නෙතුජ දවසේ දක්ෂතම පන්දු යැවීම වාර්තා කරයි

U19 School Cricket 2026

96
U19 School Cricket 2026

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ ක්‍රියාත්මක දිනයේ දී ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ වමතින් පා දඟ පන්දු යවන නෙතුජ බාසිත පෙර දිනයේ දක්ෂතම පන්දු යවන්නා බවට පත් වුණා.

ඔහු කොළඹ වෙස්ලි විද්‍යාලය අතර තරගයේ දී ලකුණු 49කට කඩුලු 6ක් දවා ගනිමින් දක්ෂතා දක්වනවා.

ඔහුට අමතර ව රත්ගම දේවපතිරාජ විද්‍යාලයේ සඳරු මල්ශාන් (5/68), මාතර සාන්ත තෝමස් විද්‍යාලයේ විහඟ සංකලණ (5/84) සහ මොරටු විද්‍යාලයේ සංජන සෙනෙවිරත්න (5/52) පන්දු යවන්නන් ලෙසින් දක්ෂතා දැක් වූවා.

මේ අතර කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ ටෙහාන් බීටර් (89), කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලයේ කුශාන් සුබසිංහ (81) සහ දිනුග අබේසේකර (80) ඉහළ දක්ෂතා දැක් වූ පිතිකරුවන් බවට පත් වුණා.

ඔවුන්ට අමතර ව මාතර සාන්ත තෝමස් විද්‍යාලයේ කුමේෂ් නුවන්ජන (63), රත්ගම දේවපතිරාජ විද්‍යාලයේ ගිම්හාන් රසාංජන (60), ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලයේ සසිඳු මදුසර (නොදැවී 58),

පෙර දින (6) අවසන් වූ තරගවල කෙටි ලකුණු සටහන්

බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය සහ ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය අතර තරගය බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දි. (Traditional)

කාසියේ වාසිය – සාන්ත ඇලෝසියස් විද්‍යාලය

සාන්ත පීතර විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 194 (74.5) එනෝෂ් පීටර්සන් 75, සදීශ සිල්වා 27, චනුල් නෙත්මිණ 3/29, දුල්සත් නිම්විරු 4/29

 

සාන්ත ඇලෝසියස් විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 7ක් දැවී 147 (47.0) ගිම්හාන් හංසක 22, සසිඳු මදුසර නොදැවී 58, විනුද රවිශාන් 29, සදීශ සිල්වා 2/50, ශවිඳු සිල්වා 2/22

තරගයේ විසඳුමක් නෑ.

රත්ගම දේවපතිරාජ විද්‍යාලය සහ මාතර සාන්ත සර්වේශස් විද්‍යාලය අතර තරගය, වීරකැටිය, මන්දාදුව ක්‍රීඩාංගණයේ දී. (Tier B)

කාසියේ වාසිය – සාන්ත තෝමස් විද්‍යාලය

සාන්ත තෝමස් විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 193 (60.5) පුනාල් පමුදිත 20, තත්සර දෙව්මිත් 22, කුමේෂ් නුවන්ජන 63, දියත් සංජිත 2/18, දියත් සංජිත 2/18, සඳරු මල්ශාන් 5/68, පුල්ජිත් වත්සුක 2/27

 

දේවපතිරාජ විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 260 (75.1) ඔශේන් කල්හාර 31, අරෝෂ සතිමිණ 29, යසිරු ලක්ෂාන් 46, ගිම්හාන් රසාංජන 60, ලිනුවර සත්විඳු නොදැවී 21, විහඟ සංකලන 5/84, තත්සර දෙව්මිත් 3/52

 

සාන්ත තෝමස් විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 72 (14.2) අබ්දුල් මාජිඩ් 38

තරගයේ විසඳුමක් නෑ. (පළමු ඉනිමේ ජය දේවපතිරාජ විද්‍යාලයට.)

පළමු දිනයට (6) ආරම්භ වු තරග

කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය සහ මොරටු විද්‍යාලය අතර තරගය කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලයීය පිටියේ දි. Tier B

කාසියේ වාසිය – මොරටු විද්‍යාලය

සාන්ත බෙනඩික්ට් විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 270 (61.4) ටෙහාන් බීටර් 89, මෙවන් දිසානායක 51, විහඟ රත්නායක 28, සිතුම් හසරංග 35, යොහාන් එදිරිසිංහ නොදැවී 38, මෙනුක කොතලාවල 2/59, නිපුණ කරුණාරත්න 2/34, සංජන සෙනෙවිරත්න 5/52

 

මොරටු විද්‍යාලය – කඩුලු 2ක් දැවී 20 (12.0) විසල් සිරිවර්ධන නොදැවී 19

මොරටු විද්‍යාලය ලකුණු 250ක් පිටුපසින්.

කොළඹ වෙස්ලි විද්‍යාලය සහ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය අතර තරගය කොළඹ වෙස්ලි විද්‍යාලයිය පිටියේ දී. (Traditional)

කාසියේ වාසිය – වෙස්ලි විද්‍යාලය

වේල්ස් කුමාර විද්‍යාලය – කඩුලු 8ක දැවී 136 (40.0) රශ්මික අමරරත්න 34, ලිතුම් සෙනුජ නොදැවී 29, නෙතුජ බාසිත 6/49

 

රිච්මන්ඩ් විද්‍යාලය – කඩුලු 3ක් දැවී 81 (27.0) රිසිනු රූපසිංහ 40, ජීවහන් ශ්‍රීරාම් 2/20

රිච්මන්ඩ් විද්‍යාලය ලකුණු 55ක් පිටුපසින්.

කොළඹ රාජකීය විද්‍යාලය සහ මොරටුව වේල්ස් කුමාර විද්‍යාලය අතර තරගය කොළඹ රාජකීය විද්‍යාලයීය පිටියේ දී. (Traditional)

කාසියේ වාසිය – රාජකීය විද්‍යාලය

රාජකීය විද්‍යාලය – කඩුලු 2ක් දැවී 99 (27.1) උදන්ත ගන්ගෙවත්ත නොදැවී 42, විමත් දින්සර නොදැවී 37, ඔෂාන් ද සිල්වා 2/18

කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය සහ කඳාන ද මැසිනෝද් විද්‍යාලය අතර තරගය කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලයීය පිටියේ දී. (Traditional)

කාසියේ වාසිය – ද මැසිනෝද් විද්‍යාලය

සාන්ත ආනා විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 267 (67.0) දිනුග අබේසේකර 80, කුශාන් සුබසිංහ 81, ගිම්හාන මිකෙල් 34, අවිශ්ක සඳරුවන් 3/41, කවීන් නෙත්මිණ 2/57

 

ද මැසිනෝද් විද්‍යාලය – කඩුලු 3ක් දැවී 75 (23.0) ශරිත් සුදීන 45, පමුදිත ටෙහාන් 3/17

ද මැසිනෝද් විද්‍යාලය ලකුණු 292ක් පිටුපසින්.

මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය සහ කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය අතර තරගය මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලයීය පිටියේ දී. (Tier A)

කාසියේ වාසිය – ඩී. එස්. සේනානායක විද්‍යාලය

සාන්ත අන්තෝනි විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 3ක් දැවී 91 (36.0) සනුක කල්පන නොදැවී 39, රන්දිශ බණ්ඩාරනායක 3/19

මෙම තරග අද (7) 2 වැනි සහ අවසන් දිනයට ක්‍රියාත්මක වේ.

අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<