23න් පහළ පිටියට අදත් ශතක 5ක්

18
U 23 Emerging Club Tournament 2025

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන වයස අවුරුදු 23න් පහළ Emerging Club දෙදින ක්‍රිකට් තරගාවලියේ අද (04) අවසන් වූ තරගවල දී පවන් රත්නායක, රනේෂ් පෙරේරා, පුලිඳු පෙරේරා, ශානික්‍ය දේශප්‍රිය සහ රශ්මික පෙරේරා ශතක ලබා ගැනීමට සමත් වූවා.

CCC කණ්ඩායමේ පවන් රත්නායක Colts CC කණ්ඩායමට එරෙහි ව පන්දු 133කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහර 7ක් සමඟින් නොදැවී ලකුණු 151ක් ලබා ගනිමින් දිනයේ වැඩිම ලකුණුලාභියා බවට පත් වුණා.

Ace Capital CC කණ්ඩායමේ රනේෂ් පෙරේරා Baduraliya SC කණ්ඩායමට එරෙහි ව පන්දු 143කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 143ක් ද, Nugegoda S & WC කණ්ඩායමේ පුලිඳු පෙරේරා BRC කණ්ඩායමට එරෙහි ව පන්දු 142කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහර 7ක් සමඟින් ලකුණු 146ක් ලබා ගනිමින් දීර්ඝ ඉනිම් ක්‍රීඩා කළ අතර ඊට අමතර ව Baduraliya SC කණ්ඩායමේ ශානික්‍ය දේශප්‍රිය Ace Capital CC කණ්ඩායමට එරෙහි ව පන්දු 125කට මුහුණ දෙමින් හතරේ පහර 15ක් සහ හයේ පහරක් සමඟින් ලකුනු 114ක් ද සහ Police SC  කණ්ඩායමේ රශ්මික පෙරේරා Kurunegala Youth CC කණ්ඩායමට එරෙහි ව පන්දු 135කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සමඟින් ලකුණු 114ක් ලබා ගත්තා.

මේ අතර Tamil Union C & AC කණ්ඩායාමේ ඉසිවර දිසානායක (51), Galle CC කණ්ඩායමේ නිකිල් ජයවීර (නොදැවී 59), Ragama CC කණ්ඩායමේ දෙනුර දිමන්සිත් (52), Kandy Customs SC කණ්ඩායමේ කවීෂ ඉඳුවර (72) සහ මිනිඳු සිල්වා (64), Chilaw Marians CC කණ්ඩායමේ සකුණ ලියනගේ (65), Nugegoda S & WC කණ්ඩායමේ අභිශේක් ආනන්දකුමාර 64, Ace Capital CC කණ්ඩායමේ පවන් පතිරාජ (78) සහ දනාල් හේමානන්ද (නොදැවී 84), CCC කණ්ඩායමේ සහන් කෝසල (නොදැවී 70) සහ Police කණ්ඩායමේ සංගීත් ශෙහාර (52) අර්ධ ශතක ඉනිම් වාර්තා කළා.

දිනයේ කැපී පෙණෙන පන්දු යවන්නා බවට පත් වූයේ Bloomfield C & AC කණ්ඩායමේ තරින්ද ගුරුගේ. ඔහු Tamil Union C & AC කණ්ඩායමට එරෙහි ව ලකුණු 75කට කඩුලු 8ක් දවා ගත් අතර ඔහු ඔහු තරගයේ දී කඩුලු 11ක් දවා ගැනීමට සමත් වෙනවා.

එමෙන් ම Tamil Union C & AC කණ්ඩායමේ වමතින් දඟ පන්දු යැවූ මෙවන් දිසානායක Bloomfield C & AC කණ්ඩායමට එරෙහි ව ලකුණු 48කට කඩුලු 7ක් දවා ගන්නා ලද අතර  ඔහු මෙම තරගයේ දී කඩුලු 12ක් දවා ගනිමින් දක්ෂතා දක්වනවා.

ඊට අමතර ව Galle CC කණ්ඩායමේ මානිත රාජපක්ෂ Kandy Customs SC කණ්ඩායමට එරෙහි ව ලකුණු 88කට කඩුලු 7ක් ද,  CCC කණ්ඩායමේ තිසරු වන්නිනායක Colts CC කණ්ඩායමට එරෙහි ව ලකුණු 33කට කඩුලු 6ක් ද, United Southern SC කණ්ඩායමේ සසංක නිර්මාල් ලකුණු 77කට කඩුලු 6ක් ද සහ සිතුක ගුණවර්ධන ලකුණු 09කට කඩුලු 5ක් ද, Moors SC කණ්ඩායමේ කවිඳු කෞෂල්‍ය ලකුණු 45කට කඩුලු 5ක් ද ලෙසින් පන්දු යවන්නන් අතර දක්ෂතා දැක් වූවා.

නිමා වූ තරගවල කෙටි ලකුණු පුවරු

Ace Capital CC සහ Baduraliya SC අතර තරගය කොළඹ, තර්ස්ටන් විද්‍යාලයීය ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී.

Baduraliya SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 388 (99.3) ජනෙත් කෞශාල් 70, අශේන් රොද්‍රිගෝ 24, යෙනුල දෙව්තුස 34, ශානික්‍ය දේශප්‍රිය 114, රුසඳු සිල්වා 79, ට්‍රෙවීන් මැතිව් 2/58, රවීන් ද සිල්වා 4/59

 

Ace Capital CC – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 409 (71.0) පවන් පතිරාජ 78, ලහිරු දෙවටගේ 22, රනේෂ් පෙරේරා 143, වනුජ සහන් 40, දනාල් හේමානන්ද නොදැවී 84, මානස මදුභාෂණ 2/89, සඳුන් මෙන්ඩිස් 4/88

තරගයේ විසඳුමක් නෑ. (Ace Capital CC කණ්ඩායමට පළමු ඉනිමේ ජය)

Nugegoda S & WC සහ BRC අතර තරගය කොස්ගම, සාලාව යුද හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී.

BRC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 284 (81.3) කුසල් විජේතුංග 38, විශ්ව සුපුන් 52, යසිරු රොද්‍රිගෝ 61, රුචිත රොද්‍රිගෝ 24, තනුග පලිහවඩන 21, දිමත් අබේසිංහ 36, පසිඳු පැතුම් 2/17, නිර්මල රත්නායක 4/121, අභිශේක් ආනන්දකුමාර 3/32

 

Nugegoda S & WC – පළමු ඉනිම කඩුලු 7ක් දැවී 349 (69.4) පුලිඳු පෙරේරා 146, අභිශේක් ආනන්දකුමාර 64, අක්‍රම් මුතාලිබ් 35, පසිඳු පැතුම් නොදැවී 40, තනුග පලිහවඩන 3/86, දිමත් අබේසිංහ 2/68

තරගයේ විසඳුමක් නෑ. (Nugegoda S & WC කණ්ඩායමට පළමු ඉනිමේ ජය)

Army SC සහ United Southern SC අතර තරගය පනාගොඩ යුද හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී.

United Southern SC – පළමු ඉනිම කඩුලු 8ක් දැවී 279 (58.3) හංස මිහිරංග 21, කවීෂ කල්පන 44, සසංක නිර්මාල් 34, පෙසඳු සංජන 50, චන්දුප ද සිල්වා 23, තරුෂ් දමිඳු නොදැවී 42, ඩොමිනික් ප්‍රනාන්දු නොදැවී 32, උමේෂ් ද සිල්වා 2/32

 

Army SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 206 (56.5) අශාන් සුදර්ශන 71, අමිල පෙරේරා 26, තරිඳු දිලංක 40, චමෝද් හෙවාවිතාරණ 32, හිමල් රවිහංස 3/71, සසංක නිර්මාල් 6/77

 

United Southern SC – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 162 (46.1) පෙසඳු සංජන 33, ඩොමිනික් ප්‍රනාන්දු 42, සසංක නිර්මාල් 32, විහඟ ඉරංජන 3/51, ශෙනෙල් සමරතුංග 3/64, උමේෂ් ද සිල්වා 2/25

 

Army SC – සියලුම දෙනා දැවී 69 (16.2) තරිඳු දිලංක 26, හිමල් රවිහංස 3/38, සිතුක ගුණවර්ධන 5/09

United Southern SC කණ්ඩායමට ලකුණු 166ක ජයක්.

Chilaw Marians CC සහ Moors SC අතර තරගය මග්ගොන Surrey ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

Chilaw Marians CC – පළමු ඉනිම කඩුලු 7ක් දැවී 420 (90.0) හිරාන් ජයසුන්දර 56, දිලන දම්සර 36, තෙවින් අමරසිංහ 34, දර්ශක සංදීප් 118, සකුණ ලියනගේ 115, ගරුක සංකේත් 3/74, ඔශාන් ද සිල්වා 2/09

 

Moors SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 164 (41.1) ඔමේෂ් මෙන්ඩිස් 35, ඔෂාන් ද සිල්වා 22, මල්ෂ තරුපති 36, තිමිර ඉරුෂික 4/47, මෙලන් හංසක 4/21

 

Chilaw Marians CC – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 230 (41.0) සකුණ ලියනගේ 65, තෙවින් අමරසිංහ 42, දර්ශක සංදීප් 38, යසිරු ලක්ෂාන් නොදැවී 39, ගරුක සංකේත් 2/47, හිවින් කෙනුල 2/14, කවිඳු කෞෂල්‍ය 5/45

 

Moors SC – දෙවැනි ඉනිම කිසිවෙක් නොදැවී 30 (3.2) විශාර ප්‍රනාන්දු නොදැවී 26

තරගයේ විසඳුමක් නෑ. ( Chilaw Marians CC කණ්ඩායමට පළමු ඉනිමේ ජය)

Colts CC සහ CCC අතර තරගය Coltsක්‍රීඩාංගණයේ දී.

CCC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 214 (67.5) පවන් සංදේශ 28, පවන් රත්නායක 52, සෙත්රු ප්‍රනාන්දු නොදැවී 22, තිසරු වන්නිනායක 40, තරණ විමලධර්ම 5/55, ප්‍රවීන් මනිශ 3/75

 

Colts CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 139 (52.3) රුසඳ ගමගේ 73, ඉනුක කරන්නාගොඩ 2/36, තිසරු වන්නිනායක 6/33

 

CCC – දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 328 (53.0) අරෝෂ සිතුමිණ 39, අංජල බණ්ඩාර 42, පවන් රත්නායක නොදැවී 151, සහන් කෝසල නොදැවී 70, තරණ විමලධර්ම 2/108

තරගයේ විසඳුමක් නෑ. (CCC කණ්ඩායමට පළමු ඉනිමේ ජය)

Bloomfield C & AC සහ Tamil Union C & AC අතර තරගය කොළඹ, Bloomfield ක්‍රීඩාංගණයේ දී.

Bloomfield C & AC – පළමු ඉනිම සියලු දෙනා දැවී 217 (56.4) හසිත අමරසිංහ 33, මිනෙත් ප්‍රේමරත්න 32, අසිත වන්නිනායක 57, පැතුම් රත්නායක 28, විහස් තෙව්මික 4/93, මෙවන් දිසානායක 5/58

 

Tamil Union C & AC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 156 (36.1) සනුක ගලගොඩ 26, සිනෙත් ජයවර්ධන 23, ඉසිවර දිසානායක 33, විහස් තෙව්මික 24, තරින්ද ගුරුගේ 8/75

 

Bloomfield C & AC – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 108 (27.2) හසිත අමරසිංහ 25, දුලාජ් සමුදිත 25, විහස් තෙව්මික 3/52, මෙවන් දිසානායක 7/48

 

Tamil Union C & AC – දෙවැනි ඉනිම කඩුලු 9ක් දැවී 173 (40.4) ශනුක ගලගොඩ 28, සිනෙත් ජයවර්ධන 32, ඉසිවර දිසානායක 51, තරින්ද ගුරුගේ 3/89, කවීෂ පියුමාල් 3/40

Tamil Union C & AC කණ්ඩායමට කඩුල්ලක ජයක්.

Kandy Customs SC සහ Galle CC අතර තරගය දොඹගොඩ, යුද හමුදා ක්‍රීඩාංගණයේ දී.

Galle CC – පළමු ඉනිම සියලු දෙනා දැවී 200 (77.1) නිකිල් ජයවීර 20, යූරි කොත්තිගොඩ 48, සඳෙව් ඉඳුවර 57, ජනිඳු චාමික 2/46, කවීෂ ඉඳුවර 4/53, නඳුන් සිල්වා 3/34

 

Kandy Customs SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 247 (78.5) චෙහාන් සුබසිංහ 22, මෙහෞෂද ප්‍රනාන්දු 39, කවීෂ ඉඳුවර 72, මිනිඳු සිල්වා 64, මානිත රාජපක්ෂ 7/88, කවීන් රුක්ෂාන් 2/25

 

Galle CC – දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 82 (21.0) නිකිල් ජයවීර නොදැවී 59, සදීර වීරරත්න 2/43

තරගයේ විසඳුමක් නෑ. (Kandy Customs SC කණ්ඩායමට පළමු ඉනිමේ ජය)

Negombo CC සහ Ragama CC අතර තරගය කටුනායක ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ දී.

Ragama CC – පළමු ඉනිම සියලු දෙනා දැවී 143 (48.3) රන්දුල් සමරහේවා 31, මලීෂ සිල්වා 24, තිනුග නුවන් 28, අසීම් මොහොමඩ් නොදැවී 21, හංසජ හිරුණ 2/32, අමිත පෙරේරා 3/52, ශෙහාන් ප්‍රමෝද් 4/29

 

Negombo CC – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 321 (77.0) කවීන් ප්‍රනාන්දු 167, වගීෂ පෙරේරා 27, මොහොමඩ් මුර්ශාද් නොදැවී 38, දසිත් ගුණතිලක 3/116, කෙවින් නානායක්කාර 4/64

 

Ragama CC – දෙවැනි ඉනිම කඩුලු 8ක් දැවී 146 (54.0) දෙනුර දිමන්සිත් 52, තිනුල ලියනගේ 22, දසිත් ගුණතිලක 32, හංසජ හිරුණ 4/25, අමිත පෙරේරා 2/31

තරගයේ විසඳුමක් නෑ. (Negombo CC කණ්ඩායමට පළමු ඉනිමේ ජය)

අද ආරම්භ වූ තරගයේ කෙටි ලකුණු පුවරුව

Police SC සහ Kurunegala Youth CC අතර තරගය කොළඹ, පොලිස් උද්‍යාන ක්‍රීඩාංගණයේ දී.

Police SC – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 303 (84.1) ධනුජ ඉඳුවර 42, සංගීත් ශෙහාර 52, ඉරුෂ ආකාශ් 33, රශ්මික පෙරේරා 114, විදුණ විජේබණ්ඩාර 24, ගයන වීරසිංහ 28/2, දිනුක තෙන්නකෝන් 2/88, වතිල උදාර 3/72

 

Kurunegala Youth CC – පළමු ඉනිම කිසිවෙක් නොදැවී 8 (3.0)

මෙම තරග හෙට (05) 2 වැනි සහ අවසන් දිනයට ක්‍රියාත්මකයි.

තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<