ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග හට 2026 විස්සයි විස්ස ලෝක කුසලානය අහිමි වන බව වාර්තා වනවා.
මෙවර ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ පළමු තරගයේ දී (අයර්ලන්තයට එරෙහිව) වනිඳු පාදයේ ආබාධයකට (hamstring injury) ලක් වුනා. කෙසේ වෙතත් ඔහු සිය ආබාධ තත්වය තිබිය දී ම පවා පන්දු යැවීමේ නිරත වූ අතර, ඔහුගේ පන්දු යැවීම ලකුණු 25කට කඩුලු 3ක් ලෙස සටහන් වුනා. එමෙන්ම ඔහුගේ මෙම දක්ෂතාව ශ්‍රී ලංකාවට තරගය ජය ගැනීමට ද ප්‍රධාන හේතුවක් ලෙස සටහන් වුනා.
- ශ්‍රී ලංකා කණ්ඩායමේ උඳුවප් සංචාරය
- නවසීලන්තයේ සංචාරය කිරීමට නියමිත ශ්‍රී ලංකා T20 සංචිතය නම් කරයි
- නවක ක්රීඩකයා සමඟ ගැටුණු Kohliට දඩ නියම වෙයි!
- ශ්‍රී ලංකාව පුහුණු තරග ද්විත්වය පහසුවෙන් ජය ගනී
කෙසේ වෙතත් වනිඳුගේ ආබාධ තත්වය සුව වීමට සති හතරකට ආසන්න කාලයක් ගත වනු ඇති බවයි වාර්තා වන්නේ.
වනිඳු මේ වන විට විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ කඩුලු 40ක් දවා ගනිමින්, එම කඩුලු ලැයිස්තුවේ දෙවැනි ස්ථානයේ පසු වනවා. ඒ අනුව ඔහුගේ අහිමි වීම මෙවර ලෝක කුසලානය වෙනුවෙන් ශ්‍රී ලංකාවට විශාල බලපෑමක් එල්ල කළ හැකි.
කෙසේ වෙතත් වනිඳු වෙනුවට දුශාන් හේමන්ත මෙවර විස්සයි විස්ස සංචිතයට ඇතුළත් වනු ඇති බව අනුමාන කෙරෙනවා.
කෙසේ වෙතත් තවමත් එය නිල වශයෙන් තහවුරු වී නැහැ. මේ පිළිබඳ සියලු යාවත්කාලීන කිරීම් සිදු කිරීමට ThePapare සූදානම්.
එමෙන්ම 2026 විස්සයි විස්ස ලෝක කුසලානය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<




















