බුද්ධිමගේ සුපිරි දස්කම් සමඟින් නාවිකයන් නැවතත් ජයග්‍රාහී මාවතට

232

2018/19 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ සිව්වැනි සති අන්තයේ තවත් එක් තරගයක් අද (01) රත්මලාන ගුවන් හමුදා රග්බි ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු අතර එහි දී   ප්‍රබල නාවික හමුදා කණ්ඩායම ගුවන් හමුදා කණ්ඩායමට එරෙහිව ලකුණු 25-43ක ජයක් වාර්තා කරගැනීමට සමත් විය.

සත්කාරක ගුවන් හමුදා කණ්ඩායම මෙවර තරග වාරයේ ප්‍රථම ජයග්‍රහණය වාර්තා කර ගැනීමේ අරමුණ පෙරදැරිව තරගයට පිවිසි අතර ප්‍රතිවාදි නාවික හමුදා කණ්ඩායම සිය සුපුරුදු ආක්‍රමණශීලී ක්‍රීඩා රටාව දියත් කරමින් නැවතත් ජයග්‍රාහී මාවතට පිවිසීමේ අභිලාෂයෙන් තරගයට අවතීර්ණ විය.

CH&FCට එරෙහිව යුධ හමුදාවෙන් පෙරළිකාර මෙහෙයුමක්

ඩයලොග් අන්තර් සමාජ ලීග් තරගාවලියේ සිව්වැනි සති අන්තයේ තවත් තරගයක් අද (1) කොළඹ පොලිස් ක්‍රීඩාංගණයේ දී යුධ හමුදා ක්‍රීඩා සමාජය හා CH&FC කණ්ඩායම අතර පැවැත්වුණු…

කණ්ඩායම් දිරිමත් කිරීම සඳහා දෙපිලම නියෝජනය කරමින් කැපී පෙනෙන ප්‍රේක්ෂක පිරිසක් පැමිණ සිටිය අතර පස්වරු 4ට ගුවන් හමුදා පා පහරින් තරගය ආරම්භ විය.

ආරම්භක මිනිත්තු කිහිපය තුල ගුවන් හමුදා කණ්ඩායම ඉතා ප්‍රබල මුහුණුවරකින් තරගයට අවතීර්ණ වූ අතර මිනිත්තු 3ක් නික්ම යාමටත් මත්තෙන් තරගයේ පෙරමුණ ලබා ගැනීමට තිබූ මහඟු අවස්ථාවක් ගුවන් හමුදාවේ චරිත් සෙනෙවිරත්න අතින් ගිලිහි ගියේ ඔහු එල්ල කළ දඬුවම් පහර ඉලක්කයෙන් ඉවතට ඇදීයාමත් සමඟය.

ඉන්පසු ක්‍රමක්‍රමයෙන් තරගයට අවතීර්ණ වූ නාවික හමුදා ක්‍රීඩකයින් 14 වැනි මිනිත්තුවේ දී තරගයේ ලකුණු පුවරුව ක්‍රියාත්මක කරමින් උත්සාහක දිනුමක් වාර්තා කර ගැනීමට සමත් වූයේ බුද්ධිම පියරත්නගේ දක්ෂ නිමා කිරීමත් සමඟය. තිලිණ සෙනෙවිරත්න විසින් සාර්ථකත්ව එම උත්සාහක දිනුම ප්‍රවර්තනය කරන ලදි. (ගුවන් 00 – 07 නාවික)

අධිෂ්ඨානශීලී ගුවන් හමුදා ක්‍රීඩකයින් ඉතා කෙටි කාලයක් තුළ සාර්ථක පිළිතුරක් නාවික හමුදා කණ්ඩායමට ලබා දුන්නේ ගයන්ත ඉද්දමල්ගොඩ විසින් ලබා ගත් විශිෂ්ට උත්සාහක දිනුමත් චරිත් සෙනෙවිරත්නගේ සාර්ථක ප්‍රවර්තනයත් සමඟින් සිය කණ්ඩායමේ ලකුණු තත්වය ලකුණු 7කින් ඉහළ නැංවිය. (ගුවන් 07-07 නාවික)

නැවත වරක් ක්‍රියාත්මක වූ නාවික හමුදා කණ්ඩායම 28 වැනි මිනිත්තුවේ දී චරිත් සිල්වා වෙත යොමු වූ දක්ෂ කෙටි පන්දුව ඔහු විසින් සාර්ථකත්ව උත්සාහක දිනුම් රේඛාව අබිබවා යමින් සිය කණ්ඩායමේ ලකුණු තත්ත්වය ලකුණු 5කින් වර්ධනය කරගත්තේය. එයට වටිනාකමක් එක් කරමින් ක්‍රියාත්මක වූ චරිත් සෙනෙවිරත්නගේ පාදය ප්‍රවර්තනය සාර්ථක කරගැනීමට සමත් විය. (ගුවන් 07-14 නාවික)

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

පළමු අර්ධය නිමා වීමට ආසන්න වීමත් සමඟ යලි ජීවය ලැබූ ගුවන් හමුදා ක්‍රීඩකයින් සිය ප්‍රේක්ෂකයින්ගේ නොමද දිරිමත් කිරීමෙන් ලබා ගත් පන්නරයෙන් ඉතා තීරණාත්මක උත්සාහක දිනුමක් සහ ප්‍රවර්තනයක් සාර්ථක කරගැනීමට සමත් වූයේ පත්මසංඛ වීරසිංහට යොමු වූ වේගවත් කෙටි පන්දුව වම් පස පැති රේඛාවට ආසන්නයෙන් ධවල රේඛාව ස්පර්ශ කිරීමත් සමඟිනි. සුපුරුදු පරිදි චරිත් සෙනෙවිරත්න ප්‍රවර්තනය සාර්ථකව ගෝල කණු අතරින් පා කර හැරියේය. (ගුවන් 14-14 නාවික)

තරගයේ පළමු අර්ධය නිමාවත් සමඟ කණ්ඩායම් දෙකම සිය පුහුණුකරුවන් වෙත ගමන් කළේ දෝලනය වන ජයග්‍රහණය කෙසේ හෝ දෙවන අර්ධයේ දී තමන් සතු කර ගැනීමේ අභිලාෂයෙනි.

පළමු අර්ධය: ගුවන් හමුදා ක්‍රීඩා සමාජය 14 – 14  නාවික හමුදා ක්‍රීඩා සමාජය

දෙවන අර්ධය අරම්භයත් සමඟ 43 වන මිනිත්තුවේ දී ගුවන් කණ්ඩායම off side වරදට හසු වීමත් සමඟ නාවික හමුදා කණ්ඩායමට ඉතා පහසු දඬුවම් පහරක් හිමි වූ අතර ලද අවස්ථාවෙන් උපරිම ඵල නෙලා ගත් තිලිණ වීරසිංහ සිය කණ්ඩායමේ ලකුණු තත්ත්වය 17ක් දක්වා ඉහළ දැමීමට සමත් විය. (ගුවන් 14-17 නාවික)

උමේෂ් ප්‍රමුඛ හැව්ලොක් ක්‍රීඩකයෝ පොලිස් බලාපොරොත්තු සුනුවිසුනු කරයි

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ සිව්වැනි සති අන්තය ආරම්භ කරමින් අද (30) කොළඹ හැව්ලොක් ක්‍රීඩා සමාජය හා පොලිස් ක්‍රීඩා සමාජය පොලිස් රග්බි ක්‍රීඩාංගණයේ…

ඉන්පසු ගෙවුණු විනාඩි කිහිපය තුල දී දෙපිලම පන්දුව සිය ග්‍රහණයට නතු කරගැනීමට ප්‍රබල සටනක නිරත වූයේ තරගයේ දිශානතිය කුමන කණ්ඩායම දෙසට යොමු වේ දැයි ප්‍රේක්ෂකයන්ගේ සිත් තුල කුකුසක් ඇති කරමිනි.

53 වන විනාඩියේ දී ගුවන් හමුදාවට ලැබුණු දඬුවම් පහර සාර්ථක කර ගත් චරිත් කණ්ඩායම් අතර ලකුණු තත්වය නැවතත් සම තත්වයට පත් කිරීමට සමත් විය. (ගුවන් 17-17 නාවික)

ගුවන් හමුදාව දඬුවම් පහර සාර්ථක කරගෙන විනාඩි දෙකක් ඉක්මවීමට මත්තෙන් ක්‍රියාත්මක වූ නාවිකයන් නැවතත් තරගයේ පෙරමුණ ලබා ගත්තේ බුද්ධිම පියරත්න විසින් වාර්තා කර විශිෂ්ට උත්සාහක දිනුමත් සමඟිනි. චරිත් සෙනෙවිරත්න ප්‍රවර්තනය සාර්ථක කරගැනීමට අපොහොසත් විය. (ගුවන් 17-22 නාවික)

තරගයේ උණුසුම තවත් ඉහළ නංවමින් 56 වැනි මිනිත්තුවේ දී ගුවන් හමුදාවට හිමි වූ දඬුවම් පහර චරිත් සෙනෙවිරත්න මැනවින් ගෝල කණු අතරින් යොමු කිරීමට සමත් විය. (ගුවන් 20-22 නාවික)

ඉන්පසු ගත වූ විනාඩි කිහිපය මධ්‍ය රේඛාව අසල පන්දුව ලබා ගැනීමට දෙපිලම දැඩි උත්සහයක නිරත වූ අතර සිය අවධානය මැනවින් රඳවා ගත් නිරෝශ් පෙරේරා ගුවන් හමුදා ආරක්ෂක පෙළ ක්‍රීඩකයින් අතරින් දිවගොස් සිත් ගන්නා සුළු උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් විය. තිලිණ අසීරු කෝණයකින් වුවත් සාර්ථකත්ව ප්‍රවර්තනයේ ලකුණු ද්විත්වය කණ්ඩායමට හිමිකර දීමට සමත් විය. (ගුවන් 20-නාවික 29)

තරගය පිළිබඳ නැවතත් බලාපොරොත්තු දල්වාලමින් ගුවන් හමුදා ක්‍රීඩක චරිත් සෙනෙවිරත්න පිටියේ දකුණු පස පැති රේඛාවට ආසන්නයෙන් උත්සාහක දිනුමක් වාර්තා කළේය. සිය උත්සාහයේ උපරිම ඵල ඵල නෙළා ගැනීමට ඔහුට නොහැකි වූයේ ප්‍රවර්තනය ගෝල කණු අතරින් යොමු කිරීමට ඔහු අපොහොසත් වීම නිසාවෙනි. (ගුවන් 25-නාවික 29)

69 වැනි මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ ගුවන් හමුදා ක්‍රීඩකයන් පන්දුව ගෝල සීමාව අසළටම රැගෙන ගිය ද, මධ්‍ය රේඛාව අසල සිදු වූ වරදක් නිසාවෙන් විනිසුරු විසින් scrum අවස්ථාවක් නාවික හමුදා කණ්ඩායමට පිරිනැමීමට යුහුසුලු විය.

එතැන් පටන් තරගයේ ආධිපත්‍ය තමන් සතු කර ගත් නාවික හමුදා ක්‍රීඩකයෝ වේගවත් ධාවන රාටාවන් සහ වේගවත් පන්දු යොමු කිරීම් මගින් ගුවන් හමුදා කණ්ඩායමට දැඩි තර්ජනයක් එල්ල කළහ.

කාල ගණන යන්ත්‍රයේ 70 වැනි මිනිත්තුව සටහන්වත්ම අද දිනයේ සාර්ථකම ක්‍රීඩකයා බවට පත්වෙමින් බුද්ධිම පියරත්න සිය උත්සාහක දිනුම් ත්‍රිත්වය සම්පූර්ණ කරමින් නාවිකයන්ගේ ජයග්‍රහණය නොවැළැක්විය හැකි ස්ථානයකට පත් කිරීමට සමත් විය. තිලිණ සෙනෙවිරත්න නැවතත් ක්‍රියාත්මක වෙමින් ප්‍රවර්තනය සාර්ථක කර ගනිමින් ලකුණු පරතරය තව දුරටත් ඉහළ නංවාලිය. (ගුවන් 25-නාවික 36)

ඉසිපතනය ත්‍රිත්ව ශූරතා කරා මෙහෙයවන්න නව නායකයෙක්!

එළඹෙන 2019 නව රග්බි තරග වාරය සඳහා ඉසිපතන විද්‍යාලයේ පළමු පෙළ රග්බි කණ්ඩායමේ නායකයා ලෙස ‘Flanker’ ස්ථානයේ ක්‍රීඩා කරන තෙවැනි වසරේ වර්ණ…

74 වැනි මිනිත්තුව සටහන්වත්ම නාවික හමුදා ක්‍රීඩක චරිත් සිල්වා තරගයේ සිය දෙවන උත්සාහක දිනුම වාර්තා කරමින් තම කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කර ගැනිමට සමත් විය. තමාට හිමි වූ ප්‍රවර්තන 5/6 ක් සාර්ථක කර ගනිමින් තිලිණ වීරසිංහ සිය කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් මහඟු මෙහෙවරක් ඉටු ළේය. (ගුවන් 25-නාවික 43)

කෙසේවුවද සමස්තයක් වශයෙන් ගුවන් හමුදාව දක්ෂ ක්‍රීඩා විලාසයක් පෙන්නුම් කළ අතර දෙවන අර්ධයේ දී ඔවුන් අතින් සිදු වූ අඩුපාඩු නොවන්නට ඉතා උද්වේගකර අවසානයක් කරා තරගය යොමු වීමට ඉඩ තිබුණි.

අවසන් ලකුණු තත්වය: ගුවන් හමුදා ක්‍රීඩා සමාජය 25 – 43  නාවික හමුදා ක්‍රීඩා සමාජය

ලකුණු ලබා ගැනීම

  • නාවික හමුදාව: බුද්ධිම පියරත්න 3T, චරිත් සිල්වා 2T, නිරෝශ් පෙරේරා 1T, තිලිණ වීරසිංහ 1T 1G 5C
  • ගුවන් හමුදාව: ගයන්ත ඉද්දමල්ගොඩ 1T, සුරාජ් තිලකරත්න 1T, පත්මසංඛ වීරසිංහ 1T, චරිත් සෙනෙවිරත්න 2G 2C

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<