අගනුවර ක්‍රීඩකයෝ අවසන් මහා තරගයට

U 17 Sri Lanka Youth League 2025

166
U 17 Sri Lanka Youth League 2025

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන වයස අවුරුදු 17න් පහළ Sri Lanka Youth League එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට Colombo North කණ්ඩායම සහ Colombo South කණ්ඩායම සමත් වෙනවා.

අද (27) පැවැති අවසන් පූර්ව තරගවල දී  Kandy U 17s කණ්ඩායමට එරෙහි ව ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 71ක ජයග්‍රහණයක් ලබා ගත් Colombo North U 17s කණ්ඩායම එක් අන්තකයකින් අවසන් මහා තරගය සඳහා එක් වෙද්දී, විසඳුමකින් තොරව අවසන් වූ Galle U 17s කණ්ඩායම සහ Colombo South U 17s කණ්ඩායම අතර පළමු වටයේ වැඩි ප්‍රසාද ලකුණු ලබා ගත් Colombo South U 17s කණ්ඩායම අනෙක් අන්තයෙන් අවසන් මහා තරගය සුදුසුකම් ලබා ගත්තා.

මීට පෙර නිමා වූ වයස අවුරුදු 19න් පහළ Sri Lanka Youth League එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය පැවැත්වුණේ ද Colombo North සහ Colombo South කණ්ඩායම් ද්විත්වයයි.

Kandy U 17s කණ්ඩායම සහ Colombo North U 17s කණ්ඩායම අතර තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය ජයග්‍රහණය කළ Colombo North U 17s ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට දීමට පිටියට පිවිසෙමින් කඩුලු 8ක් දැවී ලකුණු 274ක් ලබා ගන්නා අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි Kandy U 17s  කණ්ඩායමේ ඉනිම පන්දුවාර 30කට සීමා වුණා. ඒ වර්ෂාව හේතුවෙනුයි. ඒ වෙද්දී ඔවුන්ගේ ඉනිම කඩුලු 6ක් දැවී ලකුණු 124ක් ව තිබූ අතර එම ලකුණු ප්‍රමාණය ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ගණනය කිරීමේ දී ප්‍රතිවාදී Colombo North U 17s කණ්ඩායමට ලකුණු 71ක ජයග්‍රහණයක් හිමි වුණා.

Kandy U 17s  කණ්ඩායම

 

දිනුල් විජේසිංහ (නායක සහ කඩුලු රකින්නා), මනුත් මින්දිය, චනුල් කොඩිතුවක්කු, යෙනුල හේවාවිතාරණ, ප්‍රවීන් ගමගේ, පියුමක කරුණාරත්න, දිල්මිත් විමෝෂ්, ජයෝද්‍ය කඩිගමුව, කෙනුල පිහිලියංග සහ සංජන සචින්ද්‍ර.

Colombo North U 17s කණ්ඩායම

 

ලිතුම් සෙනුජ (නායක), කෞෂික තිලකරත්න, කවිත් ද සිල්වා, සෙන්තුල් විජේරත්න, මිහින් සොයිසා, ශවීන් පෙරේරා, සනුල් වීරරත්න, දුමීන් ලියනාරච්චි (කඩුලු රකින්නා), ලහිරු ලක්මාල්, මිනුග නෙත්සර සහ සවිඳු සත්සර.

පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Colombo North U 17s කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වූයේ ආරම්භක පිතිකරු කෞෂික තිලකරත්න. ඔහු පන්දු 65කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 52ක් දවා ගත්තා.

ඊට අමතර නායක ලිතුම් සෙනුජ පන්දු 30කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 49, ශවීන්  පෙරේරා පන්දු 49කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 43ක් ද සහ සනුල් වීරරත්න පන්දු 47කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 40ක් ද ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී කෙනුල පිහිලියංග ලකුණු 37කට කඩුලු 3ක් දවා ගත් අතර සනිතු ගුණතිලක, ජයෝද්‍ය කඩිගමුව සහ චනුල් කොඩිතුවක්කු කඩුල්ල බැගින් දවා ගත්තා.

පිළිතුරු Kandy U 17s කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වූයේ ප්‍රවීන් ගමගේ ඔහු පන්දු 48කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 30ක් ලබා ගත්තා. ඊට අමතර ව ආරම්භක පිතිකරු මනිත් මින්දිය පන්දු 41කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 24ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී ලහිරු ලක්මාල් ලකුණු 17කට කඩුලු 2ක් දවා ගන්නා ලද අතර ඊට අමතර ව සවිඳු සත්සර, මිනුග නෙත්සර සහ ලිතුම් සෙනුජ කඩුල්ල බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව  

  • Colombo North U 17s කණ්ඩායම– සියලුම කඩුලු 8ක් දැවී 274(50.0) කොෂික තිලකරත්න 52, ශවීන් පෙරේරා 43, සනුල් වීරරත්න 40, දුමීන් ලියනාරච්චි 21, ලිතුම් සෙනුජ නොදැවී 49, කෙනුල පිහිලියංග 3/37
  • Kandy U 17sකණ්ඩායම – කඩුලු 6ක් දැවී 124 (30.0)මනුත් මින්දිය 24, ප්‍රවීන් ගමගේ 30, ලහිරු ලක්මාල් 2/17

Colombo North U 17s කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 71ක ජයක්.

Galle U 17s කණ්ඩායම සහ Colombo South U 17s කණ්ඩායම අතර තරගය කරන්දෙණිය ජෙනරල් බලගල්ල ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය ජයග්‍රහණය කළ Galle U 17s කණ්ඩායමේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Colombo South U 17s කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 252ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමේ දී වාර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට Galle U 17s ක්‍රීඩකයෝ ලබා සිටියේ පන්දුවාර 6.1ක දී කඩුල්ලක් දැවී ලකුණු 59ක් පමණයි.

Colombo South කණ්ඩායම

 

රෙහාන් පීරිස් (නායක), හිරුන් මනීශ, සීමන් අනුහස්, රුසඳු සිල්වා, හිමරු දේශාන්, තෙවිඳු වේවැල්වල, ස්ටීවන් පීරිස් (කඩුල රකින්නා), මතීෂ අපෝන්සු, ගිම්හාන් මෙන්ඩිස්, සෙහඳු සූරියආරච්චි සහ ඔෂඳ මනහර.

Galle U 17s කණ්ඩායම

 

අරෝෂ් සිතුමිණ (නායක), පුල්ජිත් වත්සුක, සෙහන් ආශිංස, ලතින්ද්‍ර ආකාශ්, රුමේන් පීරිස්, කවික මදුසංක, යසිරු ලක්ශාන් (කඩුලු රකින්නා), ප්‍රවීන් මදුසංක, සඳරු මල්ශාන්, රවීන් සචින්ත සහ මානිත රාජපක්ෂ.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් Colombo South U 17s ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ හිමරු දේශාන්. ඔහු පන්දු 76කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 66ක් ලබා ගත්තා.

ඊට අමතර ව ඔහු ස්ටීවන් පීරිස් සමග 6 වැනි කඩුල්ලට එක් වෙමින් පන්දු 79ක දී නොදැවුණ ලකුණු 79ක සබඳතාවක් ද එක් කළා. Colombo South U 17s ඉනිම අවසන් වන විට ස්ටීවන් පීරිස් පන්දු 41කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 46ක් ලබා සිටියා.

ඊට අමතර ව ආරම්භක පිතිකරු හිරුන් මතීෂ පන්දු 88කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 51ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී ලතීන්ද්‍ර ආකාශ් ලකුණු 41කට කඩුලු 2ක් දවා ගත් අතර ඊට අමතර ව මානිත රාජපක්ෂ සහ රවීන් සචින්ත කඩුල්ල බැගින් දවා ගත්තා.

දිවා විවේකයෙන් පසුව තරගය වර්ෂාව හේතුවෙන් ආරම්භ වෙන්නේ පන්දුවාර 40ක තරගයක් ලෙසයි. ඒ අනුව Galle U 17s කණ්ඩායමේ ඉලක්කය ලකුණු 229ක් බමට පත් වුණා.

එම ඉලක්කය හඹා යෑමේ දී ඔවුන් වේගවත් ආරම්භයක් ලබා ගත්තා. පුල්ජිත් වත්සුක සහ අරෝෂ් සිතුමිණ එක් ව පළමු කඩුල්ලට පන්දු 30ක දී ලකුණු 48ක සබඳතාවක් එක් කරනවා. එහි දී නායක අරෝෂ් සිතුමිණ පන්දු 17කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 26ක් ලබා සිටිය දී දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳී යනවා.

අනතුරු ව පුල්ජිත් වත්සුක හා සමඟ පිටියට එක් වෙන්නේ සෙහස් ආශිංස. ඔවුන්ට පිටියේ රැඳී සිටින්නට හැකි වෙන්නේ පන්දු 7ක් පමණක් වන අතර නැවත ඇද හැලුණ වර්ෂාව තරගය සම්පූර්ණයෙන් නවතා දැමීමට තරම් දරුණු වූවා.

ඒ වෙද්දී පුල්ජිත් වත්සුක පන්දු 17කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 25ක් ද සහ සෙහස් අශිංස පන්දු 3කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 3ක් ලබා සිටියා.

ඉනිමේ දැවී ගිය එක ම කඩුල්ලේ හිමිකාරීත්වය ගිම්හාන් මෙන්ඩිස් සතු වුණා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • Colombo South U 17s කණ්ඩායම– කඩුලු 5ක් දැවී 252 (50.0) හිරුන් මතීෂ 51, රුසඳු සිල්වා 22, හිමරු දේශාන් නොදැවී 66, ස්ටීවන් පීරිස් නොදැවී 46,  ලතීන්ද්‍ර ආකාශ් 2/41
  • Galle U 17s කණ්ඩායම – කඩුල්ලක් දැවී 58 (6.1) පුල්ජිත් වත්සුක නොදැවී 25, අරෝෂ් සිතුමිණ 26

Colombo North කණ්ඩායමට කඩුලු 3ක ජයක්.

Colombo North U 17s කණ්ඩායම සහ Colombo South U 17s කණ්ඩායම අතර පැවැත්වෙන අවසන් මහා තරගය මේ මස 29 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

වයස අවුරුදු 17න් පහළ Sri Lanka Youth League ක්‍රිකට් තරගාවලියේ සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<