ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ අද (3) පැවැති තරගවල දී අවිශ සමාස්, තිවංක පබසර, රජිත් නවෝද්‍ය සහ කවීන් දෙනෙත් ශතක ලබා ගනිමින් දක්ෂතා දැක් වූ පිතිකරුවන් අතරට එක් වුණා.
එහි දී දිනයේ කැපි පෙණෙන පිතිකරු බවට පත් වුණේ මරදාන සාන්ත ජෝසප් විද්‍යාලයේ ආරම්භක පිතිකරු අවීශ සමාස්. ඔහු ගාල්ල මහින්ද විද්‍යාලය අතර තරගයේ දී පන්දු 159කට මුහුණ දෙමින් හතරේ පහර 26ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 175ක් ලබා ගත්තා.
ඊට අමතර ව ඔහු කණ්ඩායමේ අනෙක් ආරම්භක පිතිකරු යෙනුල දන්තනාරායන සමඟ එක් වෙමින් පළමු කඩුල්ලට ලකුණු 182ක සබඳතාවක් ද සහ සෙනුජ වැකුණුගොඩ හා එක් ව 2 වැනි කඩුල්ලට ලකුණු 130ක සබඳතාවක් ද ගොඩ නගනවා.
එහි දී යෙනුල දන්තනාරායන පන්දු 91කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 71ක් ද සහ සෙනුජ වැකුණුගොඩ පන්දු 73කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 72ක් ද ලබා ගත්තා.
ඊට අමතර ව කුරුණෑගල මලියදේව විද්‍යාලයේ තිවංක පබසර සහ රජිත් නවෝද්‍ය ද ශතක ලබා ගනිමින් කැපී පෙණෙන ක්‍රීඩකයන් බවට පත් වෙනවා.
ඔවුන් දෙදෙනා මහනුවර සාන්ත සිල්වෙස්තර විද්‍යාලයට එරෙහි ව මෙම දක්ෂතා සිදු කළ අතර එහි දී තිවංක පබසර පන්දු 173කට මුහුණ දෙමින් හතරේ පහර 25ක් සමඟින් ලකුණු 172ක් ලබා ගත් අතර රජිත් නවෝද්‍ය පන්දු 138කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සමඟින් ලකුණු 105ක් ලබා ගත්තා.
මේ අතර මාතර සාන්ත තෝමස් විද්‍යාලය සහ කැළණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය අතර පැවැති තරගයේ දී ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයේ ආරම්භක පිතිකරු කවීන් දෙනෙත් පන්දු 180කට මුහුණ දෙමින් හතරේ පහර 19ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 149ක් ලබා ගත්තා.
ඊට අමතර ව කොළඹ වෙස්ලි විද්‍යාලයේ සෙනුර ලක්ශාන් (60), කඳාන මැසිනෝද් විද්‍යාලයේ ශරිත් සුදීන (නොදැවී 59) සහ කැළණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයේ ඔමාල් විහඟ (65) අර්ධ ශතක ඉනිම් වාර්තා කළා.
පන්දු යැවීමේ දී කුරුණෑගල මලියදේව විද්‍යාලයේ තවීෂ බාලසූරිය (5/45) සහ සාන්ත සිල්වෙස්තර විද්‍යාලයේ කසුන් මදුරංග (5/110) පන්දු යවන්නන් ලෙසින් දක්ෂතා දැක් වූවා.
- කොෂික සහ සශිත් දක්ෂතා දක්වයි
- ජනිත්, අකේන් සහ අදේශ් දක්ෂතා දක්වයි
- සුලෝහිත සංග්‍රාමයට නෙතුල්ගෙන් ශතකයක්
අද (3) අවසන් වූ තරගයේ කෙටි ලකුණු පුවරුව
මාතර සාන්ත තෝමස් විද්‍යාලය සහ කැළණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය අතර තරගය මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ දී. (Tier B)
කාසියේ වාසිය – ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය
- සාන්ත තෝමස්විද්‍යාලය– පළමු ඉනිම කඩුලු 9ක් දැවී 344 (80.0) අබ්දුල් මාජීඩ් 64, සෙතුජ මන්දිනු 57, කුමේෂ් නුවන්ජන 92, මනුජ ගුරුගේ 26, අබ්දුල් රශීඩ් 36, සතිඳු ප්‍රබෝධ 4/114, කෝශිත ආදිත්‍ය 2/39
- ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 344 (79.5)කවීන් දෙනෙත් 149, තරුෂ මිහිරංග 33, සෙනුක් නිලේශ් 32, ඔමාල් විහඟ 65, විනිදල චින්දිල චනුත් 4/113, කුමේෂ් නුවන්ජන 3/39
- සාන්ත තෝමස් විද්‍යාලය– දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 135 (27.0)ෆරාස් අහමඩ් 31, තත්සර දෙව්මිත් 41, කුමේෂ් නුවන්ජන් නොදැවී 24, සතිඳු ප්‍රබෝධ 2/67
තරගයේ විසඳුමක් නෑ. (පළමු ඉනිමේ ලකුණු සමයි)
බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය සහ මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය අතර තරගය කටුනායක නිදහස් වෙළඳ කලාප ක්‍රීඩාංගණයේ දී. (Tier A)
කාසියේ වාසිය – සාන්ත අන්තෝනි විද්‍යාලය
- සාන්ත අන්තෝනිවිද්‍යාලය– පළමු ඉනිම කඩුලු 7ක් දැවී 409 (80.0) සනුක කල්පන 64, සිසල් හේමක 45, කවිඳු නවාංජන 36, ප්‍රවීන් ගමගේ 30, කෞෂික කුමාරසිංහ 168, සදෙව් අමරකෝන් 32, ජොශුවා සෙබස්තියන් 3/48, සදීශ සිල්වා 2/87, ජනිත් පණ්ඩිතරත්න 2/106
- සාන්ත පීතර විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 272 (77.4) දිනෙත් ද සිල්වා 47, අසදිස තේජාන් 40, ශවිඳු සිල්වා 27, ජොශුවා සෙබස්තියන් 33, එනෝෂ් පීටර්ශන් 23, ජනිත් පණ්ඩිතරත්න නොදැවී 23, සනිතු ගුණතිලක 4/51, සිසල් හේමක 2/20
- සාන්ත පීතර විද්‍යාලය – දෙවැනිඉනිම කඩුලු 3ක්දැවී 78 (20.0) අසදිස තේජාන් 31, රයන් ග්‍රෙගරි 3/22
තරගයේ විසඳුමක් නෑ. (පළමු ඉනිමේ ජය කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලයට)
මහනුවර සාන්ත සිල්වෙස්තර විද්‍යාලය සහ කුරුණෑගල මලියදේව විද්‍යාලය අතර තරගය මහනුවර ධර්මරාජ විද්‍යාලයීය ක්‍රීඩා පිටියේ දී. (Tier B)
කාසියේ වාසිය – සාන්ත සිල්වෙස්තර විද්‍යාලය
- සාන්තසිල්වෙස්තරවිද්‍යාලය – පළමු ඉනිම කඩුලු 10ක් දැවී 188 (69.5) විදුසර ගනේගොඩ 41, ප්‍රබාගරන් ඉශාන් 47, චන්දූප වඩුගේ 25, ඉශික ප්‍රමෝද් නොදැවී 32, දිමත් අබේසිංහ 4/62
- මලියදේවවිද්‍යාලය– පළමු ඉනිම කඩුල්ලක් දැවී 137 (25.0) තිවංක පබසර 172, රජිත් නවෝද්‍ය 105, චන්දූප අබේසිංහ 28, නිමේෂ සිල්වා 3/135, කසුන් මදුරංග 5/110
- සාන්ත සිල්වෙස්තර විද්‍යාලය– දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 125 (51.2)විදුසර ගනේගොඩ 26, පියුමක කරුණාරත්න 21, චන්දිමාල් විජේවර්ධන 26, නිර්වාන් රණසිංහ නොදැවී 28, දිමත් අබේසිංහ 4/48, තවීෂ බාලසූරිය 5/45
මලියදේව විද්‍යාලයට ඉනිමක සහ ලකුණු 60ක ජයක්.
අද (3) ආරම්භ වූ තරගවල කෙටි ලකුණු පුවරු
මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය සහ ගාල්ල මහින්ද විද්‍යාලය අතර තරගය මරදාන සාන්ත ජෝසප් විද්‍යාලයීය පිටියේ දී. (Tier A)
කාසියේ වාසිය – මහින්ද විද්‍යාලය
- සාන්ත ජෝසප් විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 5ක් දැවී 408 (63.3)යෙනුල දන්තනාරායන 71, අවීශ සමාශ් 175, සෙනුජ වැකුණුගොඩ 72, රිශ්ම අමරසිංහ 45, දිල්ප මදුරංග 25, මානිත රාජපක්ෂ 2/100
- මහින්ද විද්‍යාලය – පළමු ඉනිම කඩුල්ලක් දැවී 35 (13.0)රන්දුල මාබරණ නොදැවී 16
ගාල්ල මහින්ද විද්‍යාලය ලකුණු 373ක් පිටුපසින්.
කඳාන ද මැසිනෝද් විද්‍යාලය සහ කොළඹ වෙස්ලි විද්‍යාලය අතර තරගය කඳාන ද මැසිනොද් විද්‍යාලයීය පිටියේ දී. (Tier B)
කාසියේ වාසිය – වෙස්ලි විද්‍යාලය
- වෙස්ලි විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 284 (79.3)ශම්මා ප්‍රනාන්දු 34, අද්‍යාන් සියන් 33, සෙනුර ලක්ශාන් 60, කවිඳු හෙට්ටිආරච්චි 35, මෙත්නුල මායාදුන්න 41, දිනුජ සමරරත්න 22, බිපුන් අල්විස් 3/60, අවිශ්ක සඳරුවන් 2/31
- ද මැසිනෝද් විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 2ක් දැවී 77 (13.0)ශරිත් සුදීන නොදැවී 59
ද මැසිනෝද් විද්‍යාලය ලකුණු 207ක් පිටුපසින්.
අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.






















