වරෙක ක්‍රිකට් කරළියේ නැගී එන තරු ලෙස මෙරට ක්‍රීඩාලෝලීන්ගේ නිබඳ ගෞරවාදරයට පාත්‍ර වූ නමුත් ක්‍රමයෙන් ජාතික මට්ටමේ තේරීම් කමිටු වල පෙනෙන මානයෙන් පහතට වැටුණු ක්‍රීඩකයන් රැසක් ශ්‍රී ලංකාව තුළ සිටියි. නැවත වරක් ජාතික කණ්ඩායමට පිවිසීමේ බලාපොරොත්තුවෙන් සිටින එවන් ක්‍රිකට් තරු කිහිපයක් පිළිබඳවයි මේ ආවර්ජනය.
>> ශූරයින් අතර හරඹ පාන්නට සැරසෙන කළු අශ්වයෝ (I කොටස)
1: ලහිරු තිරිමාන්න.

වරෙක ශ්‍රී ලංකා කණ්ඩායමේ මැද පෙළ සවිමත් කිරීම සඳහා ස්ථාවර දායකත්වයක් බලාපොරොත්තු විය හැකි ක්‍රීඩකයෙකු වූ ලහිරු තිරිමාන්න එක්දින පිටියේ වසර කිහිපයක් තුල ශතක 4ක් සහ අර්ධ ශතක 16ක් වාර්තා කර තිබෙන නමුත්, අනෙක් තරග රටා දෙක තුල දී ඔහු ස්ථාවර දක්ෂතා අතර නොසිටි බව පිළිගත යුතුය. පසුගිය 2016 වසරේ ජුනි මාසයේදී ලන්ඩන් නුවර ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී එංගලන්තයට එරෙහිව පැවති ටෙස්ට් ක්‍රිකට් තරගය තිරිමාන්නගේ අවසන් ජාතික නියෝජනය වූ අතර එහි දී ඔහු රැස් කළේ ලකුණු 17ක් පමණි. එතැන් පටන් දේශීය ක්‍රිකට් පිටියේ ද ඉහළ දස්කම් අතරට පැමිණෙන්නට ඔහු අසමත් වීම ජාතික කණ්ඩායමේ ස්ථානය පිළිබඳ බලාපොරොත්තු තවත් ඈත් කිරීමට හේතුවක් වී තිබේ. කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමේ මැද පෙළ පිතිකරුවන්ගේ අස්ථාවරත්වය පිළිබඳ ගැටලුව තවමත් සම්පූර්ණයෙන් විසඳී නැත. එබැවින් තම හැකියාව නිසි අයුරින් ප්‍රදර්ශනය කරමින් සාර්ථක දේශීය තරග වාරයක් අවසන් කරන්නට සමත් වුවහොත් නැවත ජාතික කණ්ඩායමට කැඳවුම් ලබන්නට ලහිරු තිරිමාන්නට අවස්ථාවක් නොමැත්තේ නොවේ.
2: ජීවන් මෙන්ඩිස්.

2016 ඔක්තෝබර් මාසයේ දී එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලිය සඳහා ඩර්බිෂයර් ප්‍රාන්ත කණ්ඩායම සමඟ ජීවන් ගිවිසුම් ගත වුනේ 2017 තරග වාරය සඳහා එම කණ්ඩායමේ විදෙස් ක්‍රීඩකයෙකු ලෙසයි. ස්පෙක්සේවර්ස් දෙවන කාණ්ඩයේ දේශීය තරගාවලිය තුල පා දඟ පන්දු යවන්නෙකු ලෙස දස්කම් දක්වන්නට සමත්ව සිටින ඔහු මේ වන විට තරග 4ක දී දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 19ක්.
- අකිල ධනංජය.

අනතුරුව පැවති ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දැක්වූ ඉහළ දස්කම් පදනම් කර ගනිමින් 2012 ලෝක කුසලාන පන්දුවාර 20 තරගාවලිය සඳහා නම් කළ අවසන් ශ්‍රී ලංකා සංචිතයට පමණක් නොව අවසන් ක්‍රීඩකයන් 11 දෙනා අතරට ද සුදුසුකම් ලැබූ අකිල එම තරගාවලිය තුල දී ද කැපී පෙනෙන දස්කම් ප්‍රකට කරන ලදි. ශ්‍රී ලංකාව පරාජය වූ අවසන් මහා තරගයේ දී ද ඔහු අගනා පන්දු වාර 3ක් ක්‍රියාත්මක කළ අතර තරගාවලිය තුල තරග 3 ක දී කඩුලු 5ක් බිඳ දමන්නට සමත් විය. කෙසේ වෙතත් එම තරගාවලියෙන් අනතුරුව කණ්ඩායමේ ස්ථානයක් සොයා ගැනීම අකිලට එතරම් පහසු කාර්යයක් නොවූ අතර ඔහුගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය තවමත් පන්දුවාර 20 තරග 5 කට සහ එක්දින තරගයකට සීමා වී තිබේ. එනමුදු තවමත් සිය උත්සාහය අත්හැර නොමැති අකිල දිගින් දිගටම ජාතික කණ්ඩායමේ දොරට තට්ටු කරමින් සිටින්නේ දේශීය ක්‍රිකට් පිටියේ දක්වන ඉහළ දක්ෂතා හේතුවෙනුයි.
- කිතුරුවන් විතානගේ.

විමතියට කරුණ වන්නේ ඔහු සීමිත පන්දුවාර තරග තුල දී සිය දස්කම් ප්‍රකට කිරීමට අපොහොසත් වීමයි. හොඳ ආරම්භයක් ලබා ගැනීමෙන් පසු තම කඩුල්ල පූජා කිරීමේ ස්වභාවය හේතුවෙන් සීමිත පන්දුවාර කරළියේ කිතුරුවන් නාමය ස්ථාවර කර ගැනීමට නොහැකි වුවද පසුව බංග්ලාදේශයට එරෙහිව ටෙස්ට් ශතකයක් වාර්තා කරන්නට ඔහු සමත් විය. කෙසේ වෙතත් පිත්තේ අසාර්ථකත්වයත්, පිටියෙන් එපිට සිදු වූ ඇතැම් විනය හා සම්බන්ධ සිදුවීම් කිහිපයක් ද ඔහුගේ ජාත්‍යන්තර තරග බලාපොරොත්තු දිගින් දිගටම ඈත් කරන්නට හේතු වී තිබේ. මෙවර අන්තර් සමාජ ප්‍රිමියර් ලීග් පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ ඉනිම 15ක් තුල ලකුණු 500 සීමාව යන්තමින් පසු කර ගිය කිතුරුවන් තම පිත්තේ ශක්තිය මෙන්ම ක්‍රිකට් පිටියෙන් එපිට දිවියේ සංයමය ද දියුණු කර ගනිමින් නැවත කණ්ඩායම සමඟ එක්වීමේ බලාපොරොත්තුවෙන් පසු වනු ඇත.
5.අජන්ත මෙන්ඩිස්.

සිය ඉහළම දස්කම් අතර සිටි සමයේ ටෙස්ට් වරම් ලද අජන්ත මෙන්ඩිස් එම තරගාවලිය අවසන් කළේ කඩුලු 26ක් සමඟ මංගල ටෙස්ට් තරගාවලියේ දී පන්දු යවන්නෙකු දැක්වූ හොඳම දස්කමේ වාර්තාව ද තමන් සතු කර ගනිමිනුයි. එමෙන්ම ඔහුගේ ජාත්‍යන්තර තරග දිවියේ තවත් අමතක නොවන අත්දැකීමක් වන්නේ 2008 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ දී ප්‍රබල ඉන්දීය පිතිකරුවන් 6 දෙනෙකුගේ ඉනිම අවසන් කරමින් ශූරතාවට මග විවර කරවීමයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ක්‍රිකට් තරගයක දී එක පන්දු යවන්නකුට හිමි වන පන්දු වාර 4 තුල කඩුලු 6ක් දවා ගැනීම ඉතා දුර්ලභ දක්ෂතාවකි. ක්‍රිකට් ඉතිහාසයේ ම එවන් අවස්ථා 3ක් පමණක් වාර්තා වී ඇති අතර ඉන් අවස්ථා දෙකකම හිමිකාරිත්වය දරන්නේ අජන්ත මෙන්ඩිස් විසිනුයි. ලොව හොඳම ජාත්‍යන්තර පන්දුවාර 20 පන්දු යැවීම ලෙස ඔහු සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ලකුණු 8කට කඩුලු 6ක් දවා ගැනීම සටහන් වෙයි. ආබාධ සහ අඩු දස්කම් හේතුවෙන් දීර්ඝ කාලීනව කණ්ඩායමේ ස්ථානයක් හිමි කර ගැනීමට නොහැකි වූ නමුත් රංගන හේරත් තම ක්‍රිකට් දිවියේ අවසානයට ලඟා වීමත් සමඟ අජන්ත මෙන්ඩිස් හට යලිත් කණ්ඩායමේ දොරගුළු විවර කර ගැනීමේ මාර්ගයක් මතු වෙමින් තිබේ. කෙසේ වෙතත් අබිරහස් දස්කම්වලට වඩා මොළයෙන් ක්‍රීඩා කරන පන්දු යවන්නෙකු වීමට ඔහු අවධානය යොමු කළහොත් එය අජන්තගේ පෞද්ගලික මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතයට ද ප්‍රයෝජනවත් වනු ඇත.
තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න






















