නිතීෂ් ගෙන් ශතකයක්

U19 School Cricket 2026

3
U19 School Cricket 2026

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ අද (24) නිමා වූ කොළඹ තර්ස්ටන් විද්‍යාලය සහ පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය අතර තරගයේ දී තර්ස්ටන් විද්‍යාලයේ නිතිෂ් කමලසූරිය ශතකයක් වාර්තා කළා.

තවමත් 17 වැනි වියේ පසුවෙන මේ වමත් ආරම්භක පිතිකරුවා තම ඉනිම අවසන් කරන්නේ පන්දු 210කට මුහුණ දෙමින් හතරේ පහර 15ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 127ක් ලබා ගනිමිනුයි.

ඔහුට අමතර ව එම විද්‍යාලයේ ම රචින්ත ද සිල්වා (78), පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයේ නේක්ෂ ඉද්දමල්ගොඩ (62) සහ පන්සිළු සිල්වා (නොදැවී 67), ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයේ ජේඩන් අමරවීර (50) සහ ආරන් කොඩිතුවක්කු (72) අර්ධ ශතක ඉනිම් වාර්තා කළා.

පන්දු යැවීමේ දී මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ කනිල්ක ඇන්තනී (5/65) සහ පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයේ මෙවිඳු කුමාරසිරි (5/133) දක්ෂතා දැක් වූවා.

අද (24) අවසන් වූ තරගයේ කෙටි ලකුණු සටහන්

තර්ස්ටන් විද්‍යාලය සහ පාන්දුර ශ්‍රී සුමංගල විද්‍යාලය අතර තරගය කොළඹ තර්ස්ටන් විද්‍යාලයීය ක්‍රිකට් පිටියේ දී  ( Traditional)

කාසියේ වාසිය – ශ්‍රී සුමංගල විද්‍යාලය

තර්ස්ටන් විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 8ක් දැවී 362 (80.0)නිතිෂ් කමලසූරිය 127, යොහාන් සේනානායක 30, සෙත්‍රූ ප්‍රනාන්දු 26, රචින්ත ද සිල්වා 78,  හිරුෂ ඩයස් 20, තනුග පලිහවඩන නොදැවී 48, මෙවිඳු කුමාරසිරි 133/5

ශ්‍රී සුමංගල විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 138 (54.4)නේක්ෂ ඉද්දමල්ගොඩ 62, දිනූෂ දුලාංජන 23, රචින්ත ද සිල්වා 2/23, තනුග පලිහවඩන 3/29, සෙත් රූ ප්‍රනාන්දු 2/21

ශ්‍රීසුමංගල විද්‍යාලයදෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 147 (53.0) පන්සිළු සිල්වා නොදැවී 67, විශාල් හංසිත 22, නේක්ශ ඉද්දමල්ගොඩ 26, යොවුන් ශිල්ප 2/49

තරගයේ විසඳුමක් නෑ.

අද (24) ආරම්භ වූ තරගයේ කෙටි ලකුණු පුවරුව

ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අතර තරගය කොළඹ BRC පිටියේ දී. (Tier A)

කාසියේ වාසිය – සාන්ත  තෝමස් විද්‍යාලය

සාන්ත තෝමස් විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 189 (77.4)ජේඩන් අමරවීර 50, ආරන් කොඩිතුවක්කු 72, ශනිල් පෙරේරා නොදැවී 37, කනිල්ක ඇන්තනී 5/65, ඩිනාල් ප්‍රනාන්දු 3/34

ත්‍රිත්ව විද්‍යාලය – පළමු ඉනිම කඩුල්ලක් දැවී 54 (16.0) පුලීශ තිලකරත්න නොදැවී 25

මහනුවර ත්‍රිත්ව විද්‍යාලය ලකුණු 135ක් පිටපසින්

අද ආරම්භ වූ මෙම තරගය හෙට (25) 2 වැනි සහ අවසන් දිනයටත් ක්‍රියාත්මකයි.

අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<