ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන වයස අවුරුදු 23න් පහළ Emerging Club දෙදින ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (17) ආරම්භ වූවා. එහි දී දිනාල් දම්සර සහ සිනෙත් ජයවර්ධන ශතක වාර්තා කළ අතර වනුජ සහන් දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කළා.
දිනයේ වැඩිම ලකුණුලාභියා වූයේ Chilaw Marians CC කණ්ඩායම නියෝජනය කරන දිනාල් දම්සර. ඔහු NCC කණ්ඩායමට එරෙහි ව පන්දු 140කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 102ක් ලබා ගත්තා.
ඊට අමතර ව Tamil Union C & AC කණ්ඩායමේ ආරම්භක පිතිකරු සිනෙත් ජයවර්ධන Kandy Customs SC කණ්ඩායමට එරෙහි ව පන්දු 61කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 8ක් සමඟින් ලකුණු 100ක් ලබා ගත්තා.
මේ අතර BRC කණ්ඩායමේ කුසල් විජේතුංග (69), දිනිරු අබේවික්‍රමසිංහ (64) සහ විශ්ව සුපුන් (66), Chilaw Marians CC කණ්ඩායමේ දර්ශක සංදීප් (නොදැවී 51), Moors SC කණ්ඩායමේ ඔමේෂ් මෙන්ඩිස් (57) සහ මල්ෂ තරුපති (68), Panadura SC කණ්ඩායමේ කවිඳු අමමෙත් (66), Tamil Union C & AC කණ්ඩායමේ විහස් තෙව්මික (90), Galle CC කණ්ඩායමේ නිකිල් ජයවීර (55) සහ සංදේව් ඉඳුවර (59), Kurunegala Youth CC කණ්ඩායමේ ගයන වීරසිංහ (53) දිනයේ අර්ධ ශතකලාභින් ගේ ලැයිස්තුවට එකතු වුණා.
Ace Capital CC කණ්ඩායමේ වනුජ සහන් දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කරන්නේ United Sothern SC කණ්ඩායමට එරෙහිවයි. ඔහු එහි දී ලකුණු 55කට කඩුලු 6ක් දවා ගනිමින් දක්ෂා දක්වනවා.
ඊට අමතර ව United Sothern SC කණ්ඩායමේ සසංක නිර්මාල් Ace Capital CC කණ්ඩායමට එරෙහි ව ලකුණු 19කට කඩුලු 5ක් ද, SSC කණ්ඩායමේ ගිශාන් බාලසූරිය Galle CC කණ්ඩායමට එරෙහි ව ලකුණු 34කට කඩුලු 5ක් ද, Bloomfield C & AC කණ්ඩායමේ දුලාජ් සමුදිත Kurunegala Youth CC කණ්ඩායමට එරෙහි ව ලකුණු 54කට කඩුලු 5ක් ද සහ Sebastianites C & AC නුවන් දිනෙත් Moors SC කණ්ඩායමට එරෙහි ව ලකුණු 56කට කඩුලු 5ක් ද දවා ගනිමින් දක්ෂතා දැක් වූවා.
- Greens ක්‍රීඩකයෝ විස්සයි විස්ස ශූරතාව දිනා ගනී
- ඉශාන් අනුරාධ දක්ෂතම පන්දු යැවීම වාර්තා කරයි
- විශ්මි ගුණරත්නගෙනුත් ශතකයක්
- 23න් පහළ නැගී එන කණ්ඩායම් තරගාවලිය 5 වැනිදා සිට
- U 19 කාන්තා Youth ශූරතාව Galle ක්‍රීඩිකාවන්ට
අද ආරම්භ වූ තරගවල කෙටි ලකුණු පුවරුව
Baduraliya SC සහ BRC අතර තරගය මග්ගොන Surrey ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
- BRC – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 286 (90.0) කුසල් විජේතුංග 69, සචිර වැලිවත්ත 29, දිනිරු අබේවික්‍රමසිංහ 64, විශ්ව සුපුන් 66, තනුග පලිහවඩන නොදැවී 21, මානස මදුභාෂණ 2/25, යෙනුල දෙව්තුස 2/37, බ්‍රයන් හංසජ4/83
Chilaw Marians CC සහ NCC අතර තරගය මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ දී.
- Chilaw Marians CC – පළමු ඉනිම කඩුලු 3ක් දැවී 197 (49.0) ඩිනාල් දම්සර නොදැවී 102, දර්ශක සංදීප් නොදැවී 51, මතීෂ පතිරණ 2/41
Moors SC සහ Sebastianites C & AC අතර තරගය කොළඹ Moors ක්‍රීඩාංගණයේ දී.
- Moors SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 238 (62.1) ඔමේෂ් මෙන්ඩිස් 57, ඔෂාන් ද සිල්වා 44, රවිශාන් ද සිල්වා 22, මල්ෂ තරුපති 68, චාරුක පීරිස් 3/74, නුවන් දිනෙත් 5/56
- Sebastianites C & AC – පළමු ඉනිම කඩුල්ලක් දැවී 11 (4.2)
CCC සහ Panadura SC අතර තරගය කොළඹ CCC ක්‍රීඩාංගණයේ දී.
- Panadura SC – පළමු ඉනිම කඩුලු 5ක් දැවී 174 (56.0) කවිඳු අමමෙත් 66, දුරංක සිල්වා 33, චාර්ය පරණවිතාන නොදැවී 42, සිතුම් විහඟ 2/33, තිසරු වන්නිනායක 2/30
Tamil Union C & AC සහ Kandy Customs SC අතර තරගය කොළඹ P. Sara Oval ක්‍රීඩාංගණයේ දී.
- Tamil Union C & AC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 314 (56.3) සිනෙත් ජයවර්ධන 100, ශානුක ගලගොඩ 22, විහස් තෙව්මික 90, කවිඳු නිර්මාන 26, රංජිත්කුමාර නිව්ටන් 23, ශොන් රොද්‍රිගෝ 2/71, වෙන්කට් රාජේන්ද්‍රන් 2/52, නඳුන් සිල්වා 4/63
- Kandy Customs SC – පළමු ඉනිම කඩුල්ලක් දැවී 32 (8.0) මිහිඳු සිල්වා නොදැවී 19
Galle CC සහ SSC අතර තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
- Galle CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 249 (68.5) නිකිල් ජයවීර 55, සඳෙන් ඉඳුවර 59, හසිත සුරංග 33, මානිත රාජපක්ෂ 25, නෙශාන් ඩයස් 2/50, තෙමිර කුමාරගේ 2/19, ගිශාන් බාලසූරිය 5/34
- SSC – පළමු ඉනිම කඩුලු 2ක් දැවී 21 (9.0) රුවිශාන් පෙරේරා 2/08
Kurunegala Youth CC සහ Bloomfield C & AC අතර තරගය කුරුණෑගල වෙළගෙදර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
- Kurunegala Youth CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 225 (63.5) ගයන වීරසිංහ 53, රශ්මික මදුශංක 33, වතිල උදාර 46, සෙනුක දංගමුව 39, දුලාජ් සමුදිත 5/54, තරින්ද ගුරුගේ 4/38
- Bloomfield C & AC – පළමු ඉනිම කිසිවෙක් නොදැවී 0 (1.0)
Ace Capital CC සහ United Sothern SC අතර තරගය පානදුර මහජන ක්‍රීඩාංගණයේ දී.
- Ace Capital CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 143 (34.2) සුපුන් වඩුගේ 33, ලහිරු දෙවටගේ 41, රනේෂ් සිල්වා 25, සසංක නිර්මාල් 5/19
- United Southern SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 126 (30.5) සෙනිර ලිත්මින් 42, ඩොමිනික් ප්‍රනාන්දු නොදැවී 47, දනාල් හේමානන්ද 3/33, වනුජ සහන් 6/55
- Ace Capital CC – දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 55 (13.0) තනුජ රාජපක්ෂ 20, හිමල් රවිහංස 3/20
මේ සියලු තරග හෙට (18) දෙවැනි දිනයටත් පැවැත්වීමට නියමිතයි.
තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<