ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 15න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටස නියෝජනය කරන කළුතර විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායමේ නායක විශාර සස්මිත, දක්ෂතම පිතිකරු ගොන්නේ ඉහළින්ම ශ්‍රේණිගතව සිටිනවා. මේ ඔහු ගැන ThePapare.com තබන සටහනක්.
ක්‍රිකට් වාර්තා පොත් සැරසූ ශූරයා “හසිත බෝයගොඩ “
අනෙකුත් බොහෝ ක්‍රීඩකයන් සේ ම හසිත රජින්ද්‍ර බණ්ඩාර බෝයගොඩගේ ක්‍රිකට් දිවිය…
මේ දැක්වූ දක්ෂතා නිසාම ඔහු කාගේත් කතා බහට ලක්වෙන චරිතයක් වෙලා. කණ්ඩායමේ නායකයා ලෙසින් වඩාත් වගකීම් සහිතව පිටියේ හැසිරෙන ඔහු මේ වන විට රැස්කර ගෙන සිටින ලකුණු සංඛ්‍යාව 450කට වැඩියි. ඊට ශතක දෙකක් සහ අර්ධ ශතක 3ක් ඇතුලත්.
තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන ඔහු නිමා වූ වයස අවුරුදු 19න් පහළ පාසල් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා ද වුනා. ක්‍රිකට් ලොවට කළුතරින් දායාද වන මේ පුංචි ක්‍රිකට් තරුව ගැන ඔහුගේ පුහුණුකරු සුනිල් සළුවඩන මහතා පැවසුවේ මෙවැන්නක්.

ඔහු කොළඹ ඉසිපතන විද්‍යාලයට එරෙහිව ලකුණු 109ක් ලබා ගන්නේ පන්දු 39කින්. මෝදර ඩි ලා සාල් විද්‍යාලයට එරෙහිව නොදැවී ලකුණු 101ක් ලබා ගන්නේ පන්දු 32කින්. ඊට අමතරව කැළණිය විද්‍යාලය (88), රාජගිරිය ජනාධිපති විද්‍යාලය (55) සහ කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය (51) එරෙහි අර්ධ ශතක ලබා ගන්නවා.
“විශාරට හොඳ ජවයක් තියෙනවා. දරා ගැනීමේ ශක්තියක් තියෙනවා. හරියට ඒ දවස්වල ඩිල්ශාන් (තිලකරත්න ඩිල්ශාන්)ට වගේ. ඩිල්ශාන් පාසල් කාලයේ දැක්වූ දක්ෂතා ඒ ආකාරයෙන්ම දැන් විශාර දක්වනවා. ක්‍රීඩාවට වගේම තමයි විශාර ඉගෙන ගැනීමටත් දක්ෂයි. මේ දේවල් සමඟ විශාරට දුර ගමනක් යන්න පුළුවන්.” සළුවඩන මහතා විශාරට සහතිකය දෙන්නේ ඒ ලෙසින්.

“මම ගොඩක් සතුටු වෙනවා නායකත්වයේ සිටිමින් මේ වගේ දක්ෂතා දක්වන්න ලැබීම ගැන. මට මීට වඩා ලකුණු අතරට එන්න තිබුණා. ඒත් මගේ හදිස්සිය නිසා ඒක අහිමි වුනා. කොහොම වුනත් අඩු පන්දු ප්‍රමාණයකින් ශතක දෙකක්ම වාර්තා කිරීමට ලැබීම ගැන මට සතුටුයි.” විශාර පැවැසුවා.
විශාරගේ පවුලේ සිටින්නේ ඔහුත් නංගිත් පමණයි. “මගේ ප්‍රියතම ක්‍රීඩාව වෙන්නේ ක්‍රිකට්. පුංචි කාලෙ ඉඳලම ක්‍රිකට් ගහනවා. තාත්ත තමයි මාව ක්‍රිකට් ක්‍රීඩාවට යොමු කළේ. දැන් තාත්ත රට. අම්ම තමයි දැන් මගේ පිටුපස්සේ සිටිමින් මාව ධෛර්යමත් කරන්නේ.” විශාර පවසනවා.
අර්ජුනගේ මුරණ්ඩුව චන්දිමාල්ගේ මුරණ්ඩුව
දෙදෙනාම ආනන්දීයන් ය. දෙදෙනාම මඳක් දැඩි ය. දෙදෙනාම පිටිය මැද උප්පරවැට්ටි දැමීම…
ඒ වගේම තමන්ගේ ගමනේ දී උදව් උපකාර කරන පුහුණුකරු සුනිල් සළුවඩන මහතා සහ සහාය පුහුණුකරුවා ද, විද්‍යාලයීය විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය ද, පාසලේ සියලුම දෙනා සහ විශේෂයෙන්ම තමන්ගේ කණ්ඩායමේ සියලුම සාමාජිකයන් දක්වනු ලබන සහයෝගයට ඔහු ස්තූතිවන්ත වෙනවා.
පසුගිය වසරේ දැක්වූ දක්ෂතාව අභිබවා යෑමයි විශාරගේ අදහස. “අපි දැන් දෙවැනි වටයට සුදුසුකම් ලබල තිබෙන්නේ. මම දැනටමත් ලකුණු 500ට ආසන්නව ගහල තිබෙනවා. මගේ බලාපොරොත්තුව දෙවැනි වටය නිමා වෙද්දී ලකුණු 1000ක් ගහන්න.” විශාර පවසනවා.
ඊටත් පස්සේ විශාරගේ බලාපොරොත්තුව ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම නියෝජනය කරමින් විදෙස් සංචාරයකට එක් වීම. මේ අහිංසක ප්‍රාර්ථනාව විශාරගේ පුංචි හිත කියූ දේ. ඔහුගේ එම බලාපොරොත්තුව එලෙසින්ම ඉටු වෙන්න කියල ThePapare.com ද ප්‍රාර්ථනා කරනවා.
>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<





















