බස්නාහිර ක්‍රීඩිකාවෝ විශිෂ්ඨ ජයක් ලබාගනී

271
42 National Sports Festival 2016 - Netball finals

42වැනි ජාතික ක්‍රීඩා උළෙලේ දැල්පන්දු අංශයේ අර්ධ අවසන් තරග සහ අවසන් තරගය අද (28) සහ ඊයේ (27) පැවතියේ අනුරාධපුර ගෘහස්ත ක්‍රීඩා පිටියේදීයි.

අද පැවති අවසන් තරගයේ දි මධ්‍යම පලාත පරාජය කරමින් බස්නාහිර පලාත් ක්‍රීඩිකාවෝ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් වූයේ 55 – 44 ලෙසයි. මෙවර නිමාවුනු තරගාවලියත් සමඟින් අඛණ්ඩව 2012 වර්ෂයේ සිට බස්නාහිර කාන්තාවෝ ජාතික ක්‍රීඩා උළෙලේ ශූරයින් බවට පත් වීමට සමත් වූහ.

පසුගිය ලිපි: කරුණාරත්න සොහොයුරෝ ප්‍රාග් විවෘත බැඩ්මින්ටන් තරගාවලියට

මධ්‍යම පලාත් ක්‍රීඩිකවෝ අවසන් පූර්ව තරගවලදි සබරගමුව පලාත් ක්‍රීඩිකාවෝ 57 – 40 ලෙසින් පරාජය කරමින්ද, බස්නාහිර පලාත් ක්‍රීඩිකාවෝ විසින් උතුරු මැද පලාත් ක්‍රීඩිකාවෝ 76 – 26ක් ලෙසින් පරාජය කරමින් ද අවසන් මහා තරගාවලියට සුදුසුකම් ලබා ගන්නා ලදි.

ජාතික කණ්ඩායමේ ක්‍රීඩිකාවන් රැසකගෙන් මධ්‍යම සහ බස්නාහිර පලාත් කණ්ඩායම් සන්නද්ධ වී සිටින අතර එහිදි බස්නාහිර පලාත් කණ්ඩායමට තිෂාලා අල්ගම, චතුරංගා ජයසූරිය, සේමිණි අල්විස්, මනෝජිකා ප්‍රියදර්ශනී, තිවංකා පෙරේරා, දුලංගා දනංජී සහ හසිතා මෙන්ඩිස් යන ක්‍රීඩිකාවෝ ඇතුලත් වු අතර ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ නායිකා ගයනි දිසානායක, රුවනි යටිගම්මන, ගයාංජලී අමරවංශ සහ තිළිණි වත්තේගෙදර යන ක්‍රීඩිකාවන් මධ්‍යම පලාත් කණ්ඩායම නියෝජනය කරමින් තරග කරන ලදි.

තරගාරම්භයේ සිටම බස්නාහිර පලාත් ක්‍රීඩිකාවෝ පෙරමුණ ගැනීමට සමත් වූ අතර ප්‍රථම වටය නිමාවට පත් වූයේ 15 – 10ක් ලෙසයි. ඉන්පසුව ඇරඹි දෙවන අර්ධයේදී ද දක්ෂ ලෙස සටන් වදිමින් මධ්‍යම පලාත් ක්‍රීඩිකාවෝ පාලනය කල බස්නාහිර ක්‍රීඩිකාවෝ දෙවන වටය නිමාවට ලක් කලේ 29 – 21 ලෙසයි.

තුන්වන වටයේදීත් බස්නාහිර ක්‍රීඩිකාවෝ අභිබවා යෑමට ප්‍රතිවාදීන්ට නොහැකි වුනු අතර එම වටය අවසන් වූයේ 43 – 31ක් ලෙසිනි. කෙසේනමුත් ජයග්‍රාහකයින් තීරණය කිරීමේ දි වටයේදී තවත් අතිරේකව ලකුණු 13 සහ 12 වාර්තා කරමින් තරගය මුළු ලකුණු 55 – 44 ලෙසින් ජය ගැනීමට බස්නාහිර ක්‍රීඩිකාවෝ සමත් වූහ.

උතුරු මැද පලාත් ක්‍රීඩිකාවෝ පරාජය කරමින් දකුණු පලාත් ක්‍රීඩිකාවෝ තෙවැනි ස්ථානය හිමි කරගත් අතර ඔවුන් 13-10ක්, 17-06ක්, 17-08ක් සහ 17-15ක් ලෙස වාර්තා කරමින් මුළු ලකුණු 64-39 ලෙසින් තරගය අවසන් කිරීමට සමත් විය.

තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව: චතුරංගී ජයසූරිය (බස්නාහිර පලාත් කණ්ඩායම)

ලකුණු සටහන:

අර්ධ අවසන් වටයේ සුදුසුකම් ලබා තරගය

  • උතුරු මැද පළාත 64-32 ඌව පළාත

අර්ධ අවසන් පූර්ව වටයට

  • බස්නාහිර පළාත 84-39 උතුරු පළාත
  • සබරගමුව පළාත 43-56 උතුරු මැද පළාත
  • මධ්‍යම පළාත 59-32 වයඹ පළාත
  • නැගෙනහිර පළාත 14-81 දකුණු පළාත

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට