ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් අද (01) අවසන් වූ අතර එහි දී ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය පළමු ඉනිමේ ජයග්‍රහණයක් ලබා ගත්තා.
කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලයීය පිටියේ දී නිමා වූ මෙම තරගයේ අද දිනයේ දී සාන්ත ආනා විද්‍යාලයේ යශ්මින් ජයසුන්දර (59) සහ සනුජ දිසානායක (54) අර්ධ ශතක ලබා ගැනීමට සමත් වූවා.
- SSC කණ්ඩායමට තවත් ජයක්
- පළමු T20 ගැටුමෙන් ශ්‍රී ලංකාවට පරාජය උරුම වෙයි!
- පවන් තනි වෙයි; එංගලන්තය තරගාවලිය ජය ගනියි!
- සවි සහ සෙත්රූ දක්ෂතා දක්වයි
- නේක්ෂ ඉද්දමල්ගොඩත් ද්විත්ව ශතක සමාජයට
කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය සහ මාතර සාන්ත තෝමස් විද්‍යාලය අතර තරගය කුරුණෑගල, සාන්ත ආනා විද්‍යාලයීය පිටියේ දී. (Tier B)
කාසියේ වාසිය – සාන්ත තෝමස් විද්‍යාලය
- සාන්ත තෝමස් විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 342 (75.2) අබ්දුල් මජීඩ් 20, මුනාල් පමුදිත 105, චමිඳු ගිම්හාන් 24, තත්සර දෙව්මිත් 47, අබ්දුල් රශීඩ් 25, මනුග ගුරුගේ 56, කුමේෂ් නුවන්ජන 28, යශ්මින් ජයසුන්දර 4/110, ඉශාන් ඛාන් 2/37
- සාන්ත ආනා විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 7ක් දැවී 252 (80.0) කුශාන් සුබසිංහ 22, යශ්මින් ජයසුන්දර 59, සනුජ දිසානායක 54, ඉමන්ජිත් බතික නොදැවී 47, ඩිහාන් මුණසිංහ නොදැවී 35, දිනුර පවන්ජි 4/70
- සාන්ත තෝමස් විද්‍යාලය – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 106 (28.5) ඉශාන් ඛාන් 3/26, යශ්මින් ජයසුන්දර 4/51, නෙසාද් වීරසේකර 3/29
- සාන්ත ආනා විද්‍යාලය – දෙවැනි ඉනිම කිසිවෙක් නොදැවී 7 (1.0)
තරගයේ විසඳුමක් නෑ. (සාන්ත තෝමස් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.)
අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





















