ශ්‍රී ලංකා ක්‍රිකට් පිටියේ නැගී එන වේගපන්දු භීතිකාව කසුන් රාජිත

533

චමින්ද වාස්, නුවන් සොයිසා සහ දිල්හාර ප්‍රනාන්දු වැනි වේගපන්දු යවන්නන් ක්‍රීඩාවට සමුදීමත්, ලසිත් මාලිංග සහ නුවන් කුලසේකර වැනි ක්‍රීඩකයින් ජාතික කණ්ඩායමෙන් ඉවතට විසිවීමත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තුල වේගපන්දු යවන්නන්ගේ ලොකු හිඩැසක් ඇතිවුණා. එම අඩුව පුරවන්නට යෞවනයන් සුදානම් බවට කොදෙව් සංචාරයේදී කසුන් රාජිත ප්‍රමුඛ නවකයින් පෙන්වා දුන්නා. 

කොදෙව් ටෙස්ට් තරඟාවලියේදී සුපිරි දක්ෂතා දක්වමින් වේගපන්දුවෙන් වැඩ දැමු ශූරයා කසුන් රාජිත සොයා අපි ගිය ගමනයි මේ.