Moratuwa ක්‍රීඩකයන්ට ලකුණු 41ක ජයක්

U 23 Emerging Club Tournament 2025

157
U 23 Emerging Club Tournament 2025

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන වයස අවුරුදු 23න් පහළ Emerging Club දෙදින ක්‍රිකට් තරගාවලියේ Moratuwa SC සහ Sebastianites C & AC අතර තරගයෙන් ලකුණු 41ක ජයග්‍රහණයක් ලබා ගැනීමට Moratuwa SC කණ්ඩායම අද (10 ) සමත් වෙනවා.  

මොරටුව ද සොයිසා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් Moratuwa SC කණ්ඩායම තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 177ක් ලබා ගන්නවා. ඊට පිළිතුරු ලෙසින් තරගයේ පළමු දිනය අවසන් වන විට ප්‍රතිවාදී Sebastianites C & AC කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 110ක් ලබා සිටියා.

අද ඔවුන් තම පළමු ඉනිම ලකුණු 131 දී නිමා කර ගත්තා. එම ඉනිම නිමා වන විට ලසේන් ගුණරත්න ලකුණු 32කට කඩුලු 5ක දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව උශාන් සත්සර කඩුලු 3ක් ද සහ සංදීශ් ප්‍රනාන්දු සහ දුමිඳු සෙව්මිණ කඩුල්ලක් බැගින් දවා ගත්තා.

ලකුණු 46ක් පිටුපස සිටිමින් තම දෙවැනි ඉනිමට පිවිසි Moratuwa SC ක්‍රීඩකයෝ එවර කඩුලු 3ක් දැවී ලකුණු 201ක් ලබා ගනිමින් ඉනිම අත්හිටුවනවා. එම ඉනිමේ දී සහන් කෞශල්‍ය පන්දු 99කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සමඟින් ලකුණු 84ක් ලබා ගන්නවා. ඊට අමතර ව අභිශේක් ලියනාරච්චි පන්දු 93කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 74ක් ලබා ගන්නවා.

ඔවුන් දෙදෙනා එක් ව 3 වැනි කඩුල්ලට පන්දු 181ක දී ලකුණු 153ක් සබඳතාවක් ගොඩ නගනවා.

ලකුණු 247ක් පිටුපස සිටිමින් තීරණාත්මක ඉනිමට පිවිසි Sebastianites C & AC ක්‍රීඩකයෝ එවර සියලුම දෙනා දැවී ලබා ගත්තේ සියලුම දෙනා ලකුණු 206ක් පමණයි.

එම ඉනිමේ දී සහන් කෞෂල්‍ය පන්දු 99කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සමඟින් නොදැවී ලකුණු 84ක් ද සහ අභිශේක් ලියනාරච්චි පන්දු 93කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 74ක් ද ලබා සිටියා. ඔවුන් දෙදෙනා විසින් තෙවැනි කඩුල්ලට පන්දු 181කට මුහුණ දෙමින් ලකුණු 153ක සබඳතාවක් එක් කරමින් තම කණ්ඩායම ස්ථාවර තත්වයකට ගෙන ඒමට උත්සාහ කළා.

කඩුලු දවා ගැනීමේ දී දුමිඳු සෙව්මිණ ලකුණු 26කට කඩුලු 6ක් දවා ගත් අතර ඊට අමතර ව සහන් කෞෂල්‍ය සහ ලසෙන් ගුණරත්න කඩුලු 2ක් බැගින් දවා ගත්තා.

ලකුණු 378ක් පිටුපස සිටිමින් තම දෙවැනි ඉනිමට පිටියට පිවිසි Sebastianites C & AC ක්‍රීඩකයො ලබා ගන්නේ සියලුම දෙනා දැවී ලකුණු 206ක් පමණයි. එම ඉනිම වෙනුවෙන් මානස ද සිල්වා පන්දු 29කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 43ක් ද සහ නුවන් දිනෙත් පන්දු 50කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 35ක් ද ලබා ගන්නවා.

පසු පෙළින් පිටියට පිවිසි කවිඳු ගයාත්‍ර පන්දු 31කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 34ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී දුමිඳු සෙව්මිණ ලකුණු 26කට කඩුලු 6ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව සහන් කෞශල්‍ය සහ ලසේන් ගුණරත්න කඩුලු ද්විත්වය බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • Moratuwa SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 177 (53.5)මලිත පෙරේරා 30, අමිත දාබරේ 22, අභිශේක් ලියනාරච්චි 73, මනීන්ද්‍ර ජයතිලක 20, අනුක් දේවනාරායන 6/54, නුවන් දිනෙත් 3/33
  • Sebastianites C & AC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 131 (41.5)කවිඳු ගයාත්‍ර 20, සෙනේශ් හෙට්ටිආරච්චි 25, ලශ්මික පෙරේරා 36, ලසේන් ගුණරත්න 5/32, උශාන් සත්සර 3/39
  • Moratuwa SC– දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 201 (41.1)අමිත දාබරේ 21, අභිශේක් ලියනාරච්චි නොදැවී 74, සහන් කෞෂල්‍ය 84
  • Sebastianites C & AC –දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 206 (36.5) මානස ද සිල්වා 43, නුවන් දිනෙත් 35, ආකාශ් ප්‍රනාන්දු 21, සෙනාශ් හෙට්ටිආරච්චි 29, කවිඳු ගයාත්‍ර 32, ලසේන් ගුණරත්න 2/58, සහන් කෞශල්‍ය 2/53, දුමිඳු සෙව්මිණ 6/28

Moratuwa SC කණ්ඩායමට ලකුණු 41ක ජයක්.

තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<