ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ද සහයෝගය ඇති ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 15න් පහළ පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ, අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට රත්ගම දේවපතිරාජ විද්‍යාලය සහ මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය සමත් වුණා.
කොළඹ රාජකීය විද්‍යාලය සහ රත්ගම දේවපතිරාජ විද්‍යාලය අතර තරගය
කුරුණෑගල මලියදේව විද්‍යාලයීය පිටියේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ දේවපතිරාජ විද්‍යාලයීය ක්‍රීඩකයෝ පන්දු යැවීම තෝරා ගත්තා. ඒ අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි රාජකීය විද්‍යාලය සියලුම දෙනා දැවී ලබා ගන්නේ ලකුණු 162ක් පමණයි.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි දේවපතිරාජ විද්‍යාලයීය ක්‍රීඩකයෝ කඩුලු 7ක් පමණක් දැවී ලකුණු 166ක් ලබා ගනිමින් පළමු ඉනිමේ ජයග්‍රහණය ලබා ගන්නා ලද අතර ඒ අනුව ඔවුන් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගන්නවා.
රාජකීය ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ නිතේශ් ජයසිංහ. ඔහු පන්දු 74කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 60ක් ලබා ගන්නවා. ඊට අමතර ව ආදම් රහීම්ඩීන් පන්දු 46කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 25ක් ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී දියත් සංජිත ලකුණු 25කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර පිනිඳු නෙත්සර සහ අදීශ ගෞතම් කඩුලු ද්විත්වය බැගින් ද දෙනෙත් දිනුක කඩුල්ලක් ද දවා ගන්නවා.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි දේවපතිරාජ ඉනිමේ පළමු කඩුලු ත්‍රිත්වය ලකුණු 21ක් වෙද්දී අහිමි වූ නමුත්, සිව් වැනි කඩුල්ලට ලකුණු 88ක සබඳතාවක් ගොඩ නගමින් තරගය තමන් දෙසට හරවා ගැනීමට දියත් සංජිත සහ ලිනුවර සත්විඳු සමත් වෙනවා. එම කඩුල්ලේ සබඳතාව බිඳී යන්නේ ලිනුවර සත්විඳු ගේ දැවී යෑමත් සමඟිනුයි. ඒ වෙද්දී ඔහු පන්දු 89කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 50ක් ලබා සිටියා.
දියත් සංජිත 6 වැනි කඩුල්ලට දැවී යද්දී 129කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 47ක් ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී ගගන ගමගේ සහ හරින් මෙන්ඩිස් කඩුලු ද්විත්වය බැගින් දවා ගනිද්දී ආදම් රහීම්ඩීන් සහ සෙනුත් පෙරේරා කඩුල්ල බැගින් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
රාජකීය විද්‍යාලයීය වයස අවුරුදු 15න් පහළ කණ්ඩායම – පළමු ඉනිම සියලුම දෙනා දැවී 162 (49.0) නිතේශ් ජයසිංහ 60, ආදම් රහීම්ඩීන් 25, දියත් සංජිත 3/25, පිනිඳු නෙත්සර 2/21, අදීශ ගෞතම් 2/36
දේවපතිරාජ විද්‍යාලයීය වයස අවුරුදු 15න් පහළ කණ්ඩායම – පළමු ඉනිම කඩුලු 7ක් දැවී 166 (49.5) දියත් සංජිත 47, ලිනුවර සත්විඳු 50, නිකේෂ් ලසිඳු 18, ගගන ගමගේ 2/17, හරින් මෙන්ඩිස් 2/28
තරගයේ විසඳුමක් නෑ. (දේවපතිරාජ විද්‍යාලයීය වයස අවුරුදු 15න් පහළ කණ්ඩායමට පළමු ඉනිමේ ජයක්)
- හිමත්, හිරුන්, කෞෂික සහ හිමරු දක්ෂතා දක්වයි
- රත්ගම දේවපතිරාජයන් 17න් පහළ ශූරතාව දිනා ගනී
- මහානාම – දේවපතිරාජ අවසන් ගැටුමට
- මහින්ද – රාජකීය අවසන් පූර්ව වටයට
ගාල්ල මහින්ද විද්‍යාලය සහ මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය අතර තරගය
කොළඹ රාජකීය විද්‍යාලයීය පිටියේ දී පැවැති මෙම තරගයෙන් සාන්ත ජෝසප් විද්‍යාලයීය ක්‍රීඩකයෝ පළමු ඉනිමේ ජයග්‍රහණය ලැබීමත් සමඟින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තා.
කාසියේ වාසිය ජයග්‍රහණය කළ මහින්ද විද්‍යාලයීය ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසෙමින් කඩුලු 8කට ලකුණු 174ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් සාන්ත ජෝසප් විද්‍යාලය කඩුලු 3ක් දැවී ලකුණු 176ක් ලබා ගනිමින් තරගයේ වැඩි වාසි ලබා ගත්තා.
පළමුවෙන් පන්දුවට පහර දුන් මහින්ද විද්‍යාලයීය ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ආරම්භක පිතිකරු සෙනුජ වෙහාන්. ඔහු පන්දු 101කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 50ක් ලබා ගනිමින් ඉනිමේ වැඩිම ලකුණුලාභියා බවට පත් වෙනවා.
ඊට අමතර ව ගසඳු බිසස් පන්දු 47කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 48ක් ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී චේතින කාවින්ද සහ නිවේන් ඇලෙක්සැන්ඩර් කඩුලු ද්විත්වයක් බැගින් ද, සවිඳු පෙරේරා, ගයාෂ ප්‍රනාන්දු සහ තිසඟ පෙරේරා කඩුල්ල බැගින් දවා ගත්තා.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි සාන්ත ජෝසප් විද්‍යාලයීය ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ චේතින කාවින්ද. ඔහු පන්දු 85කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 55ක් ලබා ගත්තා.
චේතින කාවින්ද 3 වැනි කඩුල්ල සඳහා සංතෝශ් ජයප්‍රකාශ් සමඟ එක් ව ලකුණු 91ක සබඳතාක් ද ගොඩ නගනවා. සංතෝශ් ජයප්‍රකාශ් පන්දු 71කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 43ක් ලබා ගත්තා.
ඊට අමතර ව ආරම්භක පිතිකරු මොකිත තත්සිළු පන්දු 75කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 44ක් ලබා ගත් අතර තරගය නතර කරන විට නේතන් ද සිල්වා පන්දු 10කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 18ක් ලබා සිටියා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- මහින්ද විද්‍යාලයීය වයස අවුරුදු 15න් පහළ කණ්ඩායම – පළමු ඉනිම කඩුලු 8ක් දැවී 174 (50.0) සෙනුජ වෙහාන් 50, නිම්නද දහම් 26, ගසඳු බිසස් නොදැවී 48, නිවේන් ඇලෙක්සැන්ඩර් 2/50, චේතින කාවින්ද 2/25
- සාන්ත ජෝසප් විද්‍යාලයීය වයස අවුරුදු 15න් පහළ කණ්ඩායම – කඩුලු 3ක් දැවී 176 (43.4) මොකිත තත්සිළු 44, චේතින කාවින්ද 55, සංතෝෂ් ජයප්‍රකාශ් නොදැවී 43, නේතන් ද සිල්වා නොදැවී 18,
තරගයේ විසඳුමක් නෑ. (සාන්ත ජෝසප් විද්‍යාලයීය වයස අවුරුදු 15න් පහළ කණ්ඩායමට පළමු ඉනිමේ ජය)
දේවපතිරාජ විද්‍යාලය සහ සාන්ත ජෝසප් විද්‍යාලය සහභාගී වන තරගාවලියේ අවසන් මහා තරගය මේ මස 24 වැනිදා කොළඹ තර්ස්ටන් විද්‍යාලයීය ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





















