ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (5) අවසන් වූ අතර එහි දී පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයේ දකුණතින් පිට දඟ පන්දු යැවූ බිහඟ සිල්වා කඩුලු ත්‍රිත්වයක් දවා ගැනීමට සමත් වූවා.
වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලයට එරෙහි ව පෑ ඔහුගේ මෙම දක්ෂතාව සිදු කිරීමෙන් අනතුරුව යවනු ලැබූ අනෙක් පන්දුවේ දී ද කඩුල්ලක් දවා ගනිමින් පිට පිට යවනු ලැබූ පන්දු 4ක දී කඩුලු 4ක් දවා ගන්නවා.
>>දෙවැනි පෙළ එක්දින ශූරතාව හික්කඩුව සුමංගලයන්ට<<
ඊට අමතර ව රත්ගම දේවපතිරාජ විද්‍යාලයේ දකුණතින් මඳ වේග පන්දු යැවූ ගිම්හාන් රසාංජන කැළණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයට එරෙහි ව ලකුණු 46කට කඩුලු 6ක් දවා ගනිමින් දක්ෂතා දක්වනවා.
මේ අතර පැවැති තරගවල දී කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලයේ සනුක කෙම්සර (82) සහ කුශාන් සුබසිංහ (58), මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයේ රමිත් බණ්ඩාර (53), මරදාන සාන්ත ජෝසප් විද්‍යාලයේ සෙනුජ වැකුණුගොඩ (56), රිශ්ම අමරසිංහ නොදැවී (54), කඳාන ද මැසිනෝද් විද්‍යාලයේ ශනෝන් සිල්වා (81) සහ ප්‍රනීත් විතානගේ (53), වෙස්ලි විද්‍යාලයේ රශීඩ් නායන් (78), රශ්මික අමරරත්න (51) සහ කවිඳු හෙට්ටිආරච්චි (77), රත්ගම දේවපතිරාජ විද්‍යාලයේ අරෝෂ සිතුමිණ (51), මලියදේව විද්‍යාලයේ රජිත් නවෝද්‍ය (නොදැවී 59) සහ දිමත් අබේසිංහ (නොදැවී 56) අර්ධ ශතක ඉනිම් වාර්තා කළා.
අද (6) අවසන් වු තරගවල කෙටි ලකුණු පුවරු
වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය සහ පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය අතර තරගය කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාලයීය පිටියේ දී. (Tier B)
කාසියේ වාසිය – ශ්‍රී සුමංගල විද්‍යාලය
- ශ්‍රී සුමංගල විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 258 (69.3) පංසිළු සිල්වා 55, විදුර බාසුරු 25, නේක්ෂ ඉද්දමල්ගොඩ 42, බිහඟ සිල්වා 56, මෙවිඳු කුමාරසිරි 55, දමේස් මතිසන් 5/92, අමල් දෙනුවන් 4/58
- සාන්ත ජෝසප් වාස් විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 112 (35.5) සස්මිත ප්‍රනාන්දු 33, නේතන් ප්‍රනාන්දු 22, මෙවිඳු කුමාරසිරි 4/25, බිහඟ සිල්වා 2/16, මෙතුම් ප්‍රනාන්දු 2/09
- සාන්ත ජෝසප් වාස් විද්‍යාලය – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 116 (38.0) සස්මිත ප්‍රනාන්දු 36, සවියෝ ප්‍රනාන්දු 41,
පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයට ඉනිමක සහ ලකුණු 30ක ජයක්.
රත්ගම දේවපතිරාජ විද්‍යාලය සහ කැළණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයට අතර තරගය වීරකැටිය, මන්දාදුව ක්‍රීඩාංගණයේ දී. (Tier B)
කාසියේ වාසිය – ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය
- දේවපතිරාජ විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 195 (55.5) යසිරු ලක්ශාන් 83, ගිම්හාන් රසාංජන 26, විහඟ ඉඳුවර 54, ටිශාන් නිපුන් 3/16, සතිඳු ප්‍රබෝධ 3/67, කෝෂිත ආදිත්‍ය 3/54
- ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 148 (56.0) මෙවන් රන්දීප 35, තරුෂ මිහිරංග 38, කෝශිත ආදිත්‍ය 20, සඳරු මල්ශාන් 2/38, ගිම්හාන් රසාංජන 6/46
- දේවපතිරාජ විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුලු 7ක් දැවී 210 (50.4) අරෝෂ සිතුමිණ 51, යසිරු ලක්ශාන් 46, පුල්ජිත් වත්සුක 24, ගිම්හාන් රසාංජන 38, විහඟ ඉඳුවර 24, සතිඳු ප්‍රබෝධ 3/86
- ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 107 (28.0) කවීන් දෙනෙත් 25, තරුෂ මිහිරංග 31, ගිම්හාන් රසාංජන 3/35
තරගයේ විසඳුමක් නෑ. (පළමු ඉනිමේ ජය රත්ගම දේවපතිරාජ විද්‍යාලයට)
- අවීශ, තිවංක, රජිත් සහ කවීන් ශතක සමාජයට එක් වෙයි
- දමේස් මොරටු කඩුලු 9ක් බිඳ දමයි
- දිමන්ත සහ ශාරද දක්ෂතා දක්වයි
- තරග ද්විත්වයක් විසඳුමක් නැතිව විසදෙයි
අද (6) ආරම්භ වූ තරගවල කෙටි ලකුණු පුවරු
කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය සහ කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය අතර තරගය සාන්ත බෙනඩික්ට් විද්‍යාලයීය පිටියේ දී. (Tier B)
කාසියේ වාසිය – සාන්ත ආනා විද්‍යාලය
- සාන්ත ආනා විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 278 (78.2) සනුක කෙම්සර 82, කුශාන් සුබසිංහ 58, ඉශාන් ඛාන් 20, බිනරු දෙනුවන් 34, ඩිහාන් මුණසිංහ 28, අයේශ් ගජනායක 2/51, මෙවන් දිසානායක 2/66, මානික්‍ය දේශප්‍රිය 2/77
- සාන්ත බෙනඩික්ට් විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 4ක් දැවී 44 (13.3) ටෙහාන් බීටර් 22, සනුජ නිඳුවර 3/20
කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය ලකුණු 234ක් පිටුපසින්.
මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය සහ මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය අතර තරගය මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයීය පිටියේ දී. (Tier A)
කාසියේ වාසිය – සාන්ත ජෝසප් විද්‍යාලය
- මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 169 (44.0) කවිත් ද සිල්වා 31, රමිත් බණ්ඩාර 53, හෂ්මික නෙත්ශාන් 24, අමීෂ ප්‍රනාන්දු 24, නුශාන් පෙරේරා 4/28, දිසිනු සමරසිංහ 2/39, අවීශ සාමාශ් 2/22
- සාන්ත ජෝසප් විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 5ක් දැවි 186 (47.0) සෙනුජ වැකුණුගොඩ 56, යෙනුල දන්තනාරායන 29, රිශ්ම අමරසිංහ නොදැවී 54, සවිඳු සත්සර 2/38, යෙශිත වනසිංහ 3/42
මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය ලකුණු 17ක් ඉදිරියෙන්.
කඳාන ද මැසිනෝද් සහ කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාලය අතර තරගය ද මැසිනෝද් විද්‍යාලයීය පිටියේ දී. (Tier B)
කාසියේ වාසිය – සාන්ත සෙබස්තියන් විද්‍යාලය
- ද මැසිනෝද් විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 286 (79.1) ශරිත් සුදීන 37, සිනෙත් ඉඳුවර 21, ශනෝන් සිල්වා 81, ප්‍රනීත් විතානගේ 53, බිනාල් මෙන්ඩිස් 27, අවිශ්ක සඳරුවන් නොදැවී 22, මශීෂ සිතුම් 5/86, අශේන් සත්සර 3/68
- සාන්ත සෙබස්තියන් විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 2ක් දැවී 38 (13.0) මහීෂ මිහිදුම් නොදැවී 24
කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාලය ලකුණු 248ක් පිටුපසින්.
කොළඹ වෙස්ලි විද්‍යාලය සහ කුරුණෑගල මලියදේව විද්‍යාලය අතර තරගය වෙස්ලි විද්‍යාලයීය පිටියේ දී. (Tier B)
කාසියේ වාසිය – මලියදේව විද්‍යාලය
- වෙස්ලි විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 228 (58.2) රශීඩ් නායන් 78, රශ්මික අමරරත්න 51, කවිඳු හෙට්ටිආරච්චි 77, තවීශ බාලසූරිය 4/36, සොනාල් අශ්වින් 3/38
- මලියදේව විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 5ක් දැවී 185 (36.0) රජිත් නවෝද්‍ය නොදැවී 59, දුශාන් සයුරංග 39, දිමත් අබේසිංහ නොදැවී 56, කවිඳු හෙට්ටිආරච්චි 3/35
මලියදේව විද්‍යාලය ලකුණු 43ක් පිටුපසින්.
මෙම තරග හෙට (7) 2 වැනි සහ අවසන් දිනයට ක්‍රියාත්මක වීමට නියමිතයි.
අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















