Home Sinhala ශාමිගේ කඩුලු ත්‍රිත්වය ඉන්දියාව පරාජයෙන් ගලවා ගනියි!

ශාමිගේ කඩුලු ත්‍රිත්වය ඉන්දියාව පරාජයෙන් ගලවා ගනියි!

234

2019 ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව හා ඇෆ්ගනිස්තානය අතර තරගය ඊයේ (22) සවුත්හැම්ප්ටන් හිදී නිමාවට පත්විය. එහි දී ලකුණු 11ක තියුණු ජයක් ලබා ගැනීමට ඉන්දියාව සමත් වූයේ අවමන් සහගත පරාජයකින් සිය කණ්ඩායම බේරා ගනිමිනි.

මැතිව්ස්ගේ ජේත්තුකාර ඉනිමට මාලිංගගෙන් තල්ලුවක්

මෙතෙක් දවසක් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ලකුණු සොයමින් සිටි…..

කාසියේ වාසිය හිමි කර ගත් ඉන්දියානු නායක කෝලි පළමුව පහර දීමට තීරණය කළ අතර ආබාධයකට ලක් වූ බුවනේෂ්වර් කුමාර්ගේ ස්ථානයට මොහොමඩ් ශාමි කැඳවා තිබුණි.

ඉන්දියානු ආරම්භක පිතිකරුවන් විශාල ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීමේ අරමුණින් පිටියට පිවිසිය ද ඇෆ්ගනිස්තානු පන්දු යවන්නන් ප්‍රබල ඉන්දීය කණ්ඩායම පන්දුවාර 50 අවසාන වන විට කඩුලු 8ක් දැවී ලකුණු 224කට රඳවා ගැනීමට සමත් වූයේ සියලු ක්‍රීඩාලෝලීන් මවිතයට පත් කරමිනි.

ඇෆ්ගනිස්තානු නායකයා දඟපන්දු යවන ක්‍රීඩක මුජීබ් රහමන්ගෙන් පන්දු යැවීම ආරම්භ කළ අතර එම තීරණය සාර්ථක කරමින් රෝහිත් ශර්මා මුජීබ්ගේ පන්දුවකට දැවී ගියේ එක් ලකුණක් ලබා සිටිය දී ය.

ඉන්පසු පිටියට පිවිසි සුපිරි පිතිකරු විරාත් කෝලි දක්ෂ ලෙස පිතිකරණයේ යෙදෙමින් ඉන්දියානු ලකුණු පුවරුව ඉහළ දැමීමට කටයුතු කළේ ප්‍රතිවාදී පන්දු යවන්නන් හට සාර්ථකව මුහුණ දෙමිනි. ලොකේෂ් රාහුල් හා විජේ ශන්කර් ඔහුට හොඳ සහයෝගයක් ලබා දුන්න ද ඔවුන්ගේ ලකුණු ලබා ගැනීමේ වේගය පහළ මට්ටමක රඳවා ගැනීමට ඇෆ්ගන් පන්දු යවන්නන් සමත් විය.

>> 2019 ක්‍රිකට් ලෝක කුසලානයේ Hub එකට මෙතැනින් පිවිසෙන්න <<

ලොකේෂ් රාහුල් මොහොමඩ් නබී හමුවේ අනවශ්‍ය පහරක් එල්ල කිරීමට ගොස් ලකුණු 30කට දැවී ගිය අතර විජේ ශන්කර් ලකුණු 29ක් ලබා සිටිය දී දවා ගැනීමට රහමට් ෂා සමත් විය.

යළි ක්‍රියාත්මක වූ මොහොමඩ් නබී ඉන්දියානු ලකුණු පුවරුව ලකුණු 134ක්ව තිබිය දී ලකුණු 67ක් ලබා සිටි විරාත් කෝලි දවා ගැනීමට සමත් වූයේ සුවහසක් ඉන්දීය ක්‍රීඩාලෝලීන්ගේ හදවත් සසල කරවමිනි.

කේදර් ජාදව් පන්දු 68ක දී ලබා ගත් ලකුණු 53 හේතුවෙන් ඉන්දියානු ලකුණු පුවරුව ලකුණු 224ක් දක්වා ඉහළ දැමීමට හැකි වූ අතර සෙසු පිතිකරුවන්ට ලකුණු අතරට පැමිණීමට ඇෆ්ගන් පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැත.

පන්දු යැවීමේ දී මොහොමඩ් නබී හා නායක ගුලාබ්ඩීන් කඩුලු දෙක බැගින් ලබා ගත් අතර දක්ෂ පන්දු යැවීමක නිරත වූ මුජීබ් රහමන් සිය පන්දුවාර 10 තුළ දී ලකුණු 26ක් පමණක් ලබා දී එක් කඩුල්ලක් දවා ගත්තේ ඉන්දීය පිතිකරු බල ඇණිය අඩු ලකුණු සංඛ්‍යාවකට රඳවා ගැනීමට මූලිකත්වය ගනිමිනි.

ලෝක කුසලානයේ දකුණු අප්‍රිකානු ශාපය

දකුණු අප්‍රිකාව මෙවර ලෝක කුසලානයේදී දැක්වූ අසාර්ථකත්වය….

ලකුණු 225ක ඓතිහාසික ජයග්‍රහණයක බලාපොරොත්තු සමඟින් පිටියට පිවිසි ඇෆ්ගනිස්තානු පිතිකරුවන්ට එම ඉලක්කය පහසුවෙන් හඹා යෑමට ඉන්දීය පන්දු යවන්නන්ගෙන් ඉඩක් නොලැබුණි.

ඔවුන්ගේ පළමු කඩුල්ල ලකුණු 20 දී බිඳ වැටුණු අතර ඉන්පසු නායක ගුලාබ්ඩින් නයිබ් හා රහමට් ෂා පිළිවෙළින් ලකුණු 27ක් හා 36ක් ලබා ගනිමින් සිය කණ්ඩායම ජයග්‍රාහී මාවතේ රඳවා ගැනීමට උත්සහ කළහ. නමුත් ඔවුන්ගේ ලකුණු ලබා ගැනීමේ වේගය පහළ මට්ටමක පැවතීම ලබා ගත යුතු ව තිබූ ඉලක්කය තව තවත් අසීරු කළේය.

පාන්ඩ්‍යාගේ පන්දුවක් හමුවේ නයිබ් දැවී ගිය අතර තරගයේ 29 වැනි පන්දුවාරය ක්‍රියාත්මක කළ බුම්රා එම පන්දු වාරය තුළ දී රහමට් ෂා හා හෂ්මතුල්ලා ශහීඩි දවා ගත්තේ ඇෆ්ගන් ලකුණු පුවරුව කඩුලු 4කට ලකුණු 106ක් බවට පත් කරමින් ඉන්දීය කණ්ඩායමට යම් අස්වැසිල්ලක් ලබා දෙමිනි.

අස්ගර් ඇෆ්ගන් ද ලකුණු 8කට දැවී ගිය පසු ඇෆ්ගනිස්තානයේ සියලු බලාපොරොත්තු පිටියේ රැඳී සිටි මොහොමඩ් නබීගේ කර මත පැටවිනි. ඉන්දීය දක්ෂ පන්දු යැවීම හමුවේ වුව ද නබී සිය කණ්ඩායම කෙමෙන් කෙමෙන් ජයග්‍රාහී ඉලක්කය වෙත රැගෙන ගියේ ඉන්දීය ප්‍රිමියර් ලීගයේ දී තමා ලබා ගත් අත්දැකීම් ද උපයෝගී කරගනිමිනි.

නජිබුල්ලා සඩ්රාන් හා රෂීඩ් කාන් පිළිවෙළින් ලකුණු 21ක් හා ලකුණු 14ක් ලබා ගනිමින් නබී වෙත හොඳ සහයෝගයක් ලබා දුන්න ද ඔවුන්ගේ දැවී යාමෙන් පසු අගපෙළ පිතිකරුවන් ද ආරක්ෂා කර ගනිමින් ක්‍රීඩා කිරීමට නබීට සිදු විය.

ඇෆ්ගනිස්තානයට අවසන් පන්දුවාරයේ දී ලකුණු 16ක් ඉලක්කයක් හිමි වූ අතර මොහොමඩ් ශාමි ක්‍රියාත්මක කළ එම පන්දුවාරයේ පළමු පන්දුවේ දී ම ලකුණු 4ක් ලබා ගැනීමට නබී සමත් වූයේ යළි තරගය දෙපිළට ම විවෘත කරවමිනි.

ඔහු නැති අඩුව අපිට තදටම වැදුණා – එංගලන්ත නායක

ඊයේ (21) දිනයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ලබා ගත් නොසිතූ පරාජය නිසා 2019….

නමුත් තෙවන පන්දුවේ දී නබී දවා ගත් ශාමි අනෙක් පන්දු දෙකේ දී අවසන් පිතිකරුවන් දෙදෙනා ද දවා ගත්තේ කඩුලු ත්‍රිත්වයක් සමඟින් ඉන්දීය කණ්ඩායමට ජය හිමි කර දෙමිනි.

පන්දු යැවීමේ දී ශාමිට කඩුලු 4ක් හිමි වූ අතර බුම්රා, පාන්ඩ්‍යා සහ චාහල් අතරේ කඩුලු දෙක බැගින් බෙදී ගියේය.

අවශ්‍යම මොහොතේ වටිනා කඩුලු දෙකක් ලබා ගත් ජාස්ප්‍රිට් බුම්රා තරගයේ වීරයා සම්මානය දිනා ගන්නා ලදි.

මෙම තරගාවලියේ පාකිස්තානය හා දකුණු අප්‍රිකාව අතර තරගය අද (23) ලන්ඩන් හී දී පැවැත්වීමට නියමිත ය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<

Result


India
224/8 (50)

Afghanistan
213/10 (49.5)

Batsmen R B 4s 6s SR
Lokesh Rahul c Hazratullah Zazai b Mohammad Nabi 30 53 2 0 56.60
Rohit Sharma b Mujeeb ur Rahman 1 10 0 0 10.00
Virat Kohli c Rahmat Shah b Mohammad Nabi 67 63 5 0 106.35
Vijay Shankar lbw b Rahmat Shah 29 41 2 0 70.73
MS Dhoni st Ikram Alikhil b Rashid Khan 28 52 3 0 53.85
Kedar Jadhav c Noor Ali Zadran b Gulbadin Naib 52 68 3 1 76.47
Hardik Pandya c Ikram Alikhil b Aftab Alam 7 9 0 0 77.78
Mohammed Shami b Gulbadin Naib 1 2 0 0 50.00
Kuldeep Yadav not out 1 1 0 0 100.00
Jasprit Bumrah not out 1 1 0 0 100.00


Extras 7 (b 0 , lb 0 , nb 0, w 7, pen 0)
Total 224/8 (50 Overs, RR: 4.48)
Fall of Wickets 1-7 (4.2) Rohit Sharma, 2-64 (14.2) Lokesh Rahul, 3-122 (26.1) Vijay Shankar, 4-135 (30.3) Virat Kohli, 5-192 (44.3) MS Dhoni, 6-217 (48.4) Hardik Pandya, 7-222 (49.3) Mohammed Shami, 8-223 (49.5) Kedar Jadhav,

Bowling O M R W Econ
Mujeeb ur Rahman 10 0 26 1 2.60
Aftab Alam 7 1 54 1 7.71
Gulbadin Naib 9 0 51 2 5.67
Mohammad Nabi 9 0 33 2 3.67
Rashid Khan 10 0 38 1 3.80
Rahmat Shah 5 0 22 1 4.40


Batsmen R B 4s 6s SR
Hazratullah Zazai b Mohammed Shami 10 24 1 0 41.67
Gulbadin Naib c Vijay Shankar b Hardik Pandya 27 42 2 0 64.29
Rahmat Shah c Yuzvendra Chahal b Jasprit Bumrah 36 63 3 0 57.14
Hashmatullah Shahidi c & b Jasprit Bumrah 21 45 2 0 46.67
Asghar Afghan b Yuzvendra Chahal 8 19 0 0 42.11
Mohammad Nabi c Hardik Pandya b Mohammed Shami 52 55 4 1 94.55
Najibullah Zadran c Yuzvendra Chahal b Hardik Pandya 21 23 2 0 91.30
Rashid Khan st MS Dhoni b Yuzvendra Chahal 14 16 1 0 87.50
Ikram Alikhil not out 7 10 0 0 70.00
Aftab Alam b Mohammed Shami 0 1 0 0 0.00
Mujeeb ur Rahman b Mohammed Shami 0 1 0 0 0.00


Extras 17 (b 4 , lb 4 , nb 0, w 9, pen 0)
Total 213/10 (49.5 Overs, RR: 4.27)
Fall of Wickets 1-20 (6.3) Hazratullah Zazai, 2-64 (16.5) Gulbadin Naib, 3-106 (28.4) Rahmat Shah, 4-106 (28.5) Hashmatullah Shahidi, 5-130 (34.6) Asghar Afghan, 6-166 (41.3) Najibullah Zadran, 7-190 (45.4) Rashid Khan, 8-213 (49.3) Mohammad Nabi, 9-213 (49.4) Aftab Alam, 10-213 (49.5) Mujeeb ur Rahman,

Bowling O M R W Econ
Mohammed Shami 9.5 1 40 4 4.21
Jasprit Bumrah 10 1 39 2 3.90
Yuzvendra Chahal 10 0 36 2 3.60
Hardik Pandya 10 1 51 2 5.10
Kuldeep Yadav 10 0 39 0 3.90