ක්‌ලිෆර්ඩ් බොක්‌සිං ශූරයා ප්‍රභාශ්වර ශූරිය නිරංජලා

126

ශ්‍රී ලංකා බොක්‌සිං සංගමය විසින් සංවිධානය කරන ලද 87 වැනි ක්‌ලිෆර්_ඩ් කුසලාන බොක්‌සිං තරගාවලියේ දක්‍ෂතම ක්‍රීඩකයා ලෙස එම්.එම්. ප්‍රභාශ්වර සම්මාන ලැබූ අතර දක්‍ෂතම ක්‍රීඩිකාව ලෙස නිරංජලා සේනානායක නම් කෙරිණි.

අදාළ තරගාවලියේ සමස්‌ත ශූරතාව ස්‌ලිම්ලයින් ක්‍රීඩා සමාජය විසින් දිනා ගන්නා ලදී.

කොළඹ සුගතදාස ගෘහස්‌ථ ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගාවලියේදී ස්‌ලිම්ලයින් ‘ඒ’ කණ්‌ඩායම නියෝජනය කළ ප්‍රභාශ්වර කි.ග්‍රෑ. 49 ලයිට්‌ ෆaලයි බර පංතිය යටතේ තරග වදිමින් අවසන් මහා තරගයේදී ගුවන් හමුදා ‘ඒ’ කණ්‌ඩායමේ පී.ජී.ඊ. මධුෂාන් තරග වට 3-0 කින් පරාජය කරමින් ශූරයා ලෙස සම්මාන ලැබීය. තරගාවලියේ දක්‍ෂතම පරාජිතයා වශයෙන් මධුෂාන් සම්මාන ලැබීය.

කාන්තා අවසන් මහා තරගයේදී කි.ග්‍රෑ. 64 බර පංතිය යටතේ තරග කළ් කැෂුවලයින් ක්‍රීඩා සමාජයේ නිරංජලා සේනානායක තරග වට 3-0 කින් ගුවන් හමුදා ‘ඒ’ කණාඩයමේ කේ.එල්.යූ. කෞෂල්‍යා පරාජයට පත් කළාය. කාන්තා අංශයේ දක්‍ෂතම පරාජිකාව ලෙස කි.ග්‍රෑ. 54 බර පංතිය යටතේ තරග කළ ස්‌ලිම්ලයින් ආයතනයේ පී.ආර්. දිලිනි සම්මාන දිනා ගත්තාය.