ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන වයස අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි විස්සයි Youth League ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් ජයග්‍රහණය වාර්තා කිරීමට Dambulla U 19 Girls කණ්ඩායම (21) සමත් වුණා.
රත්මලාන Nationalised Services ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පෙරවරුවේ පැවැති මෙම තරගයේ දී ඔවුන් වෙතින් පරාජයට පත් වූයේ Galle U 19 Girls කණ්ඩායමයි. අනතුරු ව එම ක්‍රීඩාංගණයේ දී ම පස්වරුවේ පැවැති Kandy U 19 Girls සහ Colombo U 19 Girls අතර තරගය වර්ෂාව හේතුවෙන් අතරමඟ දී අතහැර දැමුණා.
- නුවනිඳුගෙන් නැවතත් ශතකයක්
- කොදෙව්වන්ට එරෙහි 14.3 මෙහෙයුම
- Youth පිටියේ පෑයු තරු
- දකුණු අප්‍රිකානුවන් දශක ගණනක සිහිනය සැබෑ කර ගනී!
- ක්‍රිකට් නීති රැසක් වෙනස් කිරීමට ICC සූදානම් වෙයි!
නිමා වූ තරගවල කෙටි ලකුණු පුවරු
Galle U 19 Girls සහ Dambulla U 19 Girls අතර තරගය
- Galle U 19 Girls – සියලුම දෙනා දැවී 82 (15.1) සෙත්මි නේහාරා 19, හිරුණි හංසිකා 21, නෙත්මි උපේක්ෂා 3/15, චලනි කවීෂා 2/20, දනුලි තෙන්නකෝන් 2/10
- Dambulla U 19 Girls – කඩුලු 4ක් දැවී 71 (13.1) නෙත්මි උපේක්ෂා 17, ශයනි තෙන්නකෝන් 20, චමෝද් හේරත් 2/06
Dambulla U 19 Girls කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත කඩුලු 6ක ජයක්.
Kandy U 19 Girls සහ Colombo U 19 Girls අතර තරගය
- Kandy U 19 Girls – කඩුලු 5ක් දැවී 47 (12.3) චංචලා බෝලවත්ත 10, ප්‍රමුධි මෙත්සරා නොදැවී 18, විනුදි වීරසූරිය 1/05
තරගයේ විසඳුමක් නෑ.
මෙම තරගාවලියේ තවත් තරග ද්විත්වයක් අද (22) මග්ගොන Surrey ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්විමට නියමිතයි.
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<