බෙන් ස්ටෝක්ස්ගේ ඡායාරූපයට බිරිඳගෙන් පිළිතුරු

72

පසුගිය දා එංගලන්තයේ පැවති වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමයේ සම්මාන ප්‍රදානෝත්සවයක දී බෙන් ස්ටෝක්ස් ඔහුගේ බිරිඳගේ මුහුණෙන් අල්ලා ගෙන සිටින ඡායාරූපයක් බොහෝ දෙනාගේ අවධානයට යොමුව තිබුණි. 

එම ඡායාරූපය ප්‍රසිද්ධ වීමෙන් අනතුරුව බෙන් ස්ටෝක්ස් හා ඔහුගේ බිරිඳ අතර යම් ගැටුමක් ඇති බවට ප්‍රචාරයක් පැතිර ගියේය. කෙසේ වෙතත් එම ප්‍රචාරයන් සියල්ල අසත්‍ය බවට බෙන් ස්ටෝක්ස්ගේ බිරිඳ තහවුරු කර ඇත.

ට්විටර් පණිවිඩයක් මඟින් බෙන් ස්ටෝක්ස්ගේ බිරිඳ ක්ලෙයාර් ස්ටෝක්ස් ඇය හා බෙන් අතර කිසිදු ගැටුමක් නැති බව පවසා සිටියාය. එහි දී ඇය එම මතභේදයට හේතු වූ ඡායාරූපය ද පළකර තිබුණි. 

“මට විශ්වාස කරන්නත් බෑ මිනිස්සු මේ හදන දේවල්.”

“මම හා බෙන් ගොඩක් ආදරෙන් ඉන්න දෙන්නෙක්. අපි දෙන්නා මුහුණ අල්ලා ගෙන සිටින ඡායාරූපයක් යොදාගෙන ඒක විකාර කතාවක් බවට පත්කරලා. අපි එහෙම කරන්නේ අපේ ආදරය පෙන්වන්න. මෙම ඡායාරූපය අරන් මිනිත්තු 20කට පස්සේ අපි මැක්ඩොනල්ඩ්ස් එකට ගිහින් ආදරණීය රෑ කෑමක් පවා ගත්තා.”

බෙන් ස්ටෝක්ස් තම බිරිඳගේ මෙම ට්විටර් පණිවිඩයට ප්‍රතිචාර දක්වා තිබුණේ හාදුවක් ලබාගෙන ඉමොජියක් මගිනි. 

නවසීලන්තයේ උපත ලැබූ බෙන් ස්ටෝක්ස් 2019 ලෝක කුසලානය ජයග්‍රහණය කළ එංගලන්ත කණ්ඩායමේ ප්‍රබලතම ක්‍රීඩකයා බවට පත්වීමට ද සමත් විය. 28 හැවිරිදි බෙන් ස්ටෝක්ස් මෙම සම්මාන ප්‍රදානෝත්සවයේ දී වසරේ ක්‍රීඩකයන්ගේ ක්‍රීඩකයා සම්මානයෙන් පිදුම් ලැබුවේය. 

එංගලන්ත හා වේල්ස් ක්‍රිකට් ආයතනය මෙම සිදුවීම පිළිබඳව ප්‍රකාශයක් නිකුත් කළ අතර ඔවුන් පවසා සිටියේ එම උත්සවයට සහභාගි වූ අනෙකුත් ක්‍රීඩකයන්ට මෙන්ම ඔවුන් බෙන් ස්ටෝක්ස්ට හා ක්ලෙයාර් ස්ටෝක්ට කතා කළ බවත් ඔවුන් දෙදෙනා එසේ ගැටුමකින් නොසිටි බවත්ය. 

“අපි බෙන්ට වගේම ක්ලෙයාර්ට කතා කළා. අනෙකුත් ක්‍රීඩකයන්ට වගේම. ඔවුන්ගේ එසේ ගැටුමක් තිබුණේ නෑ. ඡායාරූපවල කුමක් තිබුනත් එහෙම ගැටුමක් අපි දැක්කේ නෑ.” එංගලන්ත ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියෙකු වන ටොම් හැරිසන් පවසා සිටියා. 

සිංහයින්ට එරෙහිව කැන්ගරුවන්ගෙන් ප්‍රබල සංචිතයක්

ශ්‍රී ලංකාව හා පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ජාත්‍යන්තර…

“මෙතන කාරණය ඒක නෙවෙයි. ගෘහස්ථ හිංසනයට ලක්වන මිලියන ගණනක් මේ සමාජයේ සිටිනවා. ඔවුන් මෙම ඡායාරූපය ගොඩක් බැරෑරුම්ව ගෙන තිබෙනවා.”

බෙන් ස්ටෝක්ස් එංගලන්තයට පළමු ලෝක කුසලානය හිමිකරදීමට ප්‍රබල වගකීමක් ඉටු කළ ක්‍රීඩකයෙකි. අවසන් තරගයේ දී නවසීලන්තයට එරෙහිව ලකුණු 84ක් ලබා ගනිමින් වැඩිම ලකුණු ලාභියා වීමට ද බෙන් සමත් විය. 

ලෝක කුසලානයට පසුව පැවති ඕස්ට්‍රේලියා එංගලන්ත අළුබඳුන ටෙස්ට් තරගාවලියේ දී බෙන් ස්ටෝක්ස් වාර්තා කළ ලකුණු 135 තුන්වැනි ටෙස්ට් තරගයේ ජයග්‍රහණය එංගලන්තයට හිමිකර දීමට සමත් වූ අතර එය දැඩි කතාබහට ද ලක්විය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<