ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද දවසේ දී ද පැවැත්වෙනවා.
මේ අතර පෙර දිනයේ නිමා වූ කුරුණෑගල මලියදේව විද්‍යාලය සහ වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය අතර පැවැති තරගයෙන් සාන්ත ජෝසප් වාස් විද්‍යාලය කඩුලු 3ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වීම කැපී පෙණුනා. අනෙකුත් තරග නිමා වූයේ විසඳුමකින් තොරවයි.
පැවැති තරගවල දී පිතිකරුවන් අතුරින් මොරටු මහා විද්‍යාලයේ සිතුම් සිල්වා (73), කැළණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයේ කවීන් දෙනෙත් (55), මොරටුව වේල්ස් කුමාර විද්‍යාලයේ සුවස් ප්‍රනාන්දු (84) සහ නවීන් ප්‍රනාන්දු (88), පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයේ නේක්ෂ ඉද්දමල්ගොඩ (86), කොළඹ රාජකීය විද්‍යාලයේ රෙහාන් පිරිස් (50), කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයේ ශෙවාන් වෙල්ගම (55), කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ හිරුශාන් ඩයස් (83) සහ තනුග පලහවඩන (52) මෙන් ම කැළණිය ගුරුකුල විද්‍යාලයේ දෙනුර දිමන්සිත් (69) අර්ධ ශතක ඉනිම් වාර්තා කළා.
පන්දු යැවීමේ දී මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය හෙෂ්මික නෙත්ශාන් (6/24) දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කරද්දී කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයේ ශනාල් බිනුක්ෂ (5/51) ද දක්ෂ පන්දු යැවීමක නිරත වූවා.
- එංගලන්තය සමඟ සටනට ශ්‍රී ලංකා T20 සංචිතය නම් කරයි
- සවි සහ සෙත්රූ දක්ෂතා දක්වයි
- 13න් පහළ ජයග්‍රහණයට ලකුණු 2ක් හරස් වෙයි
කොළඹ රාජකීය විද්‍යාලය සහ ඩී. එස්. සේනානායක විද්‍යාලය අතර තරගය කොළඹ රාජකීය විද්‍යාලයීය පිටියේ දී. (Tier A)
කාසියේ වාසිය – ඩී. එස්. සේනානායක විද්‍යාලය
- ඩී. එස්. සේනානනායක විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 8ක් දැවී 256 (80.0) ජනිඳු රණසිංහ 50, රන්දිශ බණඩාරනායක 22, ශනාල් බිනුශ්ක 93, හමීඩ් අෆ්ඩාල් 22, චිතුම් බද්දගේ නොදැවී 43, සෙහඳු සූරියආරච්චි 3/29, මහිරු කොඩිතුවක්කු 4/47
- රාජකීය විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 199 (59.4) හිරුන් ලියනාරච්චි 38, රෙහාන් පීරිස් 50, රමිරු පෙරේරා 24, යසිඳු දිසානායක 35, ඔෂධ පෙරේරා 2/41, ශනාල් බිනුක්ෂ 5/51
- ඩී. එස්. සේනානනායක විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 155 (42.0) මියුරු බණ්ඩාර 39, රන්දිශ බණ්ඩාරනායක නොදැවී 30, ශෙවාන් වෙල්ගම 55, රමිරු පෙරේරා 3/43
තරගයේ විසඳුමක් නෑ. ( පළමු ඉනිමේ ජය ඩී. එස්. සේනානායක විද්‍යාලයට.)
කුරුණෑගල මලියදේව විද්‍යාලය සහ වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය අතර තරගය කුරුණෑගල මලියදේව විද්‍යාලයීය පිටියේ දී. (Tier B)
කාසියේ වාසිය – සාන්ත ජෝසප් වාස් විද්‍යාලය
- මලියදේව විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 203 (63.2) පැහැසර බණ්ඩාර 30, රජිත් නවෝද්‍ය 99, දුශාන් සයුරංග 22, දිමත් අබේසිංහ 22, දමේෂ් මතිසාන් 2/46, හිමල් අවිහංස 4/72, යසිත් ගිම්සර 2/11
- සාන්ත ජෝසප් වාස් විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 126 (42.1) දමේෂ් මතීසාන් 21, සස්මිත ප්‍රනාන්දු 21, යසිත් ගිම්සර 25, නිශුද සොම්නස් 3/42, තවීෂ බාලසූරිය 3/37
- මලියදේව විද්‍යාලය – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 81 (28.1) තිවංක පබසර 26, හිමල් රවිහංස 4/39, දමේෂ් මතීශාන් 5/30
- සාන්ත ජෝසප් වාස් විද්‍යාලය – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී කඩුලු 7ක් දැවී 162 (53.3) දමේෂ් මතිසාන් 48, නේතන් ප්‍රනාන්දු නොදැවී 30, පැහැසර බණ්ඩාර 3/29, තවීෂ බාලසූරිය 2/45
සාන්ත ජෝසප් වාස් විද්‍යාලයට කඩුලු 3ක ජයක්.
තර්ස්ටන් විද්‍යාලය සහ කැළණිය ගුරුකුල විද්‍යාලය අතර තරගය කොළඹ, තර්ස්ටන් විද්‍යාලයීය පිටියේ දී. (Tier A)
කාසියේ වාසිය – ගුරුකුල විද්‍යාලය
- ගුරුකුල විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 275 (80.0) ජවිඳු මදුසංක 95, අතීෂ මලිඳු 28, ඉඳුවර ඔෂද නොදැවී 50, අදීප පිංසර 33, සෙත්රු ප්‍රනාන්දු 6/105
- තර්ස්ටන් විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 210 (79.4) යොහාන් සේනානායක 26, හිරුශාන් ඩයස් 83, උදර්ශ නිම්සර 20, තනුග පලිහවඩන 52, සහස් ඉඳුවර 4/39, ජවිඳු මදුශංක 2/37, ලෙශාන් සත්සර 2/46
- ගුරුකුල විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුලු 7ක් දැවී 162 (38.0) දෙනුර දිමන්සිත් 69, ඔහස් සදෙව් 27, ජනිත් මිහිරංග නොදැවී 28, සෙත්රු ප්‍රනාන්දු 2/61, තනුග පලිහවඩන 2/53
තරගයේ විසඳුමක් නෑ. (පළමු ඉනිමේ ජය ගුරුකුල විද්‍යාලයට.)
- මෙවන් දිසානායක දක්ෂ පන්දු යැවීමක
- නේක්ෂ ඉද්දමල්ගොඩත් ද්විත්ව ශතක සමාජයට
- රමිරු, මියුරු සහ ශෙවන් ශතක ලබා ගනී
අද (29) 2 වැනි සහ අවසන් දිනයට ක්‍රියාත්මක තරග
මොරටු මහා විද්‍යාලය සහ කැළණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය අතර තරගය මොරටුව, මහා විද්‍යාලයීය පිටියේ දී. (Tier B)
කාසියේ වාසිය – ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය
- මොරටු මහා විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 168 (60.0) දෙනෙත් සිතුමිණ 20, සිතුම් සිල්වා 73, සඳුන් සුවාරිස් 24, නිපුණ සිතුම් නොදැවී 18, සතිඳු ප්‍රබෝධ 5/100, මෙවන් රන්දීපන 3/20
- ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 4ක් දැවී 107 (35.0) කවීන් දෙනෙත් 55, මෙවන් රන්දීපන 21, තරුෂ මිහිරංග නොදැවී 22, සංජන සෙනෙවිරත්න 2/13
ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය ලකුණු 61ක් පිටුපසින්.
මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය සහ මොරටුව වේල්ස් කුමාර විද්‍යාලය අතර තරගය කදිරාන ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී. (Tier A)
කාසියේ වාසිය – වේල්ස් කුමාර විද්‍යාලය
- වේල්ස් කුමාර විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 310 (76.3) සුවස් ප්‍රනාන්දු 84, නවීන් ප්‍රනාන්දු 88, ඔශාන් ද සිල්වා 49, කාවින්ද කුරේ 20, ගවේශ ප්‍රනාන්දු 21, නෙතුල් අනුහස් 22, හෙෂ්මික නෙත්ශාන් 6/24
- මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 2ක් දැවී 79 (15.0) හංසක පෙරේරා 20, කවිත් ද සිල්වා නොදැවී 34, නෙතුල් අනුහස් 2/08
මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය ලකුණු 231ක් පිටු පසින්.
කොළඹ ආනන්ද විද්‍යාලය සහ පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයට අතර තරගය කොළඹ, ආනන්ද විද්‍යාලයීය පිටියේ දී.
කාසියේ වාසිය – ශ්‍රී සුමංගල විද්‍යාලය
- ශ්‍රී සුමංගල විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 272 (71.0) පන්සිළු සිල්වා 35, නේක්ෂ ඉද්දමල්ගොඩ 86, බංහඟ සිල්වා 30, උමන්ත ආකාශ් 21, සදික දම්යුරු 22, චමත්ක ඉරුෂ 2/35, හිමිර කුඩාගම 4/34
- ආනන්ද විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 2ක් දැවී 68 (22.0) දනිඳු සෙල්ලපෙරුම නොදැවී 36, හිමරු කුඩාගම 26
ආනන්ද විද්‍යාලය ලකුණු 204ක් පිටුපසින්.
අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<




















