ඒ 1930 අප්‍රේල් 02 වැනිදා ය. ශ්‍රී ලංකාව සමඟ සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම කොළඹ ඕවල් පිටියේ දී ටෙස්ට් තරගයක් ක්‍රියාත්මක විය.
මෙම තරගය දැක බලා ගැනීමට විශාල පිරිසක් පැමිණ සිටියේ ශ්‍රී ලංකා කණ්ඩායමට සහයෝගය දැක්වීමට නොව ඒ වන විට ලොවම මවිත කරමින් සිටි සුවිශේෂී ක්‍රීඩකයකුගේ පිතිහරඹය දැක බලා ගැනීම සඳහා ය.

ටෙස්ට් ක්‍රිකට් පිටියේ නවකයින් තිදෙනා
ක්‍රිකට් ලෝකය අයර්ලන්තය සහ ඇෆ්ගනිස්ථානය ටෙස්ට් තරග සඳහා පිළිගැනීමට සූදානමෙන් …..
ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කූටමුන්ද්‍රා (Cootamundra) හි උපත ලබන බ්‍රැඩ්මන් තම කුඩා කාලය බොව්රාල් හීදි ගත කළේය. කුඩා කල සිටම ක්‍රිකට් ක්‍රීඩාවට මහත් ඇල්මක් දක්වන මොහු තනිවම ක්‍රිකට් ක්‍රීඩා කළේ නිවස පිටුපස ඇති තාප්පයට ගොල්ෆ් බෝලයකින් ගසා ආපසු එන විට එයට පහර දීමෙනි.

මොහුගේ ස්වර්ණමය තරගාවලිය ලෙස හැඳින්වෙන්නේ 1930 අළුබඳුන තරගාවලිය යි. එහි දී ටෙස්ට් තරග 5ක දී ලකුණු 974ක් ලබා ගන්නා ඔහු තරගාවලියක ලබා ගත් වැඩිම ලකුණු සඳහා වන ලෝක වාර්තාව තමා සතු කර ගැනීමට සමත් විය.
1928 – 1948 දක්වා පුරා වසර 20ක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සිටි ඩොනල්ඩ් බ්‍රැඩ්මන් එවකට තිබූ සියලු වාර්තා බිඳ දමමින් සෑම ඉනිම් තුනකට වරක්ම ශතකයක් වාර්තා කිරීමට තරම් ප්‍රබල පිතිහරඹයක් ප්‍රදර්ශනය කළේය. මෑතක් වන තුරුම ක්‍රිකට් ලොව ත්‍රිත්ව ශතක 2කට හිමිකම් කියූ එකම ක්‍රීඩකයා වූයේ බ්‍රැඩ්මන් ය.
ලෝක යුද්ධය නිසාවෙන් ක්‍රිකට් ක්‍රීඩාවට කන කොකා හැඬීම සිදු විය. ඒ අනුව ක්‍රිකට් තරග අඩ දශකයක් යන තුරු නොපැවතිණි. එය එසේ නොවුනි නම් බ්‍රැඩ්මන් කොහේ නවතීදෝ කාහටවත් කිව නොහැකිය.
කෙසේ වෙතත් 1948 එංගලන්තයේ දී ඔහු සිය අවසන් තරගයට සහභාගි විය. එහි දී ඔහු තවත් ලකුණු 4ක් ලබා ගත්තා නම් ඔහුගේ පිතිකරණ සාමාන්‍ය සියයට 100ක් වීමට තිබුණි. ඔහුගේ මෙම අසාමාන්‍ය හැකියාව නිසා මහ රැජිණ විසින් 1949 දී නයිට් පදවියක් ද ප්‍රදානය කළේය.

පළමු පෙළ තරග: – 234
- ලකුණු – 28067
- සාමාන්‍ය – 95.14
- ශතක – 117
- අර්ධ ශතක – 69
- වැඩිම ලකුණු – 452
ටෙස්ට් තරග: – 52
- ලකුණු – 6696
- සාමාන්‍ය – 99.94
- ශතක – 29
- අර්ධ ශතක – 13
- වැඩිම ලකුණු – 334
ක්‍රිකට් ක්‍රීඩාවට අමතරව ඔහු සතුව විශේෂ දස්කම්, ගුණාංග රාශියක් තිබුණි. ඒ අතර ඔහුගේ ලේඛන හැකියාව කැපී පෙනේ.
1935 දී How to Play Cricket හා 1958 දී ප්‍රකාශයට පත් වූ The Art of Cricket යන කෘතීන් ඔහු විසින් එළිදැක්වූ ඒවා වන අතර ඒවා ක්‍රිකට් ක්‍රීඩාවේ සම්භාව්‍ය කෘති ලෙස ද සැලකේ. තවද සිය චරිතාපදානය 1950 දී Farewell to Cricket යනුවෙන් එළිදැක්වූ අතර එය ඉතාම ප්‍රසිද්ධියට පත්විය.

ක්‍රිකට් ලොවම හඬවමින් ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් 2001 දී මෙලොවින් සමුගත්තේය. ඔහුගේ නාමය අදටත් ඕස්ට්‍රේලියාව තුල ආරක්ෂිත නාමයකි. එම නාමය කිසිදු දෙයක් සඳහා එරට රජයේ අනුමැතිය නොමැතිව භාවිත කළ නොහැකිය. මේ අසහාය ක්‍රීඩකයාගේ සැමරීම් සහිත බ්‍රැඩ්මන් කෞතුකාගාරය ඔහු ගැන දැන ගන්නට ඇති හොඳම ස්ථානය ලෙස හැඳින්වීමට හැක. ක්‍රිකට් පිටිය පිත්තෙන් දික්විජය කළ එතුමා අමරණීය යි.
>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<






















