ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ Tier A සහ Tier B ක්‍රිකට් තරගාවලියන් හී ආරම්භ වූ අර්ධ අවසන් පූර්ව වටයේ තරග අතුරින් පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය සහ කැළණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය අතර තරගය අද (26) 2 වැනි දිනයට නතර වෙද්දී ශ්‍රී සුමංගල විද්‍යාලය ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 98ක් පිටුපසින් සිටියා.
>>කවීන් දෙනෙත් ශතකලාභී ලැයිස්තුවට එක් වෙයි
පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය සහ කැළණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය අතර තරගය කුරුවිට යුද හමුදා පිටියේ දී. (Tier B)
කාසියේ වාසිය – ශ්‍රී සුමංගල විද්‍යාලය
මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය තම පළමු ඉනිමට ලකුණු 211ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි ශ්‍රී සුමංගල ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලබා ගන්නේ ලකුණු 144ක් පමණයි.
ඔවුන් අද තරගය ආරම්භ කරන්නේ එම ඉනිමේ කඩුලු 2ක් දැවී ලකුණු 18ක් ව තිබියදීයි. ඔවුන්ගේ ඉනිම අවසන් වෙද්දී නේක්ෂ ඉද්මල්ගොඩ පන්දු 66කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 47ක් ද සහ බිහඟ සිල්වා පන්දු 83කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුනු 36ක් ද ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී වමතින් මඳ වේග පන්දු යවන ටිශාන් නිපුන් ලකුණු 43කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කරනවා.
ඊට අමතර ව සතිඳු ප්‍රබෝධ කඩුලු 3ක් ද සහ කෝෂිත ආදිත්‍ය කඩුලු 2ක් ද දවා ගන්නවා.
ලකුණු 67ක් ඉදිරියෙන් සිටිමින් තම 2 වැනි ඉනිමට පිටියට පිවිසි ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය එවර ලකුණු 89කට දැවී යනවා. ඔවුන් ඒ ලෙසින් පාලනය කිරීමේ දී වැඩි කාර්ය භාරයක් ඉටු කරන්නේ වමතින් දඟ පන්දු යැවූ මෙවිඳු කුමාරසිංහ. ඔහු ලකුණු 41කට කඩුලු 6ක් දවා ගනිමින් දක්ෂතා දක්වනවා.
පළමු ඉනිමේ දී ද ලකුණු 82කට කඩුලු 5ක් දවා ගත් ඔහු ඒ අනුව තරගයේ දී ලකුණු 123කට කඩුලු 11ක් දවා ගැනීමට සමත් වෙනවා.
ඔහුට අමතර ව මෙතුම් ප්‍රනාන්දු ද කඩුලු 4ක් දවා ගන්නවා.
අසාර්ථක ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයීය ඉනිමේ වැඩිම ලකුණුලාභියා වෙන්නේ තරුෂ මිහිරංග වන අතර ඔහු පන්දු 54කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 24ක් ලබා ගන්නවා. ඊට අමතර ව සතිඳු ප්‍රබෝධ ලකුණු 14ක් සහ සෙනුක පැහැසර ලකුණු 13ක් ලබා ගන්නා ලද අතර අනෙකුත් කිසිදු ක්‍රීඩකයෙක්ට ඉලක්කම් 2 ලකුණු සංඛ්‍යාවකට පිවිසීමට හැකි වෙන්නේ නැහැ.
ජයග්‍රහණය සඳහා ලකුණු 157ක හඹා යෑමේ ඉනිමකට පිවිසි ශ්‍රී සුමංගල විද්‍යාලයීය ක්‍රීඩකයෝ තරගය 2 වැනි දිනයට නතර කරන විට කඩුලු 2ක් දැවී ලකුණු 59ක් ලබා සිටියා.
එම ඉනිමේ පළමු කඩුල්ල ලකුණු 9ක් වෙද්දී දැවී ගිය ද 2 වැනි කඩුල්ලට ලකුණු 41ක සබඳතාවක් එක් කිරීමට විදුර බාසුරු සහ සංදීප් විජේරත්න සමත් වුණා. විදුර බාසුරු 2 වැනි කඩුල්ල ලෙසින් පන්දු 28කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 33කට දැවී ගිය අතර මේ වෙද්දී සංදීප් විජේරත්න නොදැවී ලකුණු 17ක් ලබා සිටිනවා.
ඉනිමේ දැවී ගිය කඩුලු ද්විත්වය කෝෂිත ආදිත්‍ය සතු වුණා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 211 (76.3) කවීන් දෙනෙත් 106, සෙනුක පැහැසර 29, මෙවිඳු කුමාරසිරි 5/82
- ශ්‍රී සුමංගල විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 144 (48.4)නේක්ෂ ඉද්මල්ගොඩ 47, බිහඟ සිල්වා 36, මෙවිඳු කුමාරසිරි 21, ටිශාන් නිපුන් 4/43, සතිඳු ප්‍රබෝධ 3/44, කෝෂිත ආදිත්‍ය 2/27
- ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය –දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 89 (35.0)තරුෂ මිහිරංග 24, මෙවිඳු කුමාරසිරි 6/41, මෙතුම් ප්‍රනාන්දු 4/42
- ශ්‍රී සුමංගල විද්‍යාලය- දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 59 (13.0) විදුර බාසුරු 33, කෝෂිත ආදිත්‍ය 2/21
පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය ලකුණු 97ක් පිටුපසින්.
මෙම තරගය හෙට (27) 3 වැනි සහ අවසන් දිනයටත් ක්‍රියාත්මකයි.
- ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ බංග්ලාදේශ තරග කාලසටහන එළිදැක්වෙයි
- සාන්ත සර්වේශස්වරුන් වසර 55කට පසුව මාතොට නිල් සටන දිනයි
- සූරි නැවතත් ද්විත්ව ශතක සමාජයට
- ප්‍රියමාල් සහ ලහිරු ශතක ලබා ගනී
- නවසීලන්ත A කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයට දින නියම වෙයි
මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ කොළඹ නාලන්දා විද්‍යාලය අතර තරගය කටුනායක නිදහස් වෙළඳ කලාප ක්‍රීඩාංගණයේ දී. (Tier A)
කාසියේ වාසිය – නාලන්දා විද්‍යාලය
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ත්‍රිත්ව විද්‍යාලයීය ක්‍රීඩකයන්ට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට හැකි වෙන්නේ නැහැ. ඔවුන්ගේ පළමු කඩුලු ද්විත්වය ලකුණු ලබා ගැනීමට ප්‍රථම දැවී යනවා. ඉන් අනතුරු ව වරෙක ඔවුන්ගේ ලකුණු පුවරුව දැක් වුණේ ලකුණු 103කට කඩුලු 8ක් ලෙසයි.
ඉන් අනතුරු ව 9 වැනි කඩුල්ලට ලකුණු 63ක සබඳතාවක් එක් කිරීමට විදුනෙත් ධම්මගේ සහ ප්‍රවීන් රුකුනායක සමත් වෙනවා. එහි සබඳතාව බිඳී යන්නේ විදුනෙත් ධම්මගේ පන්දු 62කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමඟින් ලකුණු 59කට දැවී යෑමත් සමඟිනුයි.
විදුනෙත් ධම්මගේ අවසන් කඩුල්ල ලෙසින් දැවී යද්දී පන්දු 35කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 27ක් ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී මල්ෂ ප්‍රනාන්දු ලකුණු 49කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව හසිත් රත්නායක කඩුලු 3ක් ද සහ ගෙවිඳු මනම්පේරි සහ දුනිත අනුසාර කඩුල්ල බැගින් දවා ගන්නවා.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි නාලන්දා විද්‍යාලයීය ක්‍රීඩකයෝ සාර්ථක ආරම්භයක් ලබා ගත්ත ද එය දිගින් දිගට ම පවත්වාගෙන යෑමට ඔවුන් අසමත් වෙනවා. දිනය අවසන් වෙද්දී ඉනිමේ එතෙක් දැවී ගිය අවසන් කඩුලු ත්‍රිත්වය ලකුණු 12ක් තුළ දවා ගැනීමට ප්‍රතිවාදී ත්‍රිත්ව විද්‍යාලයීය පන්දු යවන්නෝ සමත් වෙනවා.
එහි දී දිනාල් ප්‍රනාන්දු සහ කනිල්ක ඇන්තනී කඩුලු ද්විත්වය බැගින් දවා ගත් අතර පුලීශ තිලකරත්න කඩුල්ලක් දවා ගත්තා.
මේ වෙද්දී අසරණව සිටින නාලන්දා විද්‍යාලයීය ඉනිම වෙනුවෙන් ගෙවිඳු මනම්පේරි පන්දු 105කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 39ක් ද සහ රන්මිත් දිනුවර පන්දු 50කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 22ක් ලබා සිටියා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- ත්‍රිත්ව විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 173 (44.2)දිමන්ත මහවිතාන 21, ප්‍රවීන් රුකුනායක 59, විදුනෙත් ධම්මගේ 27, හසිත් රත්නායක 3/38, මල්ෂ ප්‍රනාන්දු 4/49
- නාලන්දා විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 5ක් දැවී 98 (43.0)ගෙවිඳු මනම්පේරි 39, රන්මිත් දිනුවර 22, කනිල්ක ඇන්තනි 2/22, දිනාල් ප්‍රනාන්දු 2/06
කොළඹ නාලන්දා විද්‍යාලය ලකුණු 75ක් පිටුපසින්.
මෙම තරගය හෙට (27) 2 වැනි දිනයටත් පැවැත්වීමට නියමිතයි.
අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.





















