මිනෙත් 2 වැනි ශතකයත් රැස් කරයි

U 23 Emerging Club Tournament 2025

213
U 23 Emerging Club Tournament 2025

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන වයස අවුරුදු 23න් පහළ Emerging Club දෙදින ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (12) අවසන් වූ අතර එහි දී මිනෙත් ප්‍රේමරත්න, පුලීශ තිලකරත්න, පසිඳු පැතුම්, රශ්මික මදුශංක, රුවීන් ෆොන්සේකා සහ කෙවින් සැමුවෙල් ශතක වාර්තා කළ අතර මේ අතුරින් මිනෙත් ප්‍රේමරත්න රැස් කරන්නේ මෙවර තරගාවලියේ තම 2 වැනි ශතකයයි.

Bloomfield කණ්ඩායමේ මිනෙත් ප්‍රේමරත්න Police SC කණ්ඩායමට එරෙහි ව පන්දු 160කට මුහුණ දෙමින් හතරේ පහර 15ක් සමඟින් නොදැවී ලකුණු 134ක් ලබා ගත් අතර ඔහු සමඟ අනෙක් අන්තයෙන් සිටි පුලීශ තිලකරත්න පන්දු 114කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සමඟින් නොදැවී ලකුණු 107ක් ද ලබා ගත්තා. ඔවුන් දෙදෙනා එක් ව 2 වැනි කඩුල්ලට පන්දු 261ක දී නොදැවී ලකුණු 243ක් රැස් කිරීමට ද සමත් වූවා.

Nugegoda S & WC කණ්ඩායමේ පසිඳු පැතුම් Baduraliya CC කණ්ඩායමට එරෙහි ව පන්දු 189කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 4ක් සඟින් ලකුණු 107ක් ලබා ගත් අතර Navy SC කණ්ඩායමේ රුවීන් ෆොන්සේකා Moors SC කණ්ඩායමට එරෙහි ව පන්දු 243කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 110ක් ලබා ගත්තා.

අද ආරම්භ වූ Kurunegala Youth සහ SSC අතර තරගයේ දී Kurunegala Youth CC කණ්ඩායමේ රශ්මික මදුශංක පන්දු 181කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 123ක් ලබා ගනිද්දී Colombo Malay CC කණ්ඩායමේ කෙවින් සැමුවෙල් BRC කණ්ඩායමට එරෙහි ව පන්දු 235කට මුහුණ දෙමින් හතරේ පහර 16ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 128ක් ලබා ගත්තා.

මේ අතර Colts CC කණ්ඩායමේ රන්දුණු ගංගනාත් (85), Negombo CC කණ්ඩායමේ අමිත පෙරේරා (නොදැවී 85), Police SC කණ්ඩායමේ නිපුන් ප්‍රේමරත්න (50), Ace Capital CC කණ්ඩායමේ රනේෂ් සිල්වා (නොදැවී 52), Moors SC කණ්ඩායමේ ඔමේෂ් මෙන්ඩිස් (77), සහ විශාර ප්‍රනාන්දු (නොදැවී 69), Navy SC කණ්ඩායමේ හංසජ ජයසිංහ (59), Baduraliya CC කණ්ඩායමේ ජනෙත් කෞෂාල් (55), Galle CC කණ්ඩායමේ චමත් දිල්සර (54) සහ Colombo Malay CC කණ්ඩායමේ හිරන්ත ජයසිංහ (73) අර්ධ ශතක ඉනිම් වාර්තා කළා.

පන්දු යැවීමේ දී Galle CC කණ්ඩායමේ මානිත රාජපක්ෂ (5/61) සහ Negombo CC කණ්ඩායමේ අමිත පෙරේරා (5/77) දක්ෂතා දැක් වූවා.

පැවැත්වෙන තරගවල කෙටි ලකුණු පුවරු

Army SC සහ Ace Capital CC අතර තරගය, පනාගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේ දී

  • Army SC– පළමු ඉනිම සියලුම දෙනා දැවී 68 (24.2) අශාන් සුදර්ශන 18,දනාල් හේමානන්ද 5/34, වනුජ සහන් 5/19
  • Ace Capital CC – පළමු ඉනිම කඩුලු 3ක් දැවී 131 (16.0) තනුජ රාජපක්ෂ 21, ලහිරු දෙවටගේ 20, පවන් පතිරාජ නොදැවී 28, රනේෂ් සිල්වා නොදැවී 52, දිමන්ත අරූශ 2/28
  • Army SC– දෙවැනි ඉනිම කඩුලු 7ක් දැවී 50 (15.0) දනාල් හේමානන්ද 2/13, වනුජ සහන් 4/27

තරගයේ විසඳුමක් නෑ. (Ace Capital CC කණ්ඩායමට පළමු ඉනිමේ ජය)

Colombo Malay CC සහ BRC අතර තරගය, කොළඹ Bloomfield ක්‍රීඩාංගණයේ දී.

  • Colombo Malay CC– පළමු ඉනිම කඩුලු 7ක් දැවී 308 (79.3) හිරන්ත ජයසිංහ 73, කෙවින් සැමුවෙල් 128, විදුනෙත් විල්සන් 23, දිනිත ද සිල්වා 37, ධනජ එදිරිසිංහ නොදැවී 23, විග්නේශ්වරන් ආකාශ් 3/56, චාමික හීනටිගල 2/75

BRC – පළමු ඉනිම කඩුලු 5ක් දැවී 112 (28.0) චාමික හීනටිගල නොදැවී 33, දිනිරු අබේවික්‍රමසිංහ 21, නිමන් උමේෂ් 4/43

තරගයේ විසඳුමක් නෑ.

Nugegoda S & WC සහ Baduraliya CC අතර තරගය, කොළඹ SLLDC ක්‍රීඩාංගණයේ දී.

  • Nugegoda S & WC – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 290 (90.0) පුලිඳු පෙරේරා 88, දසිස් මංචනායක 23, පසිඳු පැතුම් 107, අභිශේක් ජයවීර 28, කොවිඳු වික්‍රමසිංහ 4/44, මානස මදුභාෂණ 2/73, ශැරෝන් අභිශේක් 2/83
  • Baduraliya CC– පළමු ඉනිම සියලුම දෙනා දැවී 192 (59.2) විරාන් චමුදිත 23, යෙනුල දෙව්තුස 32, ජනෙත් කෞෂාල් 55, කවිඳු වික්‍රමසිංහ 30, පසිඳු පැතුම් 2/15, නිර්මල රත්නායක 2/45, පුලිඳු පෙරේරා 4/34
  • Nugegoda S & WC– දෙවැනි ඉනිම කිසිවෙක් නොදැවී 12 (3.4)

තරගයේ විසඳුමක් නෑ. (Nugegoda S & WC කණ්ඩායමට පළමු ඉනිමේ ජය)

Navy SC සහ Moors SC අතර තරගය, කොළඹ Moors ක්‍රීඩාංගණයේ දී.

  • Moors SC– පළමු ඉනිම සියලුම දෙනා දැවී 128 (38.2) රවිශාන් ද සිල්වා 60, රිද්ම කොළඹගේ 2/48, ඉශාන් අනුරාධ 6/32
  • Navy SC– පළමු ඉනිම කඩුලු 7ක් දැවී 309 (90.0) රුවීන් ෆොන්සේකා 110, සුමල්ක ප්‍රනාන්දු 26, හංසජ ජයසිංහ 59, චාමික රණසිංහ 28, ජනිත් ප්‍රනාන්දු නොදැවී 27, හිවින් කෙනුල 3/26, ලහිරු අමරසේකර 2/72
  • Moors SC- දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී 229 (45.0) ඔමේෂ් මෙන්ඩිස් 77, රවිශාන් ද සිල්වා 40, විශාර ප්‍රනාන්දු නොදැවී 69, මල්ෂ තරුපති 27, ඉශාන් අනුරාධ 2/91, හංසජ ජයසිංහ 3/58

 තරගයේ විසඳුමක් නෑ. (Navy SC කණ්ඩායමට පළමු ඉනිමේ ජය)

Colts CC සහ Negombo CC අතර තරගය, කොළඹ Colts ක්‍රීඩාංගණයේ දී.

  • Negombo CC– පළමු ඉනිම කඩුලු 7ක් දැවී 314 (86.4) හසිඳු කවිරත්න 67, වගීෂ පෙරේරා 34, ශෆ්නි ඩීන් 30, අමිත පෙරේරා නොදැවී 85, මොහොමඩ් මුර්ශාඩ් 38, රයන් දිසානායක 4/95
  • Colts CC– පළමු ඉනිම සියලුම දෙනා දැවී 236 (62.1) රන්දුණු ගංගනාත් 85, රුසඳ ගමගේ 31, කවිජ ගමගේ 28, හිරුණ ගාල්ලගේ 34, ශෙහාන් ප්‍රමෝද් 4/93, අමිත පෙරේරා 5/77
  • Negombo CC– දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 16 (6.0)

තරගයේ විසඳුමක් නෑ.( Negombo CC කණ්ඩායමට පළමු ඉනිමේ ජය)

Ragama CC සහ Leo CC අතර තරගය, කොළඹ – කොස්ගම සාලාව යුද හමුදා ක්‍රීඩාංගණයේ දී.

  • Ragama CC– පළමු ඉනිම කඩුල්ලක් දැවී 53 (12.3) ෂෙවාන් මෝසස් නොදැවී 27, අනුෂ් පොලොනෝවිට නොදැවී 21

2 වැනි දිනයේ පන්දුවක් හෝ නොයවා තරගය අතහැර දැමුවා.

Galle CC සහ Tamil Union C & AC අතර තරගය, ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

  • Tamil Union C & AC– පළමු ඉනිම සියලුම දෙනා දැවී 289 (59.3) සිනෙත් ජයවර්ධන 35, ශානුක ගලගොඩ 20, නරේන් මුරලිදරන් 45, ශාරුජන් ශන්මුගනාදන් 81, විහස් තෙව්මික 20, හසිඳු වික්‍රමාරච්චි 37, හංසමාන ද සිල්වා 2/59, රුසිරු ලියනගේ 2/54, මානිත රාජපක්ෂ 5/61

Galle CC – පළමු ඉනිම කඩුලු 8ක් දැවී 283 (82.3) චමත් දිල්සර 54, දුල්සිත් දර්ශන 41, යූරි කොත්තිගොඩ 20, හංසමාන ද සිල්වා 37, සඳෙව් උදයංග 33, හසිත සුරංග නොදැවී 58, කවිඳු නිර්මාණ 3/52, මෙවන් දිසානායක 2/52

තරගයේ විසඳුමක් නෑ.

Police SC සහ Bloomfield C & AC අතර තරගය, කොළඹ පොලිස් උද්‍යාන ක්‍රීඩාංගණයේ දී. 

  • Police SC– පළමු ඉනිම සියලුම දෙනා දැවී 211 (62.3) සංගීත් ශෙහාර 30, දමිත් කප්පාගොඩ 21, සුපුන් ප්‍රනාන්දු නොදැවී 31, නිපුන් ප්‍රේමරත්න 50, චතුම් කුලසේකර 2/33, තරිඳු ගුරුගේ 3/43, නිසල අබේරත්න 3/26
  • Bloomfield C & AC– කඩුල්ලක් දැවී 300 (50.0)හසිත අමරසිංහ 42, මිනෙත් ප්‍රේමරත්න නොදැවී 134, පුලීශ තිලකරත්න නොදැවී 107
  • Police SC– දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 88 (20.0) අවීෂ සමාශ් 24, තරින්ද ගුරුගේ 3/25, නිසල අබේරත්න 2/17

තරගයේ විසඳුමක් නෑ. (පළමු ඉනිමේ ජය Bloomfield කණ්ඩායමට)

අද ආරම්භ වූ තරගයේ කෙටි ලකුණු පුවරුව

Kurunegala Youth CC සහ SSC අතර තරගය, කොළඹ CCC ක්‍රීඩාංගණයේ දී.

  • Kurunegala Youth CC – සියලුම දෙනා දැවී 273 (77.3) අමේෂ් තෙන්නකෝන් 34, රශ්මික මදුශංක 123, ගයන වීරසිංහ 26, ලක්වින් අබේසිංහ 24, සෙනුක දංගමුව 20, දිනුර කළුපහන 4/49, ගිශාන් බාලසූරිය 2/42, නිම්නක ජයතිලක 2/61
  • SSC– පළමු ඉනිම කඩුලු 3ක් දැවී 19 (11.0)

මෙම තරගය හෙට (13) 2 වැනි සහ අවසන් දිනයට ක්‍රියාත්මකයි.

තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<