23න් පහළ තරගාවලියට අදත් ශතක 4ක්

U 23 Emerging Club Tournament 2025

113
U 23 Emerging Club Tournament 2025

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන වයස අවුරුදු 23න් පහළ Emerging Club දෙදින ක්‍රිකට් තරගාවලියේ පළමු සතියේ තරග අද (06) අවසන් වෙද්දී තවත් ශතක 4ක් වාර්තා වූ අතර ඒ අනුව තරගාවලියේ පළමු සතිය නිමා වෙන්නේ ශතක 10ක් වාර්තා වෙමින්.

අද ශතක ලැබූවන් අතර පෙරමුණ ගන්නේ CCC කණ්ඩායමේ නායක අංජල බණ්ඩාර, ඔහු Negombo කණ්ඩායමට එරෙහි ව පන්දු 191කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 138ක් ලබා ගත්තා.

ඊට අමතර ව Colts කණ්ඩායමේ රන්දුණු ගංගනාත් Leo කණ්ඩායමට එරෙහි ව පන්දු 186කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 128ක් ද, SSC කණ්ඩායමේ සදිශ රාජපක්ෂ පන්දු 192කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහර 2ක් සමඟින් Police කණ්ඩායමට එරෙහි ව ලකුණු 118ක් ද සහ Sebastianites කණ්ඩායමේ කවිඳු ගයත්‍ර NCC කණ්ඩායමට එරෙහි ව පන්දු 152කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සමඟින් ලකුණු 102ක් ද ලබා ගත්තා.

මේ අතර Mooors SC කණ්ඩායමේ මල්ෂ තරුපති තුන් ඉරියව්වෙන් දක්ෂතා දැක්වීම කැපී පෙණුනා. ඔහු පිතිකරුවෙක් ලෙසින් පන්දු 87කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 6ක් සමඟින් ලකුණු 92ක් ලබා ගත් අතර පන්දු යැවීමේ දී තරගයේ දී ලකුණු 94කට කඩුලු 7ක් දවා ගත්තා.

අද දවසේ දී අර්ධ ශතක 23ක් වාර්තා වූවා. ඒ අනුව BRC කණ්ඩායමේ දිනිරු අබේවික්‍රමසිංහ (50) සහ යසිරු රොද්‍රිගෝ (77), Army කණ්ඩායමේ අශාන් සුදර්ශන (58), United Southern කණ්ඩායමේ විරංග යෙශාන් (නොදැවී 87), Colombo Malay කණ්ඩායමේ වෝෂිත අමරසිංහ (63) සහ විදුනෙත් විල්සන් (59), Mooors කණ්ඩායමේ ඔෂාන් ද සිල්වා (50), Navy SC කණ්ඩායමේ උවිඳු පෙරේරා (60), Sebastianites කණ්ඩායමේ මනුප මින්තන (63), මානස ද සිල්වා (78) සහ චමිඳු පෙරේරා (88), Negombo කණ්ඩායමේ තත්සර ඒශාන් (නොදැවී 57), Galle කණ්ඩායමේ දුල්සිත් දර්ශන (91), Kandy Customs අර්ශාන් ජෝසප් (52), සුධීර වීරරත්න (නොදැවී 72) සහ මිහිඳු සිල්වා (නොදැවී 57), Bloomfield කණ්ඩායමේ හසිත අමරසිංහ (නොදැවී 71), SSC කණ්ඩායමේ ශෙවෝන් ඩැනියෙල් (63), Police කණ්ඩායමේ ඉරුශ ආකාශ් (නොදැවී 60), Kurunegala Youth කණ්ඩායමේ කවිඳු ඒකනායක (60), Ragama CC කණ්ඩායමේ දෙනුර දිමන්සිත් (72) සහ යෝශිත ඉසුරංග (50) Panadura කණ්ඩායමේ කවිඳු අමමෙත් (නොදැවී 57) යන ක්‍රීඩකයෝ අර්ධ ශතක ඉනිම් වාර්තා කළා.

පන්දු යැවීමේ දී Chilaw Marians කණ්ඩායමේ තිමිර ඉරුෂික ද Navy කණ්ඩායමට එරෙහි ව පළමු ඉනිමේ දී ලකුණු 35කට කඩුලු 6ක් ද සහ මෙලන් හංසක 2 වැනි ඉනිමේ දී ලකුණු 65කට කඩුලු 7ක් ද දවා ගනිමින් දක්ෂතා දැක් වූවා.

ඊට අමතර ව Panadura කණඩායමේ මෙවිඳු කුමාරසිරි Ragama කණ්ඩායමට එරෙහි ව ලකුණු 40කට කඩුලු 6ක් දවා ගනිද්දී Colts කණ්ඩායමේ ප්‍රවීන් මනීෂ සහ Police කණ්ඩායමේ නිපුන් ප්‍රේමරත්න කඩුලු 5ක් බැගින් දවා ගත්තා.

අද නිමා වූ තරගවල කෙටි ලකුණු පුවරු

BRC සහ Army SC අතර තරගය කොළඹ, BRC පිටියේ දී.

  • Army SC – පළමු ඉනිම සියලුම දෙනා දැවි 222 (63.5) අමිල තුරුවන් පෙරේරා 22, තරිඳු ඩිලංක 39, ශෙනෙල් සමරතුංග 51, සමිත් ඩිල්ශාන් 50, තරුඛ්ෂ අශේල් 6/63
  • BRC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 274 (84.1) තරුක්ෂ අශේල් 22, දිනිරු අබේවික්‍රමසිංහ 50, විශ්ව සුපුන් 47, ශ්‍රීදරන් සුපුන් 29, යසිරු රොද්‍රිගෝ 77, දිමන්ත අරූෂ 4/38, ශෙනෙල් සමරතුංග 2/62
  • Army SC – දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී 202 (30.0) අශාන් සුදර්ශන 58, අමිල තුරුවන් පෙරේරා 47, දිමන්ත අරූෂ 36, ෂෙනේල් සමරතුංග නොදැවී 25, තනුග පලිහවඩන 3/63, සමිරු ගිම්හාන් 3/66

තරගය විසඳුමක් නෑ. (පළමු ඉනිමේ ජය BRC කණ්ඩායමට)

Baduraliya CC සහ United Southern SC අතර තරගය, දොඹගොඩ යුද හමුදා ක්‍රීඩාංගණය

  • Baduraliya CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 253 (63.4) කවිශ්ක ඉමේෂ් 57, යෙනුල දෙව්තුස 22, ශානික්‍ය දේශප්‍රිය 50, ශෙහාන් මදුසංක 61, සිතුක ගුණවර්ධන 3/69, සදෙව් ගමගේ 3/35, සසංක නිර්මාල් 2/48
  • United Southern SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 125 (41.0) විරංග යෙශාන් 24, හංස මිහිරංග නොදැවී 23, තරුෂ් දමිඳු 24, යෙනුල දෙව්තුස 2/15, බ්‍රයන් හංසජ 4/60, ශරොන් අභිශේක් 4/30

United Southern SC – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 175 (49.1) විරංග යෙශාන් නොදැවී 87, හංස මිහිරංග 21, යෙනුල දෙව්තුස 2/19, සඳුන් මෙන්ඩිස් 2/42, බ්‍රයන් හංසජ 4/61

Baduraliya CC – දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 48 (7.1) දිනාල් ඉඳුවර නොදැවී 26, ශෙහාන් මදුශංක නොදැවී 20

Baduraliya CC කණ්ඩායමට කඩුලු 9ක ජයක්.

Colombo Malay CC සහ Nugegoda S & WC අතර තරගය, කොළඹ කිරිමණ්ඩල මාවත SLLDC ක්‍රීඩාංගණයේ දී.

  • Nugegoda S & WC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 298 (88.3) පුලිඳු පෙරේරා 151, අක්‍රම් මුතාලිබ් 27, දසිස් මංචනායක 31, අභිශේක් ජයවීර 22, කවීෂ් සත්සර 5/75, නිමන් උමේෂ් 2/88
  • Colombo Malay CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 253 (79.4) හිරන්ත ජයසිංහ 49, කෙවින් සැමුවෙල් 43, වෝෂිත අමරසිංහ 63, විදුනෙත් විල්සන් 59, කවීෂ් සත්සර 20, නිර්මල රත්නායක 2/88, අබ්දුල් හකම් 2/46, සෙනුර ගිහාන් 4/58
  • Nugegoda S & WC – දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 16 (8.0)

තරගයේ විසඳුමක් නෑ. (Nugegoda S & WC කණ්ඩායමට පළමු ඉනිමේ ජයක්)

Mooors SC සහ Moratuwa SC අතර තරගය, කොළඹ Moors ක්‍රීඩාංගණයේ දී.

  • Moratuwa SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 293 (65.4) මලිත පෙරේරා 73, අමිත දාබරේ 77, සහන් කෞශල්‍ය 46, දුමිඳු සෙව්මිණ 39, ගරුක සංකේත් 2/44, නෙතුල් අනුහස් 3/67, මල්ෂ තරුපති 3/71
  • Mooors SC – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 332 (78.0) ඔමේෂ් මෙන්ඩිස් 41, ඔෂාන් ද සිල්වා 50, ලහිරු අමරසේකර 32, පසන් කුරේ 41, මල්ෂ තරුපති 92, උශාන් සත්සර 3/87, දුමිඳු සෙව්මිණ 2/34, සංදීශ් ප්‍රනාන්දු 3/66
  • Moratuwa SC – දෙවැනි ඉනිම කඩුලු 7ක් දැවී 107 (32.0) අමිත දාබරේ 31, සංජන සෙනෙවිරත්න 23, ලහිරු අමරසේකර 2/28, මල්ෂ තරුපති 4/23

තරගයේ විසඳුමක් නෑ. (Mooors SC කණ්ඩායමට පළමු ඉනිමේ ජයක්)

Navy SC සහ Chilaw Marians CC අතර තරගය, වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේ දී.

  • Chilaw Marians CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 379 (76.1) තරිඳු අමරසිංහ 20, දර්ශක සංදීප් 131, සකුණ ලියනගේ 111, යසිරු ලක්ශාන් 26, මෙලන් හංසක 32, තිමිර ඉරුශික 20, ජනිත් ශෙහාන් ප්‍රනාන්දු 4/76, රුවින් සංකල්ප 2/72, ඉශාන් අනුරාධ 2/69,
  • Navy SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 111 (44.0) රුවීන් ෆොන්සේකා 23, තිමිර ඉරුශික 6/35, මෙලන් හංසක 2/34
  • Navy SC – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 193 (48.1) උවිඳු පෙරේරා 60, මයුර මල්ශාන් 39, රිද්ම කොළඹගේ 26, දිලන දම්සර 2/42, මෙලන් හංසක 7/65

Chilaw Marians CC කණ්ඩායමට ඉනිමක සහ ලකුණු 75ක ජයක්.

NCC සහ Sebastianites C & AC අතර තරගය, කොළඹ NCC ක්‍රීඩාංගණයේ දී.

  • NCC – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 323 (76.5) ගවිරු සෙන්හස් 53, සරිත් සුදීන 29, ජීවක ශෂීන් 105, විනුක රූබසිංහ 23, දිනෙත් ගුණෙවර්ධන 24, නෙලුක හේෂාන් 40, උවින් පෙරේරා 32, අනුක් දෙවනාරායන 3/79, ලක්මික පෙරේරා 3/27
  • Sebastianites C & AC – පළමු ඉනිම කඩුලු 8ක් දැවී 429 (102.3) මනුප මින්තන 63, මානස ද සිල්වා 78, චමිඳු පෙරේරා 88, කවිඳු ගයත්‍ර 102, චාරුක පීරිස් 24, චනුල් අතුකෝරල නොදැවී 34, උචිත නෙත්සර 2/92, තිනෙත් සාලිංග 3/66

තරගයේ විසඳුමක් නෑ. (Sebastianites C & AC කණ්ඩායමට පළමු ඉනිමේ ජයක්)

Colts CC සහ Leo SC අතර තරගය, කොළඹ Colts ක්‍රීඩාංගණයේ දී.

  • Leo SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 140 (42.0) නෙත්ම කරුණාරත්න 27, විශ්ව රාජපක්ෂ 22, ගිත්මින් කොළඹගේ 27, කවීෂ ලියනාරච්චි 3/39, රයන් දිසානායක 5/34
  • Colts CC – පළමු ඉනිම කඩුලු 7ක් දැවී 260 (64.0) රන්දුණු ගංගනාත් නොදැවී 128, රුසඳ ගමගේ 24, හිරුණ ගාල්ලගේ 36, රයන් දිසානායක 35, විශ්ව රාජපක්ෂ 2/48, ගිත්මින් කොළඹගේ 3/58
  • Leo SC – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 165 (47.2) නෙත්ම කරුණාරත්න 45, ගිත්මින් කොළඹගේ නොදැවී 20, රයන් දිසානායක 2/48, ප්‍රවීන් මනීශ 5/36
  • Colts CC – කඩුල්ලක් දැවී 48 (9.0) රන්දුණු ගංගනාත් නොදැවී 26

Colts CC කණ්ඩායමට කඩුලු 9ක ජයක්.

CCC සහ Negombo CC අතර තරගය, කොළඹ CCC ක්‍රීඩාංගණයේ දී.

  • Negombo CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 181 (57.2) කවීන් ප්‍රනාන්දු 99, හසිඳු සෙව්මිණ කවිරත්න 25, ඉනුක කරන්නාගොඩ 3/27, සෙත්රු ප්‍රනාන්දු 4/58, තිසරු වන්නිනායක 2/21
  • CCC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 286 (70.4) පවන් සංදේශ් 47, අංජල බණ්ඩාර 138, සහන් කෝසල 24, හිරුෂ දෙව්මික 25, ශහේන් අවිශ්ක 2/27, අමිත පෙරේරා 2/91, ෂෙහාන් ප්‍රමෝද් 4/126, තත්සර ඒශාන් 2/09
  • Negombo CC – දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 150 (52.5) කවීන් ප්‍රනාන්දු 21, වගීෂ පෙරේරා 25, තත්සර ඒශාන් නොදැවී 57, ශෆින් ඩීන් නොදැවී 22, ඉනුක කරන්නාගොඩ 2/40

තරගයේ විසඳුමක් නෑ. (CCC කණ්ඩායමට පළමු ඉනිමේ ජයක්)

Kurunegala Youth CC සහ Galle CC අතර තරගය, කුරුණෑගල වෙළගෙදර ක්‍රීඩාංගණයේ දී.

  • Kurunegala Youth CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 270 (71.4) රශ්මික මදුශංක 23, ලක්වින් අබේසිංහ 55, විතිල උදාර 76, කෞෂික කුමාරසිංහ 38, රුවිශාන් පෙරේරා 6/56, චමත් දිල්සර 2/52
  • Galle CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 207 (77.4) දුල්සිත් දර්ශන 91, දිනුක තෙන්නකෝන් 3/56, සෙනුක දංගමුව 4/44
  • Kurunegala Youth CC – දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 153 (23.0) සත්සර නවෝද් 47, කවිඳු ඒකනායක 60, කේෂික කුමාරසිංහ නොදැවී 25, යූරි කොත්තිගොඩ 3/48

තරගයේ විසඳුමක් නෑ. (Kurunegala Youth CC කණ්ඩායමට පළමු ඉනිමේ ජයක්)

Bloomfield C & AC සහ Kandy Customs SC අතර තරගය, කොළඹ Bloomfield ක්‍රීඩාංගණයේ දී.

  • Bloomfield C & AC – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 318 (75.0) මිනෙත් ප්‍රේමරත්න නොදැවී 158, සවිඳු රොද්‍රිගෝ 39, තරිඳු හර්ෂණ 36, දුලාජ් සමුදිත 22, ෂෝන් රොද්‍රිගෝ 4/51
  • Kandy Customs SC – පළමු සියලුම දෙනා දැවී 222 (66.0) නඳුන් සිල්වා 23, අර්ශාන් ජෝසප් 52, සුධීර වීරරත්න නොදැවී 72, කවිඳු අමරසිංහ 36, මිහිරංග සිල්වා 2/24, තරින්ද නිර්මාල් 3/54, දුලාජ් සමුදිත 3/47
  • Bloomfield C & AC – කිසිවෙක් නොදැවී 98 (11.0) හසිත අමරසිංහ නොදැවී 71, මිනෙත් ප්‍රේමරත්න නොදැවී 25
  • Kandy Customs SC – දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 102 (18.0) මිහිඳු සිල්වා නොදැවී 57, සුධීර වීරරත්න නොදැවී 30

තරගයේ විසඳුමක් නෑ. (Bloomfield C & AC කණ්ඩායමට පළමු ඉනිමේ ජයක්)

Police SC සහ SSC අතර තරගය, කොළඹ පොලිස් උද්‍යාන ක්‍රීඩාංගණයේ දී.

  • Police SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 220 (56.2) රශ්මික හිරුෂ පෙරේරා 118, ඉරුෂ ආකාශ් 24, දිනුර කළුපහන 3/41, නිම්නක ජයතිලක 2/53, ගිශාන් බාලසූරිය 2/47
  • SSC – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 255 (66.2) සදිශ රාජපක්ෂ 118, ශෙවෝන් ඩැනියෙල් 63, නිපුන් ප්‍රේමරත්න 5/54
  • Police SC – දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී 147 (44.0) සංගීත් ශෙහාර 25, ඉරුශ ආකාශ් නොදැවී 60, ගිශාන් බාලසූරිය 3/48, රිවිත් ජයසූරිය 2/33

තරගයේ විසඳුමක් නෑ. (SSC කණ්ඩායමට පළමු ඉනිමේ ජයක්)

අද ආරම්භ වූ තරගය

Panadura SC සහ Ragama CC අතර තරගය, පානදුර මහජන ක්‍රීඩාංගණයේ දී.

  • Ragama CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 194 (51.1) දෙනුර දිමන්සිත් 72, යෝශිත ඉසුරංග 50, මලීෂ සිල්වා 26, සහන් මිහිර 2/38, විශ්ව ලහිරු 2/55, මෙවිඳු කුමාරසිරි 6/40
  • Panadura SC – පළමු ඉනිම කඩුල්ලක් දැවී 121 (38.0) කවිඳු අමමෙත් නොදැවී 57, චාර්ය පරණවිතාන නොදැවී 39

මෙම තරගය හෙට (7) 2 වැනි සහ අවසන් දිනයට ක්‍රියාත්මකයි.

තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<