ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ අද (17) පැවැති මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ ගාල්ල මහින්ද විද්‍යාලය අතර තරගත් සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සහ කොළඹ සාන්ත ජෝශප් විද්‍යාලය අතර තරගයත් විසඳුමකින් තොරව අවසන් වූවා.
මේ තරගවල දී කොළඹ සාන්ත ජෝශප් විද්‍යාලයේ අවීශ සාමාශ් (64) සහ රිශ්ම අමරසිංහ (87), ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයේ අවිනාශ් ප්‍රනාන්දු (නොදැවී 57) සහ ත්‍රිත්ව විද්‍යාලයේ පුලීශ තිලකරත්න (82) අර්ධ ශතක ඉනිම් ගොඩ නගමින් දක්ෂතා දැක් වූවා.
- ගැටලු විසඳා ගැනීමට ICC නියෝජිතයින් බංග්ලාදේශයට යයි
- වෙස්ලි ක්‍රීඩකයෝ දිනය වෙන්කර ගනී
- LPL 2026 සඳහා ක්‍රීඩක වෙන්දේසියක් නැහැ!
- හිමිර සහ කවිත් දක්ෂතා දක්වයි
- ජේඩන්, රමිරු සහ අභීත් දිනය වර්ණවත් කරයි
මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ ගාල්ල මහින්ද විද්‍යාලය අතර තරගය මහනුවර, අස්ගිරිය ක්‍රීඩාංගණයේ දී. (Tier A)
කාසියේ වාසිය – මහින්ද විද්‍යාලය
- ත්‍රිත්ව විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 203 (63.4) පුලීශ තිලකරත්න 28, චනිරු සේනාරත්න 36, මාලික විතානගේ 35, සංතෝශ් ක්‍රිතීක්ෂණ 39, අරෝෂ උදයංග 3/63, ගෙසඳු බිසස් 2/09, සෙහස් ආශිංස 3/22
- මහින්ද විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 262 (68.2)තෙවිඳු රශ්මික 72, රන්ඳුල මාබරණ 26, දිනෙත් පැහැසර 41, ගෙසඳු බිසස් 36, මානිත රාජපක්ෂ නොදැවී 47, රනුල් ගුණරත්න 2/50, ඩාවුඩ් හිල්මි 4/38, චනිරු සේනාරත්න 2/31
- ත්‍රිත්ව විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී 136 (47.0) පුලීශ තිලකරත්න 82, මානිත රාජපක්ෂ 2/50, සෙහස් ආශිංස 2/37
තරගයේ විසඳුමක් නෑ. (මහින්ද විද්‍යාලයට පළමු ඉනිමේ ජය.)
ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සහ කොළඹ සාන්ත ජෝශප් විද්‍යාලය අතර තරගය, ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී. (Tier A)
කාසියේ වාසිය – සාන්ත ජෝශප් විද්‍යාලය
- සාන්ත තෝමස් විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 198 (78.0) අවිශ්ක ප්‍රනාන්දු 22, ආරොන් කොඩිතුවක්කු 52, රැපියෙල් හෙට්ටිගේ 23, ගිම්හාන් මෙන්ඩිස් 22, තිසංග පෙරේරා 2/25, විශ්ව පීරිස් 4/67
- සාන්ත ජෝශප් විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 4ක් දැවී 265 (76.1) අවීශ සාමාශ් 64, පමෝද දල්පදාදු 47, රිශ්ම අමරසිංහ 87, චමත් පෙරේරා නොදැවී 43,
- සාන්ත තෝමස් විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 104 (34.0) අවිනාශ් ප්‍රනාන්දු නොදැවී 57, ලුදීශ මාතරගේ 38
තරගයේ විසඳුමක් නෑ. (සාන්ත ජෝශප් විද්‍යාලයට පළමු ඉනිමේ ජය.)
තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<



















