තරින්ද ගේ වාර්තාව විහස් සතු කර ගනී

U 23 Emerging Club Tournament 2025

114

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන වයස අවුරුදු 23න් පහළ Emerging Club දෙදින ක්‍රිකට් තරගාවලියේ මෙවර වාර්තා වූ හොඳම පන්දු යැවීම වාර්තා වී දිනක් ගත වෙද්දී එහි නවතම හිමිකරුවා බවට පත් වීමට Tamil Union C & AC කණ්ඩායමේ දකුණතින් පිට දඟ පන්දු යවන විහස් තෙව්මික සමත් වෙනවා.  

ඔහු මෙම වාර්තාව තමන් සතු කර ගන්නේ Bloomfield C & AC කණ්ඩායමේ දකුණතින් පිට දඟ පන්දු යවන තරින්ද ගුරුගේ Galle CC කණ්ඩායමට එරෙහි ව ලකුණු 46කට කඩුලු 8ක් දවා ගැනීමෙන් පසු දිනයේ වීම විශේෂත්වයක්.  

විහස් තෙව්මික නිමා වූ දිනයේ SSC කණ්ඩායමට එරෙහි ව ලකුණු 122කට කඩුලු 9ක් දවා ගනිමින් මෙම දක්ෂතාව දක්වනවා.  

මේ අතර තරගාවලියේ ශතක 3ක් ද වාර්තා වීම කැපී පෙණුනා. ඒ අතර හොඳම ඉනිම වාර්තා කරන්නේ Police SC කණ්ඩායමේ සංගීත් ශෙහාර. ඔහු Kandy Customs SC කණ්ඩායමට එරෙහි ව පන්දු 183කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සමගින් ලකුණු 118ක් ලබා ගත්තා. 

ඊට අමතර ව Negombo CC කණ්ඩායමේ තත්සර ඒශාන් Panadura SC කණ්ඩායමට එරෙහි ව පන්දු 184කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සමගින් නොදැවී ලකුණු 115ක් ද සහ Bloomfield C & AC කණ්ඩායමේ තරිඳු හර්ශන Galle CC කණ්ඩායමට එරෙහි ව පන්දු 190කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සමඟින් නොදැවී ලකුණු 104ක් ලබා ගත්තා.  

ඔවුන්ට අමතර ව පිතිකරුවන් ලෙසින් Nugegoda S & WC කණ්ඩායමේ පුලිඳු පෙරේරා (59), Army SC කණ්ඩායමේ අමිල පෙරේරා (52), Negombo CC කණ්ඩායමේ හසිඳු කවිරත්න (61), Bloomfield C & AC – කණ්ඩායමේ තරින්ද ගුරුගේ (54), SSC කණ්ඩායමේ දිනුර කළුපහන (63) සහ චමිඳු වික්‍රමසිංහ (66) අර්ධ ශතක ඉනිම් වාර්තා කරනවා. 

මේ අතර පන්දු යැවීමේ දී Nugegoda S & WC කණ්ඩායමේ වේග පන්දු යවන දහම් නිර්මාල් United Southern SC කණ්ඩායමට එරෙහි ව ලකුණු 19කට කඩුලු 6ක් ද, Army SC කණ්ඩායමේ ශෙනෙල් සමරතුංග Baduraliya SC කණ්ඩායමට එරෙහි ව ලකුණු 26කට කඩුලු 6ක් ද දවා ගනිමින් දක්ෂතා දක්වනවා.  

2 වැනි දිනයට පැවැත්වෙන තරගවල කෙටි ලකුණු පුවරු 

Nugegoda S & WC සහ United Southern SC අතර තරගය අනුරාධපුර, සාලියපුර යුද හමුදා  ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.  

  • United Southern SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 54 (16.2) පෙසඳු සංජන් 25, පසිඳු පැතුම් 2/22, දහම් නිර්මාල් 6/19, අබ්දුල් ශිරාඩ් 2/12
  • Nugegoda S & WC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 231 (60.3) පුලිඳු පෙරේරා 59, අභිශේක් ආනන්දකුමාර 32, පසිඳු පැතුම් 31, අභිශේක් ජයවීර 25, දහම් නිර්මාල් 23, හිමල් රවිහංස 2/74, සසංක නිර්මාල් 4/81, සිතුක ගුණවර්ධන 4/60
  • United Southern SC – දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 14 (8.0) 

Moratuwa SC සහ Chilaw Marians CC අතර තරගය මොරටුව ද සොයිසා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.  

  • Moratuwa SC – පළමු ඉනිම කඩුලු 5ක් දැවී 283 (90.0) අභිශේක් ලියනාරච්චි 27, ඉසුල නිඳුවර නොදැවී 86, සහන් කෞශල්‍ය 97, දුමිඳු සෙව්මිණ නොදැවී 28, තිමිර ඉසුශික 2/58, ඩිලාන් දම්සර 3/53

මෙම තරග අද (25) 2 වැනි සහ අවසන් දිනයට ක්‍රියාත්මකයි.  

පෙර දින (24) නිමා වූ තරගවල කෙටි ලකුණු පුවරුව 

Baduraliya SC සහ Army SC අතර තරගය මග්ගොන, Surrey  ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.  

  • Baduraliya SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 211 (72.4) ජනෙත් කෞශාල් 64, දිනාල් ඉඳුවර 27, ශානික්‍ය දේශප්‍රිය 25, යෙනුල දෙව්තුස 60, විහඟ ඉරංජන 3/58, අමිල පෙරේරා 2/17
  • Army SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 214 (72.5) අශාන් සුදර්ශන 48, අමිල පෙරේරා 52, උමේෂ් ද සිල්වා 20, දිමන්ත අරුශ 40, බ්‍රයන් හංසජ 4/46, සඳුන් මෙන්ඩිස් 3/68
  • Baduraliya SC – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 74 (44.3) යෙනුල දෙව්තුස 34, විහඟ ඉරංජන 2/11, ශෙනෙල් සමරතුංග 6/26

තරගයේ විසඳුමක් නෑ. (Army SC කණ්ඩායමට පළමු ඉනිමේ ජයක්.) 


Negombo CC සහ Panadura SC අතර තරගය කටුනායක, ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ දී. 

  • Panadura SC – පළමු ඉනිම කඩුලු 8ක් දැවී 361 (78.0) දූරක සිල්වා 65, චාර්ය පරණවිතාන 98, කංචන ද ලිවේරා 26, සසිඳු මල්ශාන් 74, සෙනිත හැළඹගේ 31, හංසජ හිරුණ 2/76, අමිත පෙරේරා 3/114, ශෙහාන් ප්‍රමෝද් 3/155
  • Negombo CC – පළමු ඉනිම කඩුලු 7ක් දැවී 323 (103.0) හසිඳු කවිරත්න 61, වගීෂ පෙරේරා 24, අමිත පෙරේරා 35, තත්සර ඒශාන් නොදැවී 115, ලෙස්ටර් ජයවීර 43, මොහොමඩ් මුර්ශාඩ් නොදැවී 20, සහන් මිහිර 2/42, සෙනිත හැළඹගේ 2/67

තරගයේ විසඳුමක් නෑ.   


Tamil Union C & AC සහ SSC අතර තරගය කොළඹ, P. Sara Oval ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී. 

  • Tamil Union C & AC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 192 (48.4) ශානුක ගලගොඩ 69, ශාරුජන් සම්මුගනාදන් 33, විහස් තෙව්මික නොදැවී 25, ගිශාන් බාලසූරිය 4/54
  • SSC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 344 (65.2) සදීශ රාජපක්ෂ 26, ශෙවෝන් ඩැනියෙල් 52, රනුක් ජයසූරිය 43, දිනුර කළුපහන 63, චමිඳු වික්‍රමසිංහ 66, නදීශ ආකාශ් නොදැවී 42, විහස් තෙව්මික 9/122
  • Tamil Union C & AC – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 352 (56.0) සිනෙත් ජයවර්ධන 59, ශනුක ගලගොඩ 77, නරේන් මුරලිදරන් 74, ශාරුජන් සම්මුගනාදන් 28, කවිඳු නිර්මාණ 32, ගිශාන් බාලසූරිය 6/144

තරගයේ විසඳුමක් නෑ. (SSC කණ්ඩායමට පළමු ඉනිමේ ජය.) 


Kandy Customs SC සහ Police SC අතර තරගය දොඹගොඩ, යුද හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී. 

  • Kandy Customs SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 195 (53.5) චෙහාන් සුබසිංහ 39, සුදීර වීරරත්න 25, ප්‍රමේශ් මදුභාෂණ 67, අයේෂ් ශෂිමාල් 26, දමිත් කප්පාගොඩ 2/47, පූර්ණ සුලක්ෂණ 4/55, රශ්මික පෙරේරා 3/32
  • Police SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 289 (77.5) සංගීත් ශෙහාර 118, අවීශ සමාශ් 24, බුද්ධිම සහන් 27, සුපුන් ප්‍රනාන්දු නොදැවී 37, අයේශ් ශෂිමාල් 2/53, ජනිඳු චාමික 2/76, නඳුන් සිල්වා 2/42
  • Kandy Customs SC – දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී114 (40.0) චෙහාන් සුබසිංහ 33, නදුන් සිල්වා 44, සුධීර විරරත්න 21, පූර්ණ සුලක්ශන 3/33

තරගයේ විසඳුමක් නෑ. (Police SC කණ්ඩායමට පළමු ඉනිමේ ජයක්.) 


Bloomfield C & AC සහ Galle CC අතර තරගය කොළඹ, Bloomfield ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී. 

  • Galle CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 188 (53.5) නිකිල් ජයවීර 28, චමත් දිල්සර 63, දුල්සිත් දර්ශන 47, තරින්ද ගුරුගේ 8/46
  • Bloomfield C & AC – පළමු ඉනිම කඩුලු 8ක් දැවී 318 (73.0) සවිඳු රොද්‍රිගෝ 51, තරිඳු හර්ශන නොදැවී 104, තරින්ද ගුරුගේ 54, දුලාජ් සමුදිත 24, කවීශ පියුමාල් නොදැවී 38, හසිත සුරංග 3/43
  • Galle CC – දෙවැනි ඉනිම කඩුලු 7ක් දැවී 128 (47.0) චමත් දිල්සර 29, දුල්සිත් දර්ශන 23, තරින්ද ගුරුගේ 3/59, අසිත වන්නිනායක 2/13

තරගයේ විසඳුමක් නෑ. (Bloomfield C & AC කණ්ඩායමට පළමු ඉනිමේ ජයක්.) 

තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<