ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ Tier B කොටසෙන් තරග වැදුණ කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය සහ රත්ගම දේවපතිරාජ විද්‍යාලය අතර තරගයෙන් කඩුලු 8ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සාන්ත බෙනඩික්ට් විද්‍යාලය සමත් වුණා.
සාන්ත බෙනඩික්ට් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ දී පෙර දිනයේ පිටියේ නොදැවී රැඳී සිටි සාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ විහඟ රත්නායක සහ ලිතික ජයසුන්දර අද තම ඉනිම් අර්ධ ශතක දක්වා රැගෙන ගියා. ඔවුන් දෙදෙනා එක් ව 7 වැනි කඩුල්ලට ලකුණු 106ක සබඳතාවක් එක් කරනවා.
එහි දී ලිතික ජයසුන්දර පන්දු 74කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමඟින් ලකුණු 66ක් ලබා ගත් අතර ඉනිම අවසන් වන විට විහඟ රත්නායක පන්දු 140කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 93ක් ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී පුල්ජිත් වත්සුක කඩුලු 3ක් දවා ගත් අතර ඊට අමතර ව අදීශ ගෞතම් සහ සඳරු මල්ශාන් කඩුලු ද්විත්වය බැගින් දවා ගත්තා.
- ජේඩන්, රමිරු සහ අභීත් දිනය වර්ණවත් කරයි
- කවිඳු, සෙහස් සහ විශ්ව පිතිකරුවෝ අමාරුවේ දමයි
- සොහාන් පළමු පෙළ ලකුණු 3000 සමාජයට
- සාන්ත බෙනඩික්ට් විද්‍යාලයට කඩුලු 3ක ජයක්
- රෙහාන්, අසදිස, අදේශ් සහ සනුජ ශතක වාර්තා කරයි
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි දේවපතිරාජ ක්‍රීඩකයෝ තම දෙවැනි ඉනිමට ලබා ගන්නේ සියලුම දෙනා දැවී ලකුණු 149ක් පමණයි.
එම ඉනිමේ වැඩිම ලකුණුලාභීන් වෙන්නේ ඔශේන් කල්හාර සහ යසිරු ලක්ෂාන්. ඔවුන් දෙදෙනා ලකුණු 26ක් බැගින් ලබා ගන්නවා. කඩුලු දවා ගැනීමේ දී මානික්‍ය දේශප්‍රිය ලකුණු 28කට කඩුලු 4ක් දවා ගන්නා ලද අතර විහඟ රත්නායක කඩුලු 2ක් දවා ගන්නවා.
ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 32ක හඹායන ඉනිමක් වෙනුවෙන් පිටියට පිවිසි සාන්ත බෙනඩික්ට් ක්‍රීඩකයෝ කඩුලු 2ක් පමණක් දැවී එම ඉලක්කය සපුරා ගන්නවා.
කාසියේ වාසිය – දේවපතිරාජ විද්‍යාලය
- දේවපතිරාජ විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 181 (51.2) සඳරු මල්ශාන් 62, ගිම්හාන් රසාංජන 34, දියත් සංජිත 26, සුමේධ සම්පත් 28, නඳුන් ප්‍රනාන්දු 3/32, මානික්‍ය දේශප්‍රිය 2/04, විහඟ රත්නායක 2/34
- සාන්ත බෙනඩික්ට් විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 299 (69.0) ටෙහාන් බීටර් 20, මිහිල ජයවීර 38, මෙවන් දිසානායක 38, විහඟ රත්නායක නොදැවී 93, ලිතික ජයසුන්දර 66, පුල්ජිත් වත්සුක 3/65, සඳරු මල්ශාන් 2/84, අදීශ ගෞතම් 2/35
- දේවපතිරාජ විද්‍යාලය – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 149 (47.4) ඔශේන් කල්හාර 26, යසිරු ලක්ශාන් 26, මානික්‍ය දේශප්‍රිය 4/28, විහඟ රත්නායක 2/16
- සාන්ත බෙනඩික්ට් විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 34 (8.4) මිහිල ජයවීර නොදැවී 21
සාන්ත බෙනඩික්ට් විද්‍යාලයට කඩුලු 8ක ජයක්.
තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<




















