සාන්ත බෙනඩික්ට් විද්‍යාලයට කඩුලු 3ක ජයක්

U19 School Cricket 2026

19
U19 School Cricket 2026

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ තවත් තරග 2ක් අද (7) අවසන් වූ අතර එහි දී කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය, ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය පරාජය කරමින් කඩුලු 3ක ජයග්‍රහණයක් ලබා ගත්තා.

එම තරගයේ දෙවැනි ඉනිමේ දී සාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ මෙවන් දිසානායක පන්දු 82කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 52ක් ලබා ගැනීමට සමත් වෙනවා.

මේ අතර නිමා වූ අනෙක් තරගයේ දී ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ චලිඳු කරුණාරත්න පන්දු 74කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 52ක් ලබා ගත් අතර කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ රචින්ත ද සිල්වා පන්දු 41කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 63ක් ලබා ගත්තා.

කොළඹ තර්ස්ටන් විද්‍යාලය සහ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය අතර තරගය, තර්ස්ටන් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී. (Tier A)

කාසියේ වාසිය – රිච්මන්ඩ් විද්‍යාලය

  • තර්ස්ටන් විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 257 (74.4)අකේන් ද අල්විස් 25, යොහාන් සේනානායක 34, රිසෝන් ජන්සෙන් 20, සෙත්රු ප්‍රනාන්දු 57, රචින්ත ද සිල්වා 29, උදර්ශ නිම්සර 23, ලෙසද දෙව්මික හේවාපතිරණ 21, මිනග ආරියදාස 5/88, තෙනුශ නිම්සර 2/92, නෙතුජ බාශිත 2/25
  • රිච්මන්ඩ් විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 166 (53.5) චලිඳු කරුණාරත්න 52, අමීෂ රසාංජන 25, යොවුන් සිල්ප 3/46, තනුග පලිහවඩන 4/44
  • තර්ස්ටන් විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 121 (30.3) යොහාන් සේනානායක 44, රචින්ත ද සිල්වා නොදැවී 63
  • රිච්ම්න්ඩ් විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 68 (25.0) අමීෂ රසාංජන නොදැවී 24, තනුග පලිහවඩන 3/39

තරගයේ විසඳුමක් නෑ. (තර්ස්ටන් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.)

සාන්ත ඇලෝසියස් විද්‍යාලය සහ කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය අතර තරගය කරන්දෙණිය ජෙනරල් බලගල්ල යුද හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී. (Tier B)

කාසියේ වාසිය – සාන්ත බෙනඩික්ට් විද්‍යාලය

  • සාන්ත ඇලෝසියස් විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 167 (54.5)චනුල් සංකෙත් 23, විනෝද් දනුශ්ක 23, සෙවිත දුමාල් 37, දුල්සත් නිම්විරු 29, යොහාන් එදිරිසිංහ 2/18, විහඟ රත්නායක 3/24, ලිතික ජයසුන්දර 3/09
  • සාන්ත බෙනඩික්ට් විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 167 (45.0)ටෙහාන් බීටර් 30, විහඟ රත්නායක 28, සිතුම් හසරංග 36, ලිතික ජයසුන්දර 31, චනුල් නෙත්මිණ 4/42, හිවිරු නිම්තරණ 4/22
  • සාන්ත ඇලෝසියස් විද්‍යාලය – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 116 (52.1) චනුල් සංකේත් 44, අයේශ් ගජනායක 3/27, ලිතික ජයසුන්දර 2/16, මෙවන් දිසානායක 3/30
  • සාන්ත බෙනඩික්ට් විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුලු 7ක් දැවී 117 (31.3)මෙවන් දිසානායක නොදැවී 52, හිවිරු නිම්තරණ 2/09, ඔෂද දේවින්ද 3/39

සාන්ත බෙනඩික්ට් විද්‍යාලයට කඩුලු 3ක ජයක්.

තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<