කවීන්, ගිම්හාන්, සතිඳු සහ කනිල්ක කැපී පෙණෙන දක්ෂතා දක්වයි

U19 School Cricket 2026

2
U 19 School Cricket

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තවත් දවසක් (23) නිමාවේ දී කවීන් දෙනෙත් සහ ගිම්හාන් රසාංජන පිතිකරුවන් ලෙසින් දක්ෂතා දක්වද්දී සතිඳු ප්‍රබෝද සහ කනිල්ක ඇනතනී කැපි පෙණෙන දක්ෂතා දැක් වූවා.

රත්ගම දේවපතිරාජ විද්‍යාලයේ ගිම්හාන් රසාංජන කුරණෑගල සාන්ත ආනා විද්‍යාලයට එරෙහි ව පන්දු 153කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සමඟින් ලකුණු 105ක් ලබා ගත්තා.

පෙර දින නොදැවී ලකුණු 75ක් ලබා සිටි කැළණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයේ ආරම්භක පිතිකරු කවීන් දෙනෙත් ඔවුන්ගේ ඉනිම නිමා වන විට නොදැවී ලකුණු 143ක් දක්වා තම ඉනිම දීර්ඝ කර ගත්තා. ඔහුගේ ඉනිමට පන්දු 245ක් වැය ව තිබූ අතර ඊට හතරේ පහර 15ක් සහ හයේ පහරක් ඇතුලත් ව තිබුණා.

ඔහු මෙම දක්ෂතාව සිදු කරන්නේ ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලයට එරෙහිවයි.

දිනයේ දක්ෂතම පන්දු යැවීම සිදු කළේ කැළණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයේ සතිඳු ප්‍රබෝද. ඔහු ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලයට එරෙහි ව ලකුණු 55කට කඩුලු 6ක් දවා ගත්තා. ඊට අමතර ව ත්‍රිත්ව විද්‍යාලයේ කනිල්ක ඇන්තනී ද කොළඹ සාන්ත ජොසප් විද්‍යාලයට එරෙහි ව ලකුණු 60කට කඩුලු 6ක් දවා ගනිමින් දක්ෂතා දැක් වූවා.

මේ අතර සාන්ත තෝමස් විද්‍යාලයේ ජේඩන් අමරවීර (50), මරදාන සාන්ත ජෝසප් විද්‍යාලයේ අවීශ සමාශ් (87), කැළණිය ගුරුකුල විද්‍යාලයේ ජනිත් මිහිරංග (84), රත්ගම දේවපතිරාජ විද්‍යාලයේ සඳරු මල්ශාන් (52) සහ යසිරු ලක්ශාන් (76) අර්ධ ශතක ඉනිම් වාර්තා කරමින් දක්ෂතා දැක් වූවා.

පන්දු යැවීමේ දී මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලයේ කොශේන්ද්‍ර ප්‍රනාන්දු (5/42), මොරටුව වේල්ස් කුමාර විද්‍යාලයේ රුසඳු සිල්වා (5/44) සහ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ටෙනුශ නිම්සර (5/45) ද දක්ෂතා දැක් වූවා.

මේ අතර පැවැති තරගවල දී සානත් සෙබස්තියන් විද්‍යාලය සහ කැළණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය ජයග්‍රහණ ලබා ගැනීමට සමත් වූවා.

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සහ මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය අතර තරගය අඹේපුස්ස යුද හමුදා සිංහ රෙජිමේන්තු ක්‍රීඩාංගණයේ දී. (Tier A)

කාසියේ වාසිය – සාන්ත සෙබස්තියන් විද්‍යාලය

  • රිච්මන්ඩ් විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 149 (46.3) මිනග ආරියදාස 26, රනිඳු ද සිල්වා 28, නෙත්සර ආකාශ් නොදැවී 20, අදේශ් අල්මේදා 7/58
  • සාන්ත සෙබස්තියන් විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 127 (43.4) මෙශෝන් ෆර්ඩිනැන්ඩෝ 44, ලශේන් ප්‍රනාන්දු 39, හිරුක් අකලංක 3/35, ටෙනුශ නිම්සර 5/45

රිච්මන්ඩ් විද්‍යාලය – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 102 (44.3) බෙවින් ජයවර්ධන 34, අදේශ් අල්මේදා 2/08, කොශේන්ද්‍ර ප්‍රනාන්දු 5/42

සාන්ත සෙබස්තියන් විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 127 (30.5) මෙශෝන් ෆර්ඩිනැන්ඩෝ 23, කොශේන්ද්‍ර ප්‍රනාන්දු නොදැවී 43, චමත් වෙල්ලාලගේ නොදැවී 30, ටෙනුශ නිම්සර 2/45

සාන්ත සෙබස්තියන් විද්‍යාලයට කඩුලු 6ක ජයක්.

කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය සහ රත්ගම දේවපතිරාජ විද්‍යාලය අතර තරගය කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලයීය පිටියේ දී. (Tier B)

කාසියේ වාසිය – දේවපතිරාජ විද්‍යාලය

  • සාන්ත ආනා විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 213 (51.3) සනුක කෙම්සර 30, මෙත්විරු අබේසේකර 62, කේශාන් සුබසිංහ 43, සනුජ දිසානායක 35, දියත් සංජිත 2/26, සඳරු මල්ශාන් 5/94, පුල්ජිත් වත්සුක 3/27
  • දේවපතිරාජ විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 98 (30.1) සඳරු මල්ශාන් 27, යසිරු ලක්ශාන් 29, පිංසර දුතංග 22, සනුජ දිසානායක 4/35, යශ්මිත් ජයසුන්දර 3/29, මනුජ විජේරත්න 2/07
  • දේවපතිරාජ විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුලු 8ක් දැවි 339 (103.6) සඳරු මල්ශාන් 52, යසිරු ලක්ශාන් 76, ගිම්හාන් රසාංජන 105, සුමේධ සම්පත් 28, යශ්මිත් ජයසුන්දර 3/43, මනුජ විජේරත්න 3/60

තරගයේ විසඳුමක් නෑ. (සාන්ත ආනා විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.)

කැළණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය සහ ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය අතර තරගය මීගමුව, කදිරාන ක්‍රීඩාංගණයේ දී. (Tier B)

කාසියේ වාසිය – සාන්ත ඇලෝසියස් විද්‍යාලය

  • සාන්ත ඇලෝසියස් විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 118 (41.3) සෙවිත දුමාල් 45, සසිඳු මදුසර 23, චනුල් නෙත්සිත 2/18, සතිඳු ප්‍රබෝධ 4/32, සෙනුක් නිලේෂ් 2/01
  • ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 6ක් දැවී 259 (80.0) කවීන් දෙනෙත් නොදැවී 143, මිනුක දින්සර 23, සතිඳු ප්‍රබෝද 22, දුල්සත් නිම්විරු 3/78
  • සාන්ත ඇලෝසියස් විද්‍යාලය – දෙවැනි ඉනිම සියලුම දෙනා දවැී 144 (54.1) ගිම්හාන් හංසක 21, සෙවිත දුමාල් 41, චනුල් නෙත්මිණ 22, සතිඳු ප්‍රබෝධ 6/55, සෙනුක් නිලේශ් 4/36
  • ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය – දෙවැනි ඉනිම කිසිවෙක් නොදැවී 4 (0.2)

ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයට කඩුලු 10ක ජයක්.

මේ අතර තවත් තරග ත්‍රිත්වයක් (23) ආරම්භ වූවා.

මොරටුව වේල්ස් කුමාර විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය අතර තරගය මොරටුව වේල්ස් කුමාර විද්‍යාලයීය පිටියේ දී. (Tier A)

කාසියේ වාසිය – සාන්ත තෝමස් විද්‍යාලය

  • සාන්ත තෝමස් විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 208 (66.5) ජේඩන් අමරවීර 50, ආරොන් කොඩිතුවක්කු 43, රෙශෝන් සොලමන් 49, රුසඳු සිල්වා 5/44
  • වේල්ස් කුමාර විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 64 (19.5) රුසඳු සිල්වා 16, ගිම්හාන් මෙන්ඩිස් 4/15, චෙලන් වීරසිංහ 3/24, රෙශෝන් සොලමන් 3/08
  • වේල්ස් කුමාර විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 05 (3.0)

වේල්ස් කුමාර විද්‍යාලය ලකුණු 139ක් පිටුපසින්.

කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අතර තරගය කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලයීය පිටියේ දී. (Tier A)

කාසියේ වාසිය – ත්‍රිත්ව විද්‍යාලය

  • සාන්ත ජෝසප් විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 302 (79.2) යෙනුල දන්තනාරායන 26, අවීශ සමාශ් 87, පමෝද දල්පදාදු 42, රිශ්ම අමරසිංහ 21, දිල්ප මදුරංග 21, චේතින කාවින්ද 41, තිසඟ පෙරේරා 37, කනිල්ක ඇන්තනී 6/102
  • ත්‍රිත්ව විද්‍යාලය – පළමු ඉනිම කිසිවෙක් නොදැවී 38 (15.0) පුලීශ තිලකරත්න නොදැවී 26

ත්‍රිත්ව විද්‍යාලය ලකුණු 264ක් පිටුපසින්.

මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය සහ කැළණිය ගුරුකුල විද්‍යාලය අතර තරගය මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලයීය පිටියේ දී. (Tier A)

කාසියේ වාසිය – ගුරුකුල විද්‍යාලය

  • ගුරුකුල විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 194 (62.4) දෙනුර දිමන්සිත් 29, ජනිත් මිහිරංග 84, ඉඳුවර ඔෂද 21, දසුන් වැලිඅංග 2/22, ප්‍රවීන් ගමගේ 3/61
  • සාන්ත අන්තෝනි විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 2ක් දැවී 87 (20.5) සනුක කල්පන 27, සිසල් හේමක නොදැවී 46

සාන්ත අන්තෝනි විද්‍යාලය ලකුණු 107ක් පිටුපසින්.

මෙම තරග සියල්ල අද (24) 2 වැනි සහ අවසන් දිනයටත් ක්‍රියාත්මකයි.

අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<