තවත් ශ්‍රී ලාංකික ප්‍රබලයෝ තුනකට ඩුබායි වරම්

121

ලබන මස 15 වැනිදා අබුඩාබි හිදී ආරම්භ වීමට නියමිත T10 ක්‍රිකට් තරගාවලිය සඳහා ඇන්ජලෝ මැතිව්ස්, අසේල ගුණරත්න හා මලින්ද පුෂ්පකුමාර යන ක්‍රීඩකයින් පිළිවෙළින් දිල්ලි බුල්ස්, නෝර්දන් වෝරියර්ස් හා කර්ණාටක ටස්කර්ස් යන කණ්ඩායම් වෙනුවෙන් තේරී පත්ව තිබේ.

ශ්‍රී ලංකා වමත් දඟපන්දු යවන්නෙකුත් T10 වලට

වමතින් දඟපන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය ලබන මස 15 වැනිදා අබුඩාබි හිදී ආරම්භ වීමට නියමිත T10…

දිල්ලි බුල්ස් කණ්ඩායම නියෝජනය කිරීම වෙනුවෙන් තෝරාගෙන සිටි මොහොමඩ් නබී (ඇෆ්ගනිස්තානය) හා ශෙර්ෆාන් රදර්ෆර්ඩ් (බටහිර ඉන්දීය කොදෙව්) හෙට (6) දිනයේ දී ආරම්භ වන ඇෆ්ගනිස්තාන – බටහිර ඉන්දීය කොදෙව් තරගාවලිය සඳහා සහභාගී වන නිසා ඔවුන් දෙදෙනා හට මෙවර T10 ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමට නොහැකි වෙනු ඇත. ඒ නිසාවෙන් ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස්  දිල්ලි බුල්ස් කණ්ඩායම වෙනුවෙන් තෝරාගැනීමට එම කණ්ඩායමේ කළමනාකාරිත්වය තීරණය කර ඇත.

පසුගිය ඔක්තෝබර් 16 වැනිදා ඩුබායි හිදී පැවැත්වුණු ක්‍රීඩක වෙන්දේසියේ දී ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායමේ නායක ලසිත් මාලිංග ඇතුළු ක්‍රීඩකයින් 7 දෙනෙක් විවිධ කණ්ඩායම් සඳහා පළමු වරට මිල දී ගන්නා ලදි. 

කෙසේ නමුත් පසුගිය 23 වැනිදා දිනයේ දී පාකිස්තාන ක්‍රිකට් ආයතනය විසින් සිය රටේ ක්‍රිකට් ක්‍රීඩකයින් හට මෙම T10 ක්‍රිකට් ලීග් තරගාවලිය සඳහා සහභාගී වීම තහනම් කර තිබෙන අතර ඒ නිසාවෙන් වහබ් රියාස් සහ මොහොමඩ් හස්නේන් ඇතුළු ප්‍රබල ක්‍රීඩකයින් කිහිපදෙනෙක් හට මෙවර T10 ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වීමට අවස්ථාව උදා වන්නේ නැත.

යම්හෙයකින් පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයෙක් T10 ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වුවහොත් විදෙස් රටකට ගොස් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වීමට නොහැකි වන ලෙස (NOC) විරෝධතා සහතික නිකුත් කිරීමට ඔවුන් පියවර ගන්නා බව පාකිස්තානු ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් පවසා සිටියේය. 

ජාත්‍යන්තර වරම් දිනා නොගත් ශ්‍රී ලාංකිකයෙක්ටත් T10 වරම්!

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම නියෝජනය කර තිබෙන කෙවින් කොත්තිගොඩ…

ඒ අනුව තරගයක් අවසානය දක්වා රැගෙන යාමට හැකි අසේල ගුණරත්න නෝර්දන් වෝරියර්ස් කණ්ඩායම වෙනුවෙනුත්, වමතින් දඟපන්දු යවන මලින්ද පුෂ්පකුමාර කර්ණාටක ටස්කර්ස් කණ්ඩායම වෙනුවෙනුත් තෝරාගෙන ඇත. ඒ අනුව මේ තරගාවලිය සඳහා තරග වදිනු ලබන කණ්ඩායම් 8න් 7කටම ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙක් හෝ ඇතුලත්ව තිබීම කැපී පෙනේ.

තුන්වැනි වතාවටත් පැවැත්වෙන මේ T10 ක්‍රිකට් තරගාවලියේ දිල්ලි බුල්ස් කණ්ඩායම නියෝජනය කිරීම වෙනුවෙන් වරම් දිනාගෙන තිබෙන මැතිව්ස්ට අමතරව කුසල් පෙරේරා හා දුෂ්මන්ත චමීර එම කණ්ඩායම නියෝජනය කරමින් මේ තරගාවලියට සහභාගී වන අනෙක් ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් වේ.

2019 T10 ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් සහ ඔවුන්ගේ කණ්ඩායම්,

  • බංග්ලා ටයිගර්ස් – තිසර පෙරේරා (ප්‍රධාන ක්‍රීඩකයා), ශෙහාන් ජයසූරිය, කෙවින් කොත්තිගොඩ, ප්‍රභාත් ජයසූරිය
  • මරත ඇරබියන්ස් – ලසිත් මාලිංග, දසුන් ශානක, වනිඳු හසරංග 
  • ටීම් අබුඩාබි – නිරෝෂන් දික්වැල්ල
  • ඩෙකෑන් ග්ලැඩියේටර්ස් – භානුක රාජපක්ෂ
  • දිල්ලි බුල්ස් – කුසල් පෙරේරා, දුෂ්මන්ත චමීර, ඇන්ජලෝ මැතිව්ස්
  • නෝර්දන් වෝරියර්ස්  – නුවන් ප්‍රදීප්, අසේල ගුණරත්න
  • කර්ණාටක ටස්කර්ස් – මලින්ද පුෂ්පකුමාර 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<