කනිෂ්ඨ ආසියානු රග්බි තරඟාවලියට 39 දෙනෙකුගෙන් යුත් සංචිතයක්

222
A squad of 39 players

වයස අවුරුදු 20න් පහල ආසියානු කනිෂ්ඨ රග්බි තරඟාවලිය සඳහා ක්‍රීඩකයන් 39 දෙනෙකුගෙන් යුත් සංචිතයක් ජාතික රග්බි තේරීම් කමිටුව විසින් නම් කර ඇත. මෙම තරඟාවලිය දෙසැම්බර් මස 11 වැනිදා සිට 17 වැනිදා දක්වා මැලේසියාවේ දී පැවැත්වීමට නියමිතව ඇත.

පසුගිය ලිපි: මහනුවර පාසල්, කොළඹ පාසල් ඉදිරියේ දණින් වැටේ

මේ සඳහා ක්‍රීඩකයන් තෝරා ගෙන ඇත්තේ ඊයේ (08) කොළඹ හැව්ලොක් පිටියේදී කොළඹ සහ මහනුවර පාසල් ක්‍රීඩකයන් ඒකාබද්ධ ව පැවැත්වූ තේරීම් සැසියක ප්‍රතිඵලයක් ලෙසයි. ඊට අමතර ව නිමාවූ මෙවර පාසල් රග්බි සමයේ දී පාසල් ක්‍රීඩකයන් දැක්වූ දක්ෂතා ද පදනම් කරගනිමින් මෙම සංචිතය නම් කර ඇත. මහනුවර සහ කොළඹ පාසල් ක්‍රීඩකයන් සඳහා පැවැත්වූ මෙම සැසියේ වැඩි වාසි කොළඹට හිමි කර දෙමින් කොළඹින් ක්‍රීඩකයන් 27ක් සහ මහනුවරින් ක්‍රීඩකයන් 12ක් මෙම සංචිතය නම් කර ඇත.

මෙම නව සංචිතය හෙට (09) සිට පුහුණුවීම් ආරම්භ කරන අතර ඔවුනගේ පුහුණුකරු වශයෙන් කටයුතු කරනුයේ, නිමාවුනු පාසල් රග්බි සමයේ A කොටසේ ජයග්‍රාහී පාසල වූ කොළඹ ඉසිපතන විද්‍යාලයීය පුහුණුකරු නිල්ෆර් ඉබ්‍රහිම් මහතා ටය.

මෙම තරඟාවලිය සඳහා නම් කෙරුනු සංචිතය පහතින් දැක්වෙන පරිදි වේ

  • වගීෂ වීරසිංහ , අදීශ එෂාන්, කුෂාන් ඉඳුනිල් , ලහිරු විශ්වජිත් , ඉසුරු උදයකුමාර , ගයාන් වික්‍රමරත්න , හරිත් බණ්ඩාර , රනිඳු පද්මශංක (ඉසිපතන විද්‍යාලය )
  • එස්. කවිෂ්ක (කිංග්ස්වුඩ් විද්‍යාලය)
  • උදය සංජුල (වේල්ස් කුමර විද්‍යාලය)
  • නිකිල ගුණධීර, අශෝක් විජේකුමාර් (රාජකීය විද්‍යාලය)
  • නිරෝෂ් පෙරේරා, ජනිත් ලක්සර, තනුජ මධුරංග, සුපුන් දිල්ශාන් (විද්‍යා විද්‍යාලය)
  • පී.දිල්ශාන්, දිනුක් අමරසිංහ, සැමුවෙල් මදුවන්ත (ශා.අන්තෝනි විද්‍යාලය)
  • රුමේශ් ප්‍රියංකර (ශා.ජෝසප් විද්‍යාලය)
  • රවින් යාපා, සන්දේශ් ජයවික්‍රම, රොමේෂ් ප්‍රනාන්දු (ශා.පීතර විද්‍යාලය)
  • දනුජ විජේරත්න, අශ්වන්ත හේරත්, පන්ඩුල ද සිල්වා, නවීන් හේනකංකානම්ගේ (ශා.තෝමස් විද්‍යාලය)
  • රාහුල් කරුණාතිලක, ශලින්ද්‍ර අලහකෝන්, අවීශ ප්‍රියංකර, ශවීන් ඒකනායක, ලශාන් විජේසූරිය, අනුක බෝයගොඩ, ගීෂාන් පෙතියාගොඩ (ත්‍රිත්ව විද්‍යාලය)
  • එච්. ප්‍රනාන්දු (විද්‍යාර්ථ විද්‍යාලය)
  • සයාන් සබාර්, දේශාන් විමුක්ති, අවන්ත ලී (වෙස්ලි විද්‍යාලය)
  • ඒ. වජීඩ් (සහිරා විද්‍යාලය)

තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි ක්‍රීඩා පිටුවට