NSL කාන්තා T20 සටන සක්‍රීය වෙයි

Women's National Super League T20 2026

38
Vidushika

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන National Super League කාන්තා විස්සයි විස්ස තරගාවලිය හෙට සිට මේ මස 17 වැනිදා දක්වා කොළඹ දී පැවැත්වීමට නියමිතයි.

මෙම තරගාවලිය සඳහා හර්ෂිතා සමරවික්‍රම ගේ නායකත්වයෙන් යුත් Blues, විශ්මි ගුණරත්නගේ නායකත්වයෙන් යුත්  Greys, හසිනි පෙරේරා ගේ නායකත්වයෙන් යුත් Greens සහ චමුදි ප්‍රබෝධා ගේ නායකත්වයෙන් යුත් Red යන කණ්ඩායම් 4 සහභාගී වෙන අතර දිනකට තරග 2ක් බැගින් සියලු තරග කොළඹ BRC, තර්ස්ටන්, CCC, Colts සහ P. Sara Oval ක්‍රීඩාංගණ 5 දී පැවැත්වීමට නියමිතයි.

සෑම කණ්ඩායමක් ම එක් එක් කණ්ඩායම සමඟ අවස්ථා 2ක දී තරග වැදීමට නියමිත අතර තරගාවලියේ අවසන් මහා තරගය සඳහා කණ්ඩායම් තෝරා ගනු ලබන්නේ ප්‍රසාද ලකුණු පුවරුවේ පළමු ස්ථාන ද්විත්වයට පත් වෙන කණ්ඩායම් මගිනුයි. එම කණ්ඩායම් ද්විත්වය එළැඹෙන 17 වැනිදා කොළඹ P. Sara Oval ක්‍රීඩාංගණයේ දී අවසන් මහා තරගයට මුහුණ දීමට නියමිතයි.

තරගාවලිය සඳහා එක් වෙන කණ්ඩායම්වල නායකත්වයට හසිනි පෙරේරා, විශ්මි ගුණරත්න, හර්ෂිතා සමරවික්‍රම සහ චමුදි ප්‍රබෝධා නම් කර තිබෙනවා.

තරගාවලියේ කාලසටහන

  • ජනවාරි 8 වැනිදා

Blues සහ Greys අතර තරගය කොළඹ, BRC ක්‍රීඩාංගණයේ දී.

Greens සහ Red අතර තරගය කොළඹ, BRC ක්‍රීඩාංගණයේ දී.

  • ජනවාරි 09 වැනිදා

Greens සහ Blues අතර තරගය කොළඹ, තර්ස්ටන් ක්‍රීඩාංගණයේ දී.

Greys සහ Red අතර තරගය කොළඹ, තර්ස්ටන් ක්‍රීඩාංගණයේ දී.

  • ජනවාරි 11 වැනිදා

Red සහ Blues අතර තරගය කොළඹ, තර්ස්ටන් ක්‍රීඩාංගණයේ දී.

Greys සහ Greens අතර තරගය කොළඹ, තර්ස්ටන් ක්‍රීඩාංගණයේ දී.

  • ජනවාරි 12 වැනිදා

Red සහ Greens අතර තරගය කොළඹ, BRC ක්‍රීඩාංගණයේ දී.

Greys සහ Blues අතර තරගය කොළඹ, BRC ක්‍රීඩාංගණයේ දී.

  • ජනවාරි 14 වැනිදා

Red සහ Greys අතර තරගය කොළඹ, CCC ක්‍රීඩාංගණයේ දී.

Blues සහ Greens අතර තරගය කොළඹ, CCC ක්‍රීඩාංගණයේ දී.

  • ජනවාරි 15 වැනිදා

Greens සහ Greys අතර තරගය කොළඹ, Colts ක්‍රීඩාංගණයේ දී.

Blues සහ Red අතර තරගය කොළඹ, Colts ක්‍රීඩාංගණයේ දී.

  • ජනවාරි 17 වැනිදා

අවසන් මහා තරගය කොළඹ, P. Sara Oval ක්‍රීඩාංගණයේ දී.

තරගාවලිය සඳහා සහභාගී වන කණ්ඩායම්

Greens කණ්ඩායම

 

හසිනි පෙරේරා (නායිකාව), ලිහිනි අප්සරා, නිලක්ෂි ද සිල්වා, නෙත්මි සේනාරත්න, මල්ශා ශෙහානි, විටිනි ද අල්විස්, පියුමි වත්සලා, නිමේෂා මදුශානි, කාව්‍යා කාවින්දි, රශ්මි නේත්‍රාංජලී, රශ්මි සිල්වා, රිශ්මි සංජනා, හරිනි පෙරේරා, අයේෂා කීර්තිරත්න සහ දේවගී ජෙගනාදන්.

 

Greys කණ්ඩායම

 

විශ්මි ගුණරත්න (නායිකාව), හසිනි ඉන්ද්‍රජිත්, සුමුදු නිසංසලා, කවීශා දිල්හාරි, හංසිමා කරුණාරත්න, සුභද්‍රා සවනි, සදුනි නිසංසලා, තාරුකා ශෙහානි, ඉමේෂා දුලානි, තාරිකා සෙව්වන්දි, මල්කි මදාරා, හිරුණිකා නුවන්තනා, චමරි ලක්ශානි, සෙව්මිණි ශශිකලා සහ මල්ෂි නිරාශා.

 

Blues කණ්ඩායම

 

හර්ෂිතා සමරවික්‍රම (නායිකාව), සඳලි වීරසිංහ, කෞෂිනී නුත්‍යාංගනා, ඉමල්කා මෙන්ඩිස්, දෙව්මි විහංගා, අමා කාංචනා, සචිනි නිසංසලා, සත්‍යා සංදීපනී, චේතනා විමුක්ති, ශයනි සේනාරත්න, රන්දි ප්‍රේමරත්න, යසන්ති හේරත්, ශානිකා සත්‍යාංගනී, හිරුණි හංසිකා සහ නෙත්මි සංජනා.

 

Red කණ්ඩායම

 

චමුදි ප්‍රබෝධා (නායිකාව), විමෝක්ෂා බාලසූරිය, සංජනා කාවින්දි, උමයංගනා පීරිස්, නෙතගි ඉසුරාංජලී, ශෂිනි ගිම්හානි, ප්‍රමුදි මෙත්සරා, ලිමංසා තිලකරත්න, අශේනි තලගුණේ, නෙත්මි උපේක්ෂා, චමෝදි හේරත්, රශ්මිකා සෙව්වන්දි, දනෝද්‍යා සෙව්මිණි, මිතාලි අයෝද්‍යා සහ දාරියා දිසානායක.