වේල්ස් කුමරුවන් දක්ෂ හඹා යෑමක

U19 School Cricket 2026

3
U19 School Cricket 2026

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග ද්විත්වයක් අද (7) ද ක්‍රියාත්මක වූවා.   

>>අවීශගෙන් ශතකයක්

මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය සහ මොරටුව වේලස් කුමාර විද්‍යාලය අතර තරගය, කටාන DHH පිටියේ දී. (Tier A)

කාසියේ වාසිය – වේල්ස් කුමාර විද්‍යාලය

කාසියේ වාසිය දිනා ගත් වේල්ස් කුමාර විද්‍යාලයීය නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි සාන්ත ජෝසප් විද්‍යාලය තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 354ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි වේල්ස් කුමාර විද්‍යාලය තරගය 2 වැනි දිනයට නතර කරන විට කඩුලු 5ක් දැවී ලකුණු 242ක් ලබා සිටියා.

එම ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරු තුසිඳු දීමන්ත පන්දු 248කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් නොදැවී ලකුණු 102ක් ලබා ගනිමින් මේ දක්වා පිටියේ රැඳී සිටිනවා.

ඒ අතර ඔහු ඔෂාන් මනීෂ සමඟ එක් වෙමින් 3 වැනි කඩුල්ලට ලකුණු 67ක් ද සහ ගවේශ ප්‍රනාන්දු හා එක් ව 4 වැනි කඩුල්ලට ලකුණු 108ක සබඳතාවක් ද ගොඩ නගනවා.

එහි දී ඔෂාන් මනීෂ පන්දු 69කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 38ක්  ද සහ ගවේශ ප්‍රනාන්දු පන්දු 147කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 57ක් ද ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී විශ්ව පීරිස් කඩුලු 2ක් ද සහ තිසඟ පෙරේරා කඩුල්ලක් ද ලබා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • සාන්ත ජෝසප් විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 354 (78.3)අවීශ සමාස් 122, පමෝද දල්පදාදු 64, චේතින කාවින්ද 34, නුශාන් පෙරේරා 60, ඔශාන් මනීෂ 4/91, නෙතුල් අනුහස් 2/83, රුසඳු සිල්වා 2/39
  • වේල්ස් කුමාරවිද්‍යාලය– පළමු ඉනිම කඩුලු 5ක් දැවී 245 (92.0) තුසිඳු දීමන්ත නොදැවී 102, ඔෂාන් මනීෂ 38, ගවේශ ප්‍රනාන්දු 57, විශ්ව පීරිස් 2/80

වේල්ස් කුමාර විද්‍යාලය ලකුණු 109ක් පිටුපසින්.

මෙම තරගය හෙට (8) 3 වැනි සහ අවසන් දිනයට පැවැත්වීමට නියමිතයි.

කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය සහ කොළඹ වෙස්ලි විද්‍යාලය අතර තරගය සාලාව යුද හමුදා ක්‍රීඩාංගණයේ දී. (Tier B)

කාසියේ වාසිය දිනා ගත් වෙස්ලි විද්‍යාලයීය ක්‍රීඩකයන්ගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි සාන්ත බෙනඩික්ට් විද්‍යාලයීය ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලබා ගන්නේ ලකුණු 187ක් පමණක් වන අතර තරගය පළමු දිනයට නතර වන විට වෙස්ලි විද්‍යාලය ද තම පළමු ඉනිම ක්‍රීඩා කරමින් කඩුලු 4ක් දැවී ලකුණු 89ක් ලබා සිටියා.

පළමුවෙන් පන්දුවට පහර දුන් වෙස්ලි විද්‍යාලයීය ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ සිතුම් හසරංග. ඔහු ඉනිම අවසන් වන විට පන්දු 102කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 67ක් ලබා සිටියා.

ඊට අමතර ව විහඟ රත්නායක පන්දු 50ක දී හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 29ක් ද සහ ටෙහාන් බීටර් පන්දු 59ක දී හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 27ක් ද ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී දිනුජ සමරරත්න සහ මෙත්නුල මායාදුන්න කඩුලු 3ක් බැගින් දවා ගත් අතර ඊට අමතර ව කවිඳු හෙට්ටිආරච්චි කඩුලු 2ක් ද දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි වෙස්ලි විද්‍යාලයීය ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ රශීඩ් නායන්. එහු පන්දු 38කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 39ක් ලබා ගත්තා. ඊට අමතර ව තරගය පළමු දිනයට නතර කරන විට ලිතුම් සෙනුජ පන්දු 61කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 26ක් ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී ලිතික ජයසුන්දර කඩුලු 2ක් ද, යොවෙල් එදිරිසිංහ සහ මෙවන් දිසානායක කඩුල්ල බැගින් ද දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • සාන්ත බෙනඩික්ට් විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 187 (54.5)ටෙහාන් බීටර් 27, විහඟ රත්නායක 29, සිතුම් හසරංග නොදැවී 67, දිනුජ සමරරත්න 3/36, කවිඳු හෙට්ටිආරච්චි 2/26, මෙත්නුල මායාදුන්න 3/41
  • වෙස්ලි විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 4ක් දැවී 89 (32.0)රශීඩ් නායන් 39, ලිතුම් සෙනුජ නොදැවී 26, ලිතික ජයසුන්දර 2/08

වෙස්ලි විද්‍යාලය ලකුණු 98ක් පිටුපසින්.

මෙම තරගය හෙට (8) 2 වැනි දිනයට පැවැත්වීමට නියමිතයි.

මෙම තරගාවලියේ මෙම කොටසේ 2 වැනි අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ කොළඹ රාජකීය විද්‍යාලය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අතර තරගය මේ මස 8 වැනිදා සිට මග්ගොන Surrey ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<