ඕස්ට්‍රේලියා සංචාරයේ තරග කාල සටහන නිකුත් වේ

422
Australia tour sri lanka

එලඹෙන ජුලි මස පැවැත්වීමට නියමිත ඔස්ට්‍රේලියානු තරග සංචාරයේ තරග කාළ සටහන මේ වන විට නිකුත් වී ඇත.

එහි සදහන් වන පරිදි එය ටෙස්ට් තරග 3ක්, එක් දින තරග 5ක් සහ 20-20 තරග දෙකකුත් ලෙස පැවැත්වෙනු ඇති.

වසර 5කට පසුව ඕස්ට්‍රේලියානු කණ්ඩායම මෙලෙස දිවයිනට පැමිණෙන අතර අවසන් වරට පැවැත්වු ටෙස්ට් තරගාවලියෙන් 1-0 ක් ලෙස ඔස්ට්‍රේලියාව ජය ගන්නා ලදි.

පළමු ටෙස්ට් තරගය ජුලි මස 26 වන දා පල්ලේකැලේ ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.

තරග කාලසටහන

  • පළමු ටෙස්ට් තරගය පල්ලෙකැලේ‍ – ජුලි මස 26 – 30
  • දෙවැනි ටෙස්ට් තරගය ගාල්ල – අගෝස්තු 4 – 8
  • තෙවැනි ටෙස්ට් තරගය කොළඹ – අගෝස්තු 13 – 17
  • පළමු එක්දින තරගය කොළඹ – අගෝස්තු 21
  • දෙවැනි එක්දින තරගය කොළඹ – අගෝස්තු 24
  • තෙවැනි එක්දින තරගය දඹුල්ල – අගෝස්තු 28
  • සිවුවැනි එක්දින තරගය දඹුල්ල  – අගෝස්තු 31
  • පස්වැනි එක්දින තරගය පල්ලේකැළේ – සැප්තැම්බර් 04
  • පළමු විස්සයි 20 තරගය පල්ලෙකැලේ – සැප්තැම්බර් 06
  • දෙවන විස්සයි 20 තරගය කොළඹ – සැප්තැම්බර් 09