වගේ බවුන්සර් පන්දු එවන්න එපා.”

නමුත් හිතුවක්කාර තරුණ පන්දු යවන්නා සතාසිවම් කී දෙය ගැන කිසිම තැකීමක් කරන්නේ නැහැ. ඒ වෙනුවට ඔහු තවත් කෙටි පන්දුවක් සතාසිවම්ට එල්ල කරනවා. 

එවර යැවූ පන්දුවට සතාසිවම් ක්‍රීඩාංගණයෙන් ඉවතට යන්නට දැවැන්ත හුක් පහරක් එල්ල කළ බවයි කියවෙන්නේ.

හූ හඬට කදිම පිළිතුරක් දුන් කෙවින් පීටර්සන්.

කෙවින් පීටර්සන් කියන්නේ එංගලන්තයෙන් බිහි වූ විශිෂ්ටතම පිතිකරුවෙක්. පීටර්සන් උපන්නේ දකුණු අප්‍රිකාවේ පීටර්මරිට්ස්බර්ග් නුවර. දකුණු අප්‍රිකාවේ තිබුණ කෝටා ක්‍රමයට අකැමැති වූ පීටර්සන් වාසනාව සොයා එංගලන්තයට යනවා.

නොටිහැම්ෂයර් ප්‍රාන්ත කණ්ඩායමට ක්‍රීඩා කිරීමෙන් අනතුරුව හැම්ප්ෂයර් කණ්ඩායම සමග එක්වූ පීටර්සන් එහි දී ඉහළ දස්කම් දක්වනවා. ඔහුගේ දස්කම් අනුව වැඩිකල් නොගොස්ම පීටර්සන්ට එංගලන්ත වරම් හිමි වෙනවා.

එලෙස එංගලන්ත වරම් දිනූ පීටර්සන් ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ ඇරඹුමේ දී ම දකුණු අප්‍රිකානු සංචාරයක නිරත වෙන්න ඔහුට සිදු වෙනවා. 

මෑඩ් මැක්ස්, තැන්පත් අරවින්දයක් කළ මේට්ලන්ඩ් පෙදෙසේ හටන

1987 වසරේ එක්තරා අවාසනාවන්ත සමයක නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමක් මෙරට සංචාරයක නිරත වෙමින් සිටියහ.

තමන්ගේ උපන් බිමට විරුද්ධව වෙනත් රටකට ක්‍රීඩා කරන පීටර්සන්ට දකුණු අප්‍රිකානු ප්‍රේක්ෂකයින්ගෙන් ලැබෙන්නේ යහපත් ප්‍රතිචාරයක් නෙවෙයි.

පිතිකරණයට පිටියට ගිය වේලේ පටන් ඔවුන් පීටර්සන්ට හූ හඬ නිකුත් කරමින් අවලාද නගනවා.

නමුත් ඒ උපක්‍රම කිසිවක් සතේකට මායිම් නොකරන පීටර්සන් තරග හතකින් සමන්විත එක්දින තරගාවලිය තුළ අගනා ශතක තුනක් රැස් කරගන්නවා. අවාසනාවකට එංගලන්තය මෙම තරගාවලිය 4-1ක් ලෙස පරාජයට පත්වුනත් පීටර්සන් ඉනිම හයකින් ලකුණු 454ක් ලබා ගන්නවා. එදා කණ්ඩායම් දෙකෙන්ම ඉහළතම ලකුණු ලාභියා වෙමින් තරගාවලියේ වීරයා බවට පත්වුණෙත් හූ හඬ හමුවේ නොසැලුණු කෙවින් පීටර්සන්.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<