බංග්ලාදේශය හමුවේත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පරාජය වෙති

148

2020 වයස අවුරුදු 23න් පහළ AFC ශූරතාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සිය අවසන් තරගයත් බංගලාදේශය හමුවේ පරාජයකින් නිමා කරන්නට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට සිදු විය.

ඒ ඊයේ (26) B කාණ්ඩයේ අවසන් තරගය ලෙස පැවති තරගයෙන් බංගලාදේශ යොවුන් කණ්ඩායම හමුවේ ගෝල 2-0ක් ලෙස පරාජය වෙමිනි. තරගය බහරේන් හී කලීෆා ස්පෝර්ට්ස් සිටි ක්‍රීඩාංගණයේ දී පැවැත්විය.

පලස්තීනයෙන් ශ්‍රී ලංකාවට අනුකම්පා විරහිත ප්‍රහාරයක්

2020 වයස අවුරුදු 23න් පහළ AFC ශූරතාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සිය ආරම්භක තරගයෙන් ගෝල 9-0ක දැවැන්ත පරාජයක් ලබන්නට…

කණ්ඩායම් දෙකම මෙම තරගයට දින දෙකකට පෙර තේරීම් තරගාවලියෙන් ඉවත්ව සිටි නමුත් බංගලාදේශ ක්‍රීඩකයින් සිය පරාජයන් රැල්ලට තිත තබන්නට සමත් වූයේ පළමු මිනිත්තු 20 දී වාර්තා වූ ගෝල ද්විත්වයකින් ශ්‍රී ලංකාව අපහසුවට ලක් කරමිනි. ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පලස්තීනය හමුවේ ගෝල 9-0ට ලෙස පරාජය වූ අතර බහරේන් කණ්ඩායම හමුවේ ද දැක්වුණේ ඒ ලකුණු පුවරුවමයි.  

අනෙක් අතට බංගලාදේශ කණ්ඩායම පලස්තීනයට හා බහරේනයට ඉතා තියුණු තරගයක් ලබා දී තිබුණු අතර ඔවුන් එම තරග දෙකම පරාජය වී තිබුණේ ගෝල 1-0ක් ලෙසයි.

තරගය ආරම්භයෙන් මිනිත්තු පහකට පසු බිප්ලෝ අහමඩ් පළමු ගෝලය වාර්තා කළේ කාලය අපතේ නොයවමිනි. ඊට මිනිත්තු 13කට පසු ඩකා ක්‍රීඩක ටුටුල් බඩ්ශා ශ්‍රී ලංකා ආරක්ෂක ක්‍රීඩකයින් නොසිටි නිදහස් කලාපයකට පහසුවෙන් පිවිසුණු අතර මොහොමඩ් ඉෂාන් පසු කරමින් ටුටුල් දෙවන බංගලාදේශ ගෝලයත් වාර්තා කළේ බංගලාදේශය ඉතා ඉහළ ස්ථානයක තබමිනි.

ශ්‍රී ලංකා ආරක්ෂක ක්‍රීඩකයෝ දෙවරක්ම ප්‍රතිවාදීන්ට ගෝල 9 බැගින් පූජා කළත් මෙවර ඔවුන් එම වරද සිදුවීමට ඉඩ තැබුවේ නැත. දෙවන අර්ධය පුරා හා ඔවුන් ප්‍රතිවාදීන්ට ගෝල ලබා නොදුන් අතර ප්‍රතිවාදී ආක්‍රමණ කිහිපයක්ම ව්‍යර්ථ කරන්නට ද ඔවුන් සමත් විය.

මතභේද දුරු කරන්නට හේතු එළිදකී

මේ මස 22 වැනිදා සිය 26 වැනිදා දක්වා බහරේන් හිදී පැවැත්වීමට නියමිත වයස අවු.23න් පහළ ආසියානු කුසලාන පාපන්දු කුසලාන තරගාවලිය සඳහා…

ඔවුන්ගේ ආරක්ෂක ක්‍රීඩා විලාසය මදක් දියුණු වූ බවක් පෙනෙන්නට නොතිබුනත් ඔවුන්ගේ ආක්‍රමණශීලී ක්‍රීඩකයින්ට තරගාවලියේ ගෝල නියඟයට තිත තබන්නට නොහැකි විය.

අවසන් ලකුණු තත්වය: බංග්ලාදේශය 02 – 00 ශ්‍රී ලංකාව

ගෝල ලබාගත් ක්‍රීඩකයෝ

  • බංගලාදේශය – බිප්ලෝ අහමඩ් ‘5, ටුටුල් බඩ්ශා ’18  

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<