වැස්සේ දියත් වූ තෙවැනි අදියරෙන් ශ්‍රී ලංකාවට අමිහිරි මතක

87

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වැනි අදියර අද (29) කොළඹ දී නිමා වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමට සිව්වැනි ස්ථානය හිමිකර දෙමිනි. තරගාවලිය කොළඹ තුරඟ තරග පිටියේ දී පැවැත්විය. 

ශ්‍රී ලංකා කණ්ඩායම හා චීන කණ්ඩායම තුන්වැනි ස්ථානය සඳහා තරග වැදුණු අතර දෙවන අර්ධයේ අවසන් මිනිත්තු කීපයේ දී ප්‍රබල ක්‍රීඩා රටාවක් අනුගමනය කළ චීන කණ්ඩායම තරගය ජයග්‍රහණය කළේ ලකුණු 27-12ක් ලෙසිනි. 

ශ්‍රී ලංකාව හා චීනය අතර තරගය ආරම්භයේ දී ම වේගවත් ක්‍රීඩා රටාවක් අනුගමනය කළ චීන කණ්ඩායම වෙනුවෙන් Junkui Liu ලකුණු පුවරුව ක්‍රියාත්මක කිරීම ආරම්භ කළේය. 

දෙවන උත්සාහක දිනුම ද චීන කණ්ඩායම විසින් වාර්තා කළ අතර එම අවස්ථාව වන විට ශ්‍රී ලංකා ක්‍රීඩක ඉරෝශන් සිල්වා කහ කාඩ්පතක් නිසා ක්‍රීඩා කළේ නැත. එම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ලබා ගත් චීන කණ්ඩායමේ Bowei Jia එම උත්සාහක දිනුම වාර්තා කළේය. 

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ලකුණු පුවරුව ක්‍රියාත්මක කිරිම ආරම්භ කළේ නායක දන්ෂ දයාන් විසිනි. කෙවින් ඩික්සන් ප්‍රබල චීන ඉදිරිපෙළ හමුවේ පන්දුව මීටර් 60ක් පමණ ඉදිරියට රැගෙන යාමට සමත් විය. 

තරගයේ පළමු අර්ධය අවසන් වීමට පෙර තම තුන්වැනි උත්සාහක දිනුම ද වාර්තා කිරීමට චීන කණ්ඩායම සමත් විය. ඒ Luda Liu විසිනි. 

දෙවන අර්ධය ආරම්භයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට බලාපොරොත්තු රැගෙන එමින් බුද්ධිම පියරත්න දක්ෂ ලෙස උත්සාහක දිනුමක් වාර්තා කළේ ලකුණු පරතරය 5ක් දක්වා අඩු කරමිනි. එම උත්සාහක දිනුමට ප්‍රතිචාර දක්වමින් චීන කණ්ඩායම ද උත්සාහක දිනුමත් වාර්තා කළේය. ඒ Luda Liu විසිනි. 

තරගයේ අවසන් මිනිත්තු කීපයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම තරමක් අසාර්ථක ක්‍රීඩා රටාවක් පෙන්වූ අතර චීන කණ්ඩායම තවත් උත්සාහක දිනුමක් මගින් ලකුණු තත්ත්වය 27ක් බවට පත්කර ගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායම 12කට සීමා කරමිනි. 

අවසන් ලකුණු තත්ත්වය: ශ්‍රී ලංකාව 27 – 12 චීනය 

සත්කාරක දේශයේ ප්‍රහාරයෙන් රග්බි ලෝකය උඩුයටිකුරු වෙයි

දිනෙන් දින උණුසුම් වන 2019 රග්බි ලෝක කුසලාන තරගාවලියේ දෙවන සතියේ අන්තය…

අවසන් පූර්ව තරග

ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් පූර්ව තරගයේ දී ජපානය හමුවේ තරග වැදිනි. එහි දී ජපානය ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රබල අභියෝගයක් වෙමින් උත්සාහක දිනුම් හතක් වාර්තා කළ අතර ශ්‍රී ලංකා කණ්ඩායම එක් උත්සාහක දිනුමක් හෝ වාර්තා කළේ නැත. 

ජයග්‍රාහී ජපාන කණ්ඩායම වෙනුවෙන් Chihito Matsui හා Taichi Yoshizawa උත්සාහක දිනුම් දෙක බැගින් වාර්තා කළ අතර Yoshikazu Fujita, Jose Seru හා Naoki Motomura එක් උත්සාහක දිනුම බැගින් වාර්තා කළේය. ශ්‍රී ලංකා කණ්ඩායම එක් උත්සාහක දිනුමක් හෝ වාර්තා කළේ නැත. 

අවසන් ලකුණු තත්ත්වය: ශ්‍රී ලංකාව 00 – 45 ජපානය 

ජපන් වික්‍රමය සමාජ මාධ්‍ය ජාලා කලඹයි

රග්බි ලෝකයේ පතාක යෝධයෙකු දහස් සංඛ්‍යාත වූ තම ප්‍රේක්ෂක ජනයා ඉදිරියේ දණින් වැට්ටූ ජපන්…

මූලික වටයේ තරග

ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන දිනයේ ආරම්භක තරගය සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍ය සමඟින් තරග වැදුණු අතර එහි දී ලකුණු 35-10ක් ලෙස ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් පූර්ව වටයේ තම ස්ථානය තහවුරු කරගත්තේය. 

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් බුද්ධිම පියරත්න ලකුණු පුවරුව ක්‍රියාත්මක කිරීම ආරම්භ කළ අතර ඉන් අනතුරුව රීසා රෆයිඩීන් එමීර් රාජ්‍ය කණ්ඩායමේ ඉදිරිපෙළ වනසමින් දෙවන උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. ඒ ජේසන් දිසානායකගේ දක්ෂ පන්දු පිරිනැමීමක් මගිනි. 

එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙනුවෙන් තම පළමු උත්සාහක දිනුමේ වාර්තා කළේ Corner Kennedy විසිනි. ඒ ශ්‍රී ලංකා ඉදිරිපෙළ අඩුපාඩු ප්‍රයෝජනයට ගනිමිනි. කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රබල තත්වයක් ගෙන දෙමින් එමීර් රාජ්‍යයේ ඉදිරිපෙළ ප්‍රබල ලෙස අභියෝගයට ලක් කරමින් රෆයිඩීන් තම දෙවන උත්සාහක දිනුම වාර්තා කළේය. 

ඉන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ප්‍රබල ක්‍රීඩා රටාවක් අනුගමනය කළ ඉරෝශන් සිල්වා, සුධාරක දික්කුඹුර උත්සාහක දිනුම් වාර්තා කිරීමට සමත් විය. ඒ සමඟින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 35ක් දක්වා ඉහල නැංවිය. එම ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් පූර්ව වටයේ ස්ථානයක් හිමිකර දීමට සමත් විය. 

අවසන් ලකුණු තත්ත්වය: ශ්‍රී ලංකාව 35 – 10  එක්සත් අරාබි එමීර්  

ආචාරය ජපන් ආරට

ලෝක ශූර “ඕල් බ්ලැක්ස්” කණ්ඩායම ජපානයට පැමිණියේ ප්‍රතිවාදීන්ට පහර දීමට අවි රැගෙන…

ශ්‍රී ලංකා කාන්තාවන් සිය ස්ථානය රැකගනී 

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ ශ්‍රී ලංකාවේ පැවැත්වූ තෙවැනි අදියරේ මූලික වටයේ සහභාගි වූ අවසන් තරගය හොංකොං සමඟින් පැවති අතර එහි දී ශ්‍රී ලංකා කණ්ඩායම එම තරගය පරාජය වූයේ ලකුණු 22-10ක් ලෙසිනි. 

තරගාවලියේ පලඟ ශූරතාවය සඳහා වන අවසන් පූර්ව තරගයේ දී සිංගප්පූරුව හමුවේ ලකුණු 29-00 ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය වීම කැපී පෙනෙන කරුණක් විය. එම පරාජයත් සමඟින් ශ්‍රී ලංකා කණ්ඩායම පලඟ තරගාවලියෙන් ඉවත් වූ අතර හත්වැනි හා අටවැනි ස්ථාන සඳහා වන තරගය සඳහා ඔවුන් සුදුසුකම් ලබා ගත්තේය. 

එහි දී මලයාසියානු කණ්ඩායම හමුවේ ලකුණු 17-07ක් ලෙස ජයග්‍රහණය ලබා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ හත්වැනි ස්ථානය දිනා ගැනීමට සමත් විය. 

මෙම මලයාසියානු තරගයේ දී මුල් මිනිත්තු කීපයේ දී ම උත්සාහක දිනුමක් වාර්තා කිරීමට මලයාසියාවේ Norfarahana Aziz සමත් වූ අතර එයට ප්‍රබල ප්‍රතිචාරයක් දක්වමින් ශ්‍රී ලංකා කණ්ඩායම් නායිකාව වන සංජීවනී ද සිල්වා ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. 

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් තීරණාත්මක උත්සාහක දිනුමක් වාර්තා කිරීමට දුලානි පල්ලිකොන්දගේ සමත් වූ අතර ඒ සමඟින් ශ්‍රී ලංකා කණ්ඩායමට තරගයේ ප්‍රබල ස්ථානයක් හිමිකර දීමට සමත් විය. 

දෙවන අර්ධයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම මලයාසියානු කණ්ඩායම මනා ලෙස පාලනය කරගැනීමට සමත් වූ අතර ඔවුන්ට ඉදිරිපෙළ අභිබවා යාමට කිසිදු අවස්ථාවක් ලබා නොදුන්හ. 

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් තුන්වැනි උත්සාහක දිනුම වාර්තා කිරීමට අනූශා අත්තනායක සමත් වූ අතර ඒ මලයාසියානු ආරක්ෂක ක්‍රීඩිකාවන් අසරණ කරමිනි. ඒ සමඟින් තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර අවසන් ලකුණු තත්ත්වය දිස්වූයේ ලකුණු 17-07ක් ලෙසිනි. 

අවසන් ලකුණු තත්ත්වය: ශ්‍රී ලංකාව 17 – 07 මලයාසියාව

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<