ශ්‍රී ලංකා ක්‍රිකට්වලට එරෙහිව අවිශ්ක උසාවි යයි

11903

හිටපු ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් ක්‍රීඩකයෙකු හා ශ්‍රී ලංකා A කණ්ඩායමේ හිටපු පුහුණුකරු ලෙස කටයුතු කළ අවිශ්ක ගුණවර්ධන මහතා, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් තමාගේ සේවය අනීතික ලෙස අත්හිටුවීමට එරෙහිව CA (w) 253/19 දරන පෙත්සම අභියාචනාධිකරණයේ ගොනුකර තිබේ.

ශක්තිමත් හා එකමුතු මැදපෙළක් ඕන – අර්ජුන රණතුංග

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට ඉදිරියට යාමට අවශ්‍ය නම් මැදපෙළ…

2017 වසරේ දෙසැම්බර් මාසයේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වුණු T10 ක්‍රිකට් තරගාවලිය අතරතුර දී, චෝදනාවන් කිහිපයක් සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍ය ක්‍රිකට් පරිපාලනය වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නුවන් සොයිසා හා අවිශ්ක ගුණවර්ධන දෙදෙනාට 2019 වසරේ මැයි මස 10 වැනිදා චෝදනා ගොනු කරනු ලැබීය.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී අංශය විසින් අනාවරණය කරන පරිදි එක්සත් අරාබි එමීර් රාජ්‍ය ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී පනතේ පහත සඳහන් කර ඇති වගන්ති 2ක් ගුණවර්ධන මහතා විසින් උල්ලංඝනය කර ඇත.

අවිශ්ක ගුණවර්ධනට එරෙහිව ගොනු කර තිබෙන චෝදනා මෙසේයි,

  • 2012 පනතේ 2.1.4 වගන්තිය – 2.1.1 වගන්තිය උල්ලංඝනය කිරීම සඳහා ක්‍රීඩකයින් පෙලඹ වීම, බලපෑම් කිරීම හෝ අනිසි ලෙස බලපෑමට ලක් කිරීම හෝ දිරිගැන්වීම
  • 2014 පනතේ 2.4.5 වගන්තිය – දූෂණ විරෝධී ඒකකය සඳහා තොරතුරු ලබා දීම ප්‍රමාද කිරීම, ඒ සඳහා සහභාගී නොවීම.

කෙසේ නමුත් මෙහි දී ගුණවර්ධන මහතා ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයට (ICC) හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඇති අධිකරණ බලය සම්බන්ධයෙන් මෙමගින් ඔහු අභියෝගයට ලක් කිරීමට බලාපොරොත්තු වේ. තවද, වංක චේතනාවන් හා වෙනත් අරමුණු හේතුවෙන් මෙම ක්‍රියාවන් සිදු වන බවට ද ඔහු චෝදනා කර සිටී.

මෙසේ සිදු කිරීම නීත්‍යනුකූල නොවන බව පවසමින් 2019 වසරේ මැයි මස 13 වැනිදා විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ගුණවර්ධන මහතාගේ පාර්ශවය සිය අදහස් පවසා සිටි අතර මේ එම හමුවේ දී ගුණවර්ධන මහතා සිදු කළ විශේෂ ප්‍රකාශයයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<