ගුවන් හමුදාවට තම නිවසේ දී ම යුද හමුදාවෙන් ප්‍රහාරයක්

426

2018 ඩයලොග් අන්තර් සමාජ රග්බි ලීග් රග්බි තරගාවලියේ තවත් එක් තරගයක් අද (18) රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩා සංකීර්ණයේ දී ගුවන් හමුදා කණ්ඩායම සහ යුද හමුදා කණ්ඩායම අතර පැවැත්වුණු අතර ලකුණු 21-29ක් වශයෙන් තරගය ජය ගැනීමට යුද හමුදා රග්බි කණ්ඩායම සමත් වුනා.

ධනුෂ්ක රන්ජන් උත්සාහක දිනුම් ත්‍රිත්වයකින් පොලිසියට සංග්‍රහ කරයි

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ දෙවන සති අන්තයේ තවත් තරගයක් අද (18) මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේ දී, වත්මන් ශූර මහනුවර……

සවස 04ට පමණ මද උණුසුම් කාලගුණයක් යටතේ ආරම්භ වූ තරගය නැරඹීම සඳහා දෙපිළම නියෝජනය කරමින් විශාල ප්‍රේක්ෂකයින් සංඛ්‍යාවක් සහභාගී විය. තරගයේ මුල් මිනිත්තු දහය තුළ දී ප්‍රවේගකාරී ක්‍රීඩා විලාසයක් පෙන්නුම් කළ ගුවන් හමුදා ක්‍රීඩකයින් තම ආධාරකරුවන්ගේ සිතේ ජයග්‍රහණය පිළිබඳ බලාපොරොත්තුවක් දල්වමින් උත්සාහක දිනුම් ද්විත්වයක් වාර්තා කිරීමට සමත් වූ අතර ඉන් පළමුවැන්න ලහිරු උදයංග විසින් ද, දෙවැන්න සාරක වෙරැල්ලගේ පන්දු පිරිනැමීමක් ප්‍රයෝජනයට ගනිමින් තිළිණ බණ්ඩාර විසින් ද වාර්තා කළා. මෙම උත්සාහක දිනුම් දෙකෙහිම ප්‍රවර්තන සාර්ථක කර ගැනීමට ගයන්ත ඉද්දමල්ගොඩ හට හැකි වුනා. (ගුවන් 14 – 00 යුද)

මේ වන විට යුද හමුදා ක්‍රීඩකයන් යම් කිසි පීඩනයකට හසුව ක්‍රීඩා කරනු දැකිය හැකි වූ අතර විටෙන් විට පන්දු මග හැරීම් ඇතුළුව විවිධ අඩුපාඩු ඔවුන් වෙතින් දිස් විය. කෙසේ නමුත් ප්‍රතිවාදී පිළේ දුර්වල ස්ථානයක් අතරින් වේගයෙන් ඉදිරියට ඇදෙමින් උත්සාහක දිනුම් රේඛාව වෙත දිවගිය ගුවන් හමුදා ක්‍රීඩක ජෙරෝ ධනංජය අතරමග දී යුද හමුදා ක්‍රීඩකයින් විසින් නැවැත්වීම නිසා ඉතා කෙටි කාලයකින් නැවත ලකුණු පහක් ලබා ගැනීමට අවස්ථාව මඟහැරී ගියේය. ලකුණු පිපාසයකින් පෙළෙන බවට පෙනුණු ගුවන් හමුදා ක්‍රීඩකයින් තවත් වඩා ආක්‍රමණකාරී ලෙස සිය ගෝල කණු වෙත යන අතරමග දී සිදු කළ දෝෂයක් නිසාවෙන් රුමේෂ් වසන්ත හට කහ කාඩ් පතක් නිකුත් කිරීමට විනිසුරු හට සිදු වුනා.

නිරෝෂ්ගේ උත්සාහක දිනුම් අපතේ යවමින් තරින්ද වැලිසර හොල්ලයි

ඩයලොග් ලීග් රග්බි තරගාවලියේ දෙවන සති අන්තයේ තවත් තරගයක් අද (17) වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේ දී නාවික හමුදා ක්‍රීඩා සමාජය හා…….

තරගය පටන් ගන්නා අවධියේ මලානික ක්‍රීඩා ස්වාභාවයක් පෙන්නුම් කළ යුද හමුදා ක්‍රීඩකයින් ටිකෙන් ටික තරගයට ජවසම්පන්න අයුරින් අවතීර්ණ වන බව දිස් වූ අතර එම කණ්ඩායමේ අශාන් බණ්ඩාරගේ ක්‍රීඩා ඉරියව් කැපී පෙනුණි.

මෙසේ තරගය දියත් වන විට එක් අවස්ථාවක දී ආක්‍රමණශීලී ලෙස සිය ගෝල කණු වෙත පන්දුව හොඳින් හුවමාරු කරගනිමින් දිවගිය යුද හමුදා පිළ ඔවුන්ගේ උත්සාහක රේඛාව අසල ප්‍රතිවාදීන් සමඟ කරට කර සටනක් දුන් අතර පන්දුව සියතට ගෙන හරියටම ගෝල කණු දෙක මැද්දට පනිමින් ෆ්ලැන්කර් ක්‍රීඩක උපුල් අබේරත්න යුද හමුදාව වෙනුවෙන් පළමු උත්සාහක දිනුම වාර්තා කළේය. මෙහි ප්‍රවර්තනය ගයාන් සලින්දගේ පාදයෙන් සාර්ථක විය. (ගුවන් 14 – 07 යුද)

විනාඩි පහක පමණ කෙටි විවේකයක් ලබා ගත් දෙපිළම රෞද්‍ර අන්දමින් නැවතත් තරගයට අවතීර්ණ වූ අතර යුද හමුදා කණ්ඩායම පෙර ලබා ගත් ජවසම්පන්න රිද්මයෙන් බැහැර නොවී විවිධ මාන ඔස්සේ සිය ගෝලය වෙත යන්නට විය. පෙර ඔවුන් අතින් සිදු වූ දෝෂ කිසිවක් මේ වන විට දැකීමට නොතිබූ අතර ගුවන් හමුදා ක්‍රීඩකයින් මදක් පසුබෑමකට ලක්ව තිබුණි. තරගයේ තිස්වැනි මිනිත්තුවේ දී නැවතත් උත්සාහක දිනුමක් යුද හමුදා පිළට එක් වූයේ මොහොමඩ් රිස්වීගේ අතිනි. එහෙත් එහි ප්‍රවර්තනය ගයාන් සලින්ද හට නිසි අන්දමින් ලබා ගැනීමට නොහැකි විය. (ගුවන් 14 – 12 යුද)

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

ඉන්පසුව මද වේලාවක් යන තෙක් දෙපිළම සිය සංග්‍රාමය ගෙන ගියේ පිටියේ මධ්‍ය රේඛාව මත සිටයි. කිසිවෙකුට තම උත්සාහක සීමාවන් අසලට යාමට ප්‍රතිවාදීන් ඉඩ නොතැබීය. යුද හමුදා ක්‍රීඩක පුෂ්පකුමාර විසින් තමන් ලැබූ ඉඩකින් වාසිය ගනිමින් ගෝලය වෙත ගොස් ඉතා දක්ෂ අයුරින් තවත් උත්සාහක දිනුමක් වාර්තා කළ අතර ගයාන් සලින්ද එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමෙන් අනතුරුව විනිසුරු විසින් පළමු අර්ධය නිමා කිරීමට සංඥා කළේය

පළමු අර්ධය: ගුවන් හමුදා ක්‍රීඩා සමාජය 14 – 19 යුද හමුදා ක්‍රීඩා සමාජය

විවේකයෙන් පසුව දෙවැනි අර්ධය සඳහා දෙපිළම ප්‍රාණවත් අයුරකින් පිටිය වෙත පැමිණි අතර ගුවන් හමුදාවේ හුකර් ක්‍රීඩක ලහිරු උදයංග යුද හමුදා පිළ වෙත අභියෝගාත්මක ලෙස ක්‍රීඩා කරන්නට විය. තමන් පළමු අර්ධයේ දී ලැබූ ප්‍රවේගාත්මක ක්‍රීඩා රටාවෙන් බැහැර නොවූ යුද හමුදා කණ්ඩායම ද ඔවුන්ට එල්ල වූ තර්ජන වලට පහසුවෙන් මුහුණ දෙමින් කටයුතු කරන්නට වූ අතර මෙම අර්ධය පෙරට වඩා මන්දගාමී ස්වරූපයක් ඉසිලීය.

රහල් සහ රීසා, මධුවන්තගේ උත්සාහයන් සියල්ල ව්‍යර්ථ කරයි

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ දෙවන සති අන්තය අරඹමින් ප්‍රබල කණ්ඩායම් දෙකක් වන හැව්ලොක් ක්‍රීඩා සමාජය හා CH&FC ක්‍රීඩා සමාජය……

දෙපිළේ ලකුණු අතර තිබූ අඩු පරතරය නිසා යම් තිගැස්මක් ක්‍රීඩකයින් වෙතින් දිස් වූ අතර එම නිසාවෙන්දෝ සිදු වූ දෝෂයන් නිසා යුද හමුදා ක්‍රීඩක අශෝක ජයලාල් සහ ගුවන් හමුදා ක්‍රීඩක රුමේෂ් රාමදාස් හට විනිසුරු වෙතින් කහ කාඩ්පත් ලබා පිටියෙන් මද වේලාවකට ඉවත් වන්නට සිදු විය. ඒ අතරතුර ගුවන් හමුදාවේ රුමේෂ් වසන්ත හට ආබාධයකට ලක්ව පිටියෙන් බැහැර වන්නට සිදු වූ අතර මෙම අවාසිසහගත තත්වයන් මනා සේ කළමනාකරණය කර ගනිමින් තම දෙවන උත්සාහක දිනුම වාර්තා කිරීමට ගුවන් හමුදා කණ්ඩායමේ තිළිණ බණ්ඩාර සමත් වුනා. එහි ප්‍රවර්තනය මෙවර සාර්ථක කර ගත්තේ අරුණ පෙරේරා විසිනුයි. (ගුවන් 21 – 19)

කණ්ඩායම් දෙකෙහි ලකුණු පරතරය දෙකක් වැනි සුළු ප්‍රමාණයක් වූ අතර ඉතිරිව ඇති කාලය තුළ දී තම ස්ථාවරය සකසා ගැනීමට කණ්ඩායම් ද්විත්වයම මහත් සේ වෙහෙසුණ නමුත් යම් වේලාවක් යන තෙක් කිසිවෙකුට තමන්ට අයත් උත්සාහක සීමාවන් වෙත ළඟාවීමට හැකි වූයේ නැත.

නැවත නැවතත් කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයින් ආබාධවලට සහ කහ කාඩ්පත් නිකුත් වීම්වලට ගොදුරු වූයේ ඇතිව තිබූ උද්වේගකාරී තත්වය නිසා නිසි තාක්ෂණික ක්‍රමවේදයන් අනුගමනය නොකොට විවිධ දෝෂසහගත විලාසයන් අනුගමනය කිරීම නිසාවෙනි. මේ අතරවාරයේ ගුවන් හමුදා පිළෙන් එල්ල වන පීඩනය හමුවේ තමන්ට පන්දුව ඉදිරියට ගෙන ගොස් උත්සාහක දිනුමක් ලබා ගැනීමට නොහැකි වන බව අවබෝධ කර ගත් යුද හමුදාවේ අශාන් බණ්ඩාර ගෝල කණු අතරින් යන පරිදි පන්දුව වෙත පා පහරක් එල්ල කොට ගෝලයක් වාර්තා කළේය. (ගුවන් 21 – 22 යුද)

පෙරළියකට සැරෙසන CH&FC කණ්ඩායම

දරුණු ලෙස අසාර්ථක වූ තරග වාර දෙකකට පසු කරළියේ පෙරළියක් කරමින් CH&FC රග්බි කණ්ඩායම 2017/18 තරග වාරයේ දී අන්තර් සමාජ රග්බි……

නැවත පන්දුව තමන් සතුකරගත්  ගුවන් හමුදා ක්‍රීඩකයින් විවිධ උපක්‍රම භාවිතා කරමින් සිය ගෝල සීමාව වෙත ළඟා වීමට උත්සහ දැරුවත් ප්‍රතිවාදී යුද හමුදා ක්‍රීඩකයින් ඔවුන්ට සිතැඟි පරිදි කටයුතු කිරීමට ඉඩ නොදුන්නේය.

තරගයේ අවසාන මිනිත්තු කිහිපය මේ වන විට ගත වෙමින් තිබුණු අතර දෙපිළේම ක්‍රීඩකයින් පසු වූයේ මහත් උද්වේගකර අවස්ථාවකයි. පිටියේ යම් ඉඩක් ප්‍රයෝජනයට ගත් යුද හමුදා ක්‍රීඩක බොයිලා සොසිවේටා තරගයේ අවසාන උත්සාහක දිනුම ලබා ගත් අතර එහි ප්‍රවර්තනය ඉසුරු මැදගෙදර වාර්තා කරනු ලැබුවා. මේ අනුව තරගයේ තියුණු ජයක් හිමි කරගැනීමට යුද හමුදා ක්‍රීඩා සමාජය සමත් වුනා.

අවසන් ලකුණු තත්වය: ගුවන් හමුදා ක්‍රීඩා සමාජය 21 – 29 යුද හමුදා ක්‍රීඩා සමාජය

ලකුණු ලබා ගැනීම

ගුවන් හමුදාව: ලහිරු උදයංග 1T, සාරක වෙරැල්ලගේ 1T, තිළිණ බණ්ඩාර 2T, ගයන්ත ඉද්දමල්ගොඩ 2C, අරුණ පෙරේරා 1C

යුද හමුදාව: උපුල් අබේරත්න 1T, මොහොමඩ් රිස්වී 1T, බොයිලා සොසිවේටා 1T, ධනුෂ්ක පුෂ්පකුමාර 1T, අශාන් බණ්ඩාර 1G, ගයාන් සලින්ද 2C, ඉසුරු මැදගෙදර 1C

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<