තෙවිඳු, හේෂාන්, විරාන් සහ මානිත දක්ෂතා දක්වයි

U19 School Cricket 2026

11

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තවත් තරග ද්විත්වයක් (8දා) ආරම්භ වූ අතර එහි දී තෙවිඳු රශ්මික සහ හේෂාන් මදුශංක ශතක වාර්තා කළා.  

ඔවුන්ට අමතර ව විරාන් චමුදිත තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වද්දී මානිත රාජපක්ෂ දිනයේ දක්ෂතම පන්දු යැවීම වාර්තා කළා.  

පැවැති මෙම තරගවල දී මාතර සාන්ත සර්වේශස් විද්‍යාලයේ ආරම්භක පිතිකරු හේෂාන් මදුශංක කොළඹ ලුම්බිණි විද්‍යාලයට එරෙහි ව පන්දු 147කට මුහුණ දෙමින් හතරේ පහර 16ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 128ක් ලබා ගත්තා.  

ඔහුගේ එම ඉනිමේ දී රිසිනු කිත්මුක හා එක් වෙමින් පළමු කඩුල්ලට ලකුණු 117ක සබඳතාවක් ද සහ විරාන් චමුදිත හා එක් වෙමින් 2 වැනි කඩුල්ලට ලකුණු 90ක සබඳතාවක් ද ගොඩ නගනවා.  

එහි දී රිසිනු කිත්මුක පන්දු 47කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 64ක් ද සහ විරාන් චමුදිත පන්දු 31ක දී හයේ පහර 6ක් සහ හතරේ පහර 8ක් සමඟින් ලකුණු 83ක් ද ලබා ගත්තා. 

පිතිකරුවෙක් ලෙසින් වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ විරාන් චමුදිත පන්දු යැවීමේ දී ලකුණු 25කට කඩුලු 5ක් ද දවා ගැනීමට ද සමත් වෙනවා.  

මේ අතර ගාල්ල මහින්ද විද්‍යාලයේ ආරම්භක පිතිකරු තෙවිඳු රශ්මික කැළණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයට එරෙහි ව පන්දු 100කට මුහුණ දෙමින් හතරේ පහර 18ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 125ක් ලබා ගත්තා.

ඊට අමතර ව ඔහු දුල්සිත් දර්ශන සමඟ එක් වෙමින් 1 වැනි කඩුල්ලට ලකුණු 142ක සබඳතාවක් ද ගොඩ නගනවා. එහි දී දුල්සිත් දර්ශන පන්දු 63කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 57ක් ලබා ගත්තා.  

මේ අතර ගාල්ල මහින්ද විද්‍යාලයේ දකුණතින් පිට දඟ පන්දු යැවූ මානිත රාජපක්ෂ කැළණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයට එරෙහි ව ලකුණු 46කට කඩුලු 6ක් දවා ගනිමින්ප න්දු යවන්නන් අතර කැපී පෙණෙද්දී  කැළණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයේ ඔමල් විහඟ (55) පිතිකරුවෙක් ලෙසින් දක්ෂතා දැක් වුවා.

පැවැත්වෙන තරගවල කෙටි ලකුණු පුවරු 

ගාල්ල මහින්ද විද්‍යාලය සහ කැළණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය අතර තරගය මහින්ද විද්‍යාලයීය පිටියේ දී. (Traditional) 

කාසියේ වාසිය – ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය 

  • ශ්‍රීධර්මාලෝක විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 180 (47.5) ඔමල් විහඟ 55, සතිඳු ප්‍රබෝධ 42, කෝශිත ආදිත්‍ය නොදැවී 31, කවිඳු නිම්සර 2/20, මානිත රාජපක්ෂ 6/46 
  • මහින්ද විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 2ක් දැවී 255 (43.0)තෙවිඳු රශ්මික 125, දුල්සිත් දර්ශන 57, රන්දුල මාබරණ නොදැවී 33, දිනෙත් පැහැසර නොදැවී 24 

ගාල්ල මහින්ද විද්‍යාලය ලකුණු 75ක් ඉදිරියෙන්.  

කොළඹ ලුම්බිණි විද්‍යාලය සහ මාතර සාන්ත සර්වේශස් විද්‍යාලය අතර තරගය කොළඹ BRC ක්‍රීඩාංගණයේ දී. (Tier A) 

කාසියේ වාසිය – සාන්ත සර්වේශස් විද්‍යාලය 

  • සාන්තසර්වේශස් විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 6ක් දැවී 350 (49.3) රිසිනු කිත්මුක 64, හේශාන් මදුශංක 128, විරාන් චමුදිත 83, චමෝද් මිහිරංග 29, පසිඳු මහීෂ 2/77, යශෝද් කවිඳු 3/78 
  • ලුම්බිණි විද්‍යාලය – පළමු ඉනිමසියලුම දෙනා දැවී 112 (41.0) ලෝනිත මෙත්මාල් 37, දිනාල් සෙව්මිණ 24, විරාන් චමුදිත 5/25, ලසිඳු රාමනායක 3/31 

ලුම්බිණි විද්‍යාලය ලකුණු 238ක් පිටුපසින්.  

මෙම තරග ද්විත්වය අද (9) 2 වැනි සහ අවසන් දිනයට ක්‍රියාත්මකයි.  

අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<