ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග ද්විත්වයක් අදත් (2) නිමා වූ අතර එහි දී කොළඹ වෙස්ලි විද්‍යාලය සහ කුරුණෑගල මලියදේව විද්‍යාලය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා.
කොළඹ වෙස්ලි විද්‍යාලය සහ රත්ගම දේවපතිරාජ විද්‍යාලය අතර තරගය, කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාලයීය පිටියේ දී. (Tier B)
කාසියේ වාසිය – දේවපතිරාජ විද්‍යාලය
කාසියේ වාසිය දිනා ගත් දේවපතිරාජ විද්‍යාලයීය නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි වෙස්ලි විද්‍යාලය තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 197ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි දේවපතිරාජ විද්‍යාලය තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලබා ගන්නේ ලකුණු 142ක් පමණයි.
අනතුරු ව ලකුණු 55ක් ඉදිරියෙන් සිටිමින් නැවත පිටියට පිවිසි වෙස්ලි විද්‍යාලයීය ක්‍රීඩකයෝ එවර තම 2 වැනි ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 219ක් ලබා ගන්නවා.
ඒ සමඟින් තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 275ක ඉලක්කයක් සඳහා පිටියට පිවිසි දේවපතිරාජ විද්‍යාලයීය ක්‍රීඩකයෝ තරගය 2 වැනි දිනයට නතර කරන විට කඩුල්ලක් දැවී ලකුණු 5ක් ලබා සිටියා.
ඒ අනුව අද ඔවුන්ට තරගයෙන් ජයග්‍රහණය කිරීමට නම් කඩුලු 9ක අතැතිව තවත් ලකුණු 269ක් අවශ්‍ය වූවා. එහෙත් ඔවුන්ට අද දවසේ දී ලබා හැකි වෙන්නේ ලකුණු 162ක් පමණයි.
එම ඉනිම වෙනුවෙන් යසිරු ලක්ෂාන් පන්දු 142කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 71ක් ලබා ගනිමින් ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ අතර ඊට අමතර ව ගිම්හාන් රසාංජන පන්දු 72කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 31ක් ද ලබා ගන්නවා.
දේවපතිරාජ ඉනිමේ පිතිකරුවන් 7 දෙනෙක් ම තනි ලකුණුවලට සීමා වූ අතර පන්දු යැවීමේ දී දිනුජ සමරරත්න ලකුණු 52කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ කැපි පෙණෙන පන්දු යවන්නා බවට පත් වුණා.
ඊට අමතර ව ආද්‍යයන් සියාන් කඩුලු ද්විත්වයක් ලබා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- වෙස්ලි විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 197 (52.1)ශම්මා ප්‍රනාන්දු 23, රශීඩ් නායන් 34, රශ්මික අමරරත්න 30, ලිතුම් සෙනුජ 24, සෙනුර ලක්ශාන් 27, සඳරු මල්ශාන් 3/71, පුල්ජිත් වත්සුක 4/31, හර්ෂ මදුශංක 2/13
- දේවපතිරාජ විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී ලකුණු 142 (57.1)දියත් සංජිත 20, අරෝෂ සිතුමිණ 33, සඳරු මල්ශාන් 30, රශ්මික අමරරත්න 4/23, ආද්‍යයන් සියන් 4/34
- වෙස්ලි විද්‍යාලය – දෙවැනිඉනිම සියලුම දෙනා දැවී 219(64.4) රශ්මික අමරරත්න 43, සෙනුර ලක්ශාන් 37, කවිඳු හෙට්ටිආරච්චි 41, දිනුජ සමරරත්න 31, සඳරු මල්ශාන් 6/88, දියත් සංජිත 4/46
- දේවපතිරාජ විද්‍යාලය – දෙවැනිඉනිමසියලුම දෙනා දැවී 167 (60.3) සඳරු මල්ශාන් 22, යසිරු ලක්ශාන් 71, ගිම්හාන් රසාංජන 31, ආද්‍යයන් සියන් 2/25, දිනුජ සමරරත්න 4/52
කොළඹ වෙස්ලි විද්‍යාලයට ලකුණු 107ක ජයක්.
- සාන්ත ජෝසප් සහ සාන්ත බෙනඩික්ට් විද්‍යාල අවසන් පූර්ව වටයට
- ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ බංග්ලාදේශ තරග කාලසටහන එළිදැක්වෙයි
- නවසීලන්ත A කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයට දින නියම වෙයි
- සාන්ත සර්වේශස්වරුන් වසර 55කට පසුව මාතොට නිල් සටන දිනයි
කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය සහ කුරුණෑගල මලියදේව විද්‍යාලය අතර තරගය කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලයීය පිටියේ දී. (Tier B)
කාසියේ වාසිය – සාන්ත ආනා විද්‍යාලය
කාසියේ වාසිය දිනා ගනිමින් පළමුවෙන් පන්දුවට පහර දුන් සාන්ත ආනා විද්‍යාලය තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 314ක් ලබා ගත් අතර පිළිතුරු ඉනිමට පිටියට පිවිසි මලියදේව විද්‍යාලය තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 432ක් ලබා ගන්නවා.
ඔවුන් අද (2) තරගය ආරම්භ වන විට කඩුලු 6ක් දැවී ලකුණු 326ක් ලබා සිටි අතර ඒ වෙද්දී රජිත් නවෝද්‍ය නොදැවී ලකුණු 141ක් ලබා සිටියා. අද ඔහු පන්දු 212කට මුහුණ දෙමින් හතරේ පහර 15ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 171ක් ලබා ගනිමින් 8 වැනි කඩුල්ලට දැවී ගියා.
ඊට අමතර දම්ලත් ගමගේ පන්දු 161කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 43ක් ද සහ සොනාල් අශ්වින් පන්දු 64කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 43ක් ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී යශ්මිත් ජයසුන්දර සහ නෙසාද් වීරසේකර කඩුලු 4 බැගින් දවා ගත්තා.
ලකුණු 118ක් පිටුපස සිටිමින් තම 2 වැනි ඉනිමට පිටියට පිවිසි සාන්ත ආනා විද්‍යාලය තරගය අවසන් වෙද්දී කඩුලු 8ක් දැවී ලකුණු 142ක් ලබා සිටියා.
එම ඉනිම වෙනුවෙන් සනුක කෙම්සර පන්දු 107කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් නොදැවී ලකුණු 61ක් ලබා ගත් අතර ඊට අමතර ව සනුජ දිසානායක ලකුණු 23ක් ද සහ යශ්මිත් ජයසුන්දර ලකුණු 21ක් ද ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී තවීෂ බාලසූරිය ලකුණු 19කට කඩුලු 3ක් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- සාන්ත ආනා විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 314 (83.5)දිනුග අබේසේකර 34, සනුක කෙම්සර 21, කුශාන් සුබසිංහ 26, ඉශාන් ඛාන් 55, යශ්මිත ජයසුන්දර 46, සනුජ දිසානායක 61, ඉමන්ජිත් හේරත් 26, දම්ලත් ගමගේ 2/52, තවීෂ බාලසූරිය 6/86
- මලියදේව විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 432 (119.1) තිවංක පබසර 27, රජිත් නවෝද්‍ය 171, චන්දූප අබේසිංහ 53, දුශාන් සයුරංග 23, දිමත් අබේසිංහ 23, දම්ලත් ගමගේ 43, තවීෂ බාලසූරිය 23, නේසාද් වීරසේකර 4/112, යශ්මිත් ජයසුන්දර 4/128
- සාන්ත ආනා විද්‍යාලය – දෙවැනිඉනිම කඩුලු 8ක්දැවී 142 (39.0) සනුක කෙම්සර 61, යශ්මිත් ජයසුන්දර 21, සනුජ දිසානායක 23, තවීෂ බාලසූරිය 3/19
තරගයේ විසඳුමක් නෑ. (පළමු ඉනිමේ ජය කුරුණෑගල මලියදේව විද්‍යාලයට.)
අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





















