ක්‍රීඩා අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද ලංකාවේ ප්‍රමුඛතම ක්‍රීඩා උළෙලක් වන 41වැනි ජාතික මහා ක්‍රීඩා උළෙල පසුගියදා දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී නිමාවට පත් විය.
ඡායාරෑප සඳහා මෙතනින් පිවිසෙන්න
සමස්ථ තරගාවලිය තුළ වැඩිම දස්කම් දැක්වු බස්නාහිර පළාත රන් පදක්කම් 77ක් දිනාගනිමින් සමස්ථ ශුරතාව තමන් සතු කරගන්නට සමත් විය. රන් පදක්කම් 47ක් දිනු මධ්‍යම පළාතට අනුශුරතාවය හිමි වු අතර වයඹ පළාත රන් පදක්කම් 26ක් දිනාගනිමින් තෙවැනි ස්ථානයට හිමිකම් කියන ලදි. සිව්වන ස්ථානය රන් පදක්කම් 13ක් දිනු දකුණු පළාතටත්, පස්වන සහ හයවන ස්ථානපිළිවෙළින් වයඹ පළාතට හා සබරගමු පළාතට හිමිවිය.
ක්‍රීඩා උළෙලේ නව ශ්‍රී ලංකා වාර්තා 2ක් සමගින් නව තරග වාර්තා 12ක් බිහිකිරීමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් විම විශේෂත්වයක් විය. දකුණු පළාත නියොජනය කරමින් මිටර 100 ඉසව්ව සදහා තරග කළ විනොද් සුරංජය එම ඉසව්වතප්පර 10.45 කින් නිමා කරමින් නව ශ්‍රී ලංකා වාර්තාවක් බිහිකිරීමට සමත් විය. මිටර 200 ඉසව්ව ද නියෝජනය කළ සුරංජය එම ඉසව්ව ද තප්පර 21.02 කින් නිමා කරමින් නව තරග වාර්තාවක් බිහිකිරීමට සමත් විම ද කැපි පෙනුණි.

41වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ දක්ෂතම මලළ ක්‍රීඩකයා ලෙස දකුණු පළාතේ උස පැනිමේ ක්‍රීඩක මංජුල විජේසේකර සම්මාන දිනාගත් අතර දක්ෂතම මලළ ක්‍රීඩිකාව ලෙස බස්නාහිර පළාත නියොජනය කළ එන්.සී.ඩි ප්‍රියදර්ශනී සම්මානයට පාත්‍ර විය.
උතුරු පළාතටත් ප්‍රථම වරට ජාතික මහා ක්‍රිඩා උලෙළක රන් පදක්කමක් හිමිවිය. ඒ මෙවර ක්‍රිඩා උළෙලේදී ය. උතුරු පළාත නියොජනය කළ ජේ අනිතා රිටි පැනිමේ ඉසව්වෙන් එම රන් පදක්කම දිනා ගැනිමට සමත් විය.

42වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය උතුරු පළාතට පිරිනැමීම ක්‍රීඩා උළෙල අවසානයේදී සිදුකෙරුණු අතර තරගාවලිය නැරැඹීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එක්වී සිටි අතර තරගාවලියේ ජය සංකේත ප්‍රදානෝත්සවය සදහා ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් සහ නියෝජ්‍ය ඇමැති එච්.එම්.එම්.හාරිස්, ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් ඩී.එම්.ආර්.බී.දිසානායක, ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්කේ.ඩී.එස්.රුවන්චන්ද්‍ර මහත්වරුන් හා පළාත් ක්‍රීඩා ඇමැතිවරුන් ඇතුළු ආරාධිතයන් රැසකගේ සහභාගිත්වයෙන්සිදුවිය.
41වැනි ජාතික ක්‍රිඩා උළෙලේ මෙවර බිහි නව වාර්තා මෙසේය

කාන්තා- මිටිය විසිකිරීම – පී.කේ.ඒ.ඒ.මධුවන්ති (ඌව) මීටර් 43.18 (නව ශ්‍රී ලංකා වාර්තාවකි), දුර පැනීම -එන්.සී.ඩී.ප්‍රියදර්ශනී (බස්නාහිර) මිටර් 6.43 (නව ශ්‍රී ලංකා වාර්තාවකි), මීටර් 5000 – නිලානි රත්නායක (සබරගමුව)විනාඩි 16.50:67, තුම්පිම්ම – විදූෂා ලක්ෂානි (බස්නාහිර) මිටර්. 12.98, මීටර් 800 – ඩබ්.කේ.එල්.ඒ.නිමාලි (දකුණ)වි.2.05:32, මීටර් 400 කඩුලු – ඩබ්.පී.ඊ.ආර්.දුලක්ෂි (දකුණ) තත්.59.51, හෙල්ල විසිකිරීම – නදීකා ලක්මාලි (දකුණ)මීටර්. 58.52, මීටර් 400×4 – දකුණු පළාත විනාඩි 3.43:98






















